IMG-LOGO

‘ඒඑස්පීගේ ඇපේ කොස්සක්’

ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නගේ එක් ඇපකරුවෙක් අධිකරණයේ සේවය කරන නිලධාරිනියකගේ සැමියා බැවින් නඩු ගොනුවේ සුරක්‍ෂිතතාව සම්බන්‍ධයෙන් අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝගයක් කරන්නැයි නිතීඥ විජිත ජී පුංචිහේවා මහතා අද (08) ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටියේ ය.

ඇඹිලිපිටිය නව නගරයේ පැවති දැරියක වැඩිවිය පැමිණීමේ සාදයකට පොලීසිය පැමිණ ඇතිවු ගැටුමකින් පසු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ (29) මරණය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය පැවති අවස්ථාවේ මරුණකරුගේ පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින්  නීතීඥ විජිත ජී. පුංචිහේවා මහතා මෙම ඉල්ලීම කළේ ය.

ඇප ලැබීමෙන් පසු සහකාර පොලිස් අධිකාරීවරයා නඩුවට පැමිණි මුල්ම දිනය අද (08) විය. පොලිස් ජීප් රථයකට සමාන ජිප් රථයකින් පැමිණි සැකකරුට එම වාහනයෙන්ම අධිකරණ භූමියට යන්නට අධිකරණයේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් අවසර ලබා දී තිබුණි.

මෙදින අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවන ලද අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රහස් පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරියා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉදිරි විමර්ශන සදහා උපදෙස්  පතා විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව පැවසුවේ ය. ඉදිරියේ විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් තවමත් උපදෙස් ලැබී නැති බව ද රහස් පොලිසිය පැවසුවේ ය.

මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විජිත ජී. පුංචිහේවා මහතා කරුණු දක්වමින් සැකකරුගේ එක් ඇපකරුවෙකු අධිකරණයේ සේවය කරන නිලධාරිනියකගේ සැමියා බව මරණකරුගේ ඥාතීන් තමන්ට දන්වා සිට බව පැවසුවේ ය.

සැකකරුගේ නීතීඥ කල්ප පෙරේරා:

‘‘අධිකරණයේ සේවය කරන නිලධාරිනියකගේ සැමියාට අධිකරණයේ ඇප තැබීමට නීතියෙන් බාධාවක් නෑ. ඒ නිලධාරිනියට නඩු ගොනුවේ වෙනසක් කරන්න බෑ. ඕනෑ නම් අපි ඇපකාරයා වෙනස් කරලා වෙන ඇපයක් තියන්නම්.’’

නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා: ‘‘ඒ තිබ්බත් එච්චරයි’’

අතිරේක මහේස්ත‍්‍රාත්වරයා: ‘‘ලිපිගොනුව සේප්පුවේ තියලා තියෙන්නේ. එහි ආරක්ෂාව ගැන ගැටලූවක් නෑ. එහි වෙනස්කමක් සිදුකරන්න කිසිවෙකුට බෑ. නඩු ගොනුවට කිසිදු ගැටලූවක් නොවන බවට අධිකරණය සහතික වෙනවා.’’

නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා:

‘‘මා කියන්නේ නෑ එහෙම වෙයි කියලා. නඩු ගොනුවේ වෙනසක් ඇති වෙයි කියලා අගතියකට පත් පාර්ශවය මේ පිළිබඳව මට දැනුම් දුන්නා.’’

සැකකරුගේ නීතීඥ සුමනා හේවාගම මිය:

‘‘නිලධාරිනියක් ඉන්නවා ඒක ඇත්ත. බොරුවක් නෙවෙයි.’’

මේ අවස්ථාවේ විවෘත අධිකරණය ඇමතූ අතිරේක විනිසුරුවරයා මෙම නිලධාරිනියට නඩු ගොනුව පරිහරණයට ඉඩ නොදෙන ලෙස ලේඛකාධිකාරිණයට දැනුම් දෙන බව පවසා වැඩිදුර විභාගය අගොස්තු 24 දිනට කල් තැබීය.

සැකකරු වෙනුවෙන් නීතීඥ කල්ප පෙරේරා මහතා සමඟ නීතීඥ සුමනා හේවාගම මහත්මිය පෙනී සිටියාය. මරණකරුගේ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිතීඥ විජිත ජී. පුංචිහේවා මහතා පෙනි සිටියේ ය.



අදහස් (0)

‘ඒඑස්පීගේ ඇපේ කොස්සක්’

ජයම්පති Wednesday, 08 June 2016 09:13 AM

නඩුව ගංගොඩවිල උසාවියට මාරු කරන්න, ඇප පස්සෙත් තියන්න පුළුවන්. (ම)

:       0       0

කරුණාරත්න ගම්පොල. Thursday, 09 June 2016 05:52 AM

අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදුවීම ශෝචනීය තත්ත්වයක්. ඊට ප්‍රධාන හේතුව නඩුත් හාමුදුරුවන්ගේ සහ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයට ඇදවැටීමයි. ඊට වහාම පිළියම් යෙදිය යුතුයි. (නි)

:       0       0

සමන් Wednesday, 08 June 2016 11:16 AM

අන්න හරි. ඇප ලබන අවුරුද්දේ හරි තියන්න බැරියෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 84 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site