මේ මිෂෙල් හර්ෆ්ට්ස් ගැන අපි මීට පෙර කතා කළේ ”කර්ම” චිත‍්‍රපටය නිසයි. එහි ප‍්‍රධාන චරිතයක් රඟපෑ ඇය, සිනමා උළෙලවලදී හොඳම නිළියට හිමි සම්මානය සඳහාත් නිර්දේශ වුණා. ඒ ඇයගේ පළමු සිනමා රංගනයයි. ඉනික්බිතිව ඇය රඟපෑවේ තිරගත වූ කේසෙරා චිත‍්‍රපටයේයි. එහි රඟපෑම වෙනුවෙන් ඇය දක්ෂතම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ඒ පසුගියදා පැවැත් වූ දෙරණ සිව්වැනි සිනමා සම්මාන ප‍්‍රදානයේදීය.
මේ මිෂෙල් එලෙසින් සිනමා ක්‍ෂේත‍්‍රයේදී කර්ම සහ කේසෙරා නිසා කතා බහට ලක් වූ ශිල්පිණියක වුව ද, ඊට පෙර ඇය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, මෙරට ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ සිටින දක්ෂතම රංගන ශිල්පිණියක වූ නිසයි. නමුත් ඇය වෘත්තියෙන් ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ඉංගී‍්‍රසි භාෂාව උගන්වන ගුරුවරියකි.
”මම ඉගෙන ගත්තෙ කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. පාසල් සමයේදී වේදිකා නාට්‍ය හා වේදිකාවේ වෙනත් ප‍්‍රසංග සඳහා දායකත්වය ලබා දුන්නා. මගේ අම්මා සහ තාත්තා මාව ඉංග‍්‍රීසි කථනය හා නාට්‍ය විෂයයට යොමු කරන විට මගේ වයස අවුරුදු 4ක් විතර වුණා. එවකට එම විෂයය සඳහා ප‍්‍රකටව සිටි අයිරීනී වනිගරත්න මහත්මිය යටතේ තමයි එදා ඉගෙන ගත්තේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සරසවි අධ්‍යාපනයට යොමු වුණා. එහිදී ප‍්‍රංශ සහ ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රගුණ කළා. මනෝ විද්‍යාව අනෙක් විෂයය ලෙස ඉගෙන ගත්තා. එයින් පසුව නැවතත් ඉංග‍්‍රීසි වේදිකාවේ නාට්‍ය සඳහා එක් වුණා. අවුරුද්දකට නාට්‍ය හතරක විතර රඟපෑවා. හාස්‍ය රැගත් නිර්මාණයේ සිට සංකීර්ණ කතා පුවත් රැගත් නිර්මාණවලටත් දායකත්වය ලබා දුන්නා.
- එතකොට දැන්වීම්වලට පෙනී සිටියේ?
ඒ නාට්‍ය රඟපාන අතරේ රූපවාහිනී දැන්වීම් සඳහාත් ආරාධනා ලැබුණා. බේබි ෂෙරමි, ඩයලොග්, පීසා හට්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, අඹේවෙල, ජෝන්ස් ටී ඇතුළු දැන්වීම්වලට පෙනී සිටියා.
- ඒ අතරින් ඔබ වඩා කැමති දැන්වීම?
බේබි ෂෙරමි දැන්වීමට පුද්ගලිකව කැමතියි. ඒ විදියට සිටියදී තමයි ප‍්‍රසන්න ජයකොඩිගෙ ”කර්ම” චිත‍්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබුණෙ. එයා නිර්මාණය කළ දැන්වීමකට පෙනී සිටි නිසා තමයි ඒ අවස්ථාව ලැබුණෙ.
- කර්මවලින් පසු ඔබ රඟපාන්නෙ නැහැ කිව්වා නේද?
රඟපෑමට සමු දුන්නේ නැහැ. මට රඟපෑ හැකි පරාසයක සිට රඟපෑමේ චරිත සහ ගුරු වෘත්තියට බාධා නොවන අයුරින් මගේ සීමාවට යා යුතු වුණා. ඒ අතරේදි තමයි පරාක‍්‍රම ජයසිංහගේ කේසෙරා සඳහා ආරාධනා ලැබුණේ. කොහොම වුණත් පූර්ණ කාලීනව මම ගුරුවරියක්. මේ චිත‍්‍රපට දෙක එකකට එකක් වෙනස්. මේ විදියට චරිත ලැබුණත් මගේ දරු දෙදෙනා වගේම පාසලේ මගෙන් උගෙන ගන්නා ළමයින්ට ඉටු විය යුතු වගකීම නිසා මේ රංගනය කෙරෙහි සියයට - සීයක්ම කැපවෙන්න මට අමාරුයි. ලොකු පුතාට අවුරුදු 8යි. දෙවැනියාට අවුරුදු 2යි. පාසලේ ළමුන් තීරණාත්මක විභාගයට මුහුණ දෙන්නේ. උසස් පෙළ සාහිත්‍ය විෂයය ඉගැන්වීම සඳහාත් උපරිමයෙන් කැපවෙන්න ඕනෑ. ඒකයි මට නිතරම රංගනය ගැන හිතන්න බැරි.
- කොහොම වුණත් විචාරකයින් කියන්නේ ඔබ අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ඨ දක්ෂතා ඇති ශිල්පිණියක් කියලයි. සැමියා ඒ ගැන කොහොම ද හිතන්නේ?
මට මේ සම්මානය ලැබුණා නම්? ඒ පිටුපස සිටි ධෛර්ය සහ ගෞරවය මගේ සැමියායි. ඒ ගෞරවය එයාට හිමි විය යුතුයි. කේසෙරා රඟපාද්දි උදේම මාව ලොකේෂන් එකට රැගෙන ගොස් හවස රූගත කිරීම් නිම වූ පසු රැුගෙන එනවා. ඒ නිසා සියලූ දේ සාර්ථක වුණා.
- නමුත් ”කේසෙරා” රඟපෑම උදෙසා ඔබ සම්මානය ලබද්දී වඩා ලැජ්ජාශීලිව සිටියේ? ඇයි ඒ?
ඒක ඇත්තමට මට පුදුම සහගත අවස්ථාවක් වුණා. සාමාන්‍ය ජීවිතයේදී මම හරි ලැජ්ජාශීලියි. වේදිකාව මතට ගිහින් සම්මානය ලබාගෙන නැවත ආ මොහොත මට සිහිනයක් වගෙයි. සැමියා ඒ සතුට බෙදා ගන්න මා එක්ක සිටියා. එදා අපේ තාත්තාගේ උපන්දිනයයි. තාත්තා ගෙදර සිට මේ උළෙල දෙරණින් නරඹා තිබුණා. එයා එයාගේ උපන්දිනයට ලැබුණු ලොකුම තෑග්ග මගේ සම්මානය කියලා ප‍්‍රකාශ කළා. මගේ පාසලේ දරුවන් වගේම හිතවත් බොහෝ දෙනා නරඹා තිබුණා. මට ඒ මොහොත දැනටත් සදාදරණීයයි.
- කවුද ඒ වෙලාවෙ ඔබට සුබ පැතූ ප‍්‍රවීණ ශිල්පිණියන්? ශිල්පීන්?
බොහෝ දෙනෙක් හිටියා. දමිත් ෆොන්සේකා, රන්ජන් රාමනායක, ජගත් මනුවර්ණ, සුලෝචනා, දිල්හානි මේ ඔක්කොමලා මට සුබ පැතුවා.
- මේ සමඟ ඔබට ලැබී ඇති ජාත්‍යන්තර අවස්ථා මග හරිනවාද?
මුලින්ම මට බලන්න ඕන මගේ පවුලේ පවතින තත්ත්වය ගැනයි, මුලින් කිව්වා වගේ මගේ වෘත්තිය ඉගැන්වීමයි. රඟපෑමේ අංශය මගේ ලැදිකමයි. රංගනය එක අතකට ගවේෂණයක් වගෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ බොහොම සුන්දරයි වගේම හොඳ අදහස් ඔබ තුළ තිබෙනවා. සුබ අනාගතයක්! (නි)
ඔබටත් දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, ස්වර්ණ මල්ලව ආරච්චි වගේ උසස් තලයකට යාමට ලැබේවා කියා පතනවා (නි)
අධ්‍යාපනයෙන් පරිනත, මනා විනයක් ඇති, ගැහැනියකට ලස්සනත් ලැබුණාම මොන තරම් සුන්දරද? එවැන්නෙකුගේ පියකරු බව ලොව දසත විසිරෙනවා හිරු එළිය මෙන්. අපේ රටේ ඇඟ පමණක් පෙන්නා එක තැන පල් වෙන මෝඩ නවක නිලියන් මිශේල්ව ආදර්ශයට ගත යුතුය.(ම)
ඔබට සුභ අනාගතයක් (ම)
ඔබ ඉන්න ඕනෑම චිත්‍රපටයක් අපි නරඹනවා.(හේ)
අධ්‍යාපනය හා විනය මගින් අනික් බොහෝ දේ ඔපමට්ටම් වෙනවා. ඊට හොඳම උදාහරණය තමයි මේ නිළිය. රඟපෑම කියන්නේ ඇඟ පෙන්නීම කියල හිතන නිළියන්ට හොඳ ආදර්ශයක්. (රේ)
මෙන්න නියම නිළියෝ. මේක්අප් තට්ටු නැහැ, ඇඟ පෙනෙන ඇඳුම් නැහැ, බොරු හිනා නැහැ. උගත්කම තමයි ඒකෙන් පෙනෙන්නේ. ඔබට සාර්ථක වෘත්තීය ජීවිතයකට සහ රංගන ජීවිතයකට සුබ පැතුම්! (නි)
හරිම සුන්දර නිළියක් (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
සුබ පැතුම් ඔබට! (නි)
ඔබට මගේ ආචාරය! ඔබ සුන්දරයි. ඔබ දක්ෂයි. ඔය විදියටම ඉස්සරහට යන්න. ඔබට ජය! (නි)
ඔබට සුභ අනාගතයක්! (නි)
මිෂෙල්, ඔබ වගේ අය තමා අපේ රටට අද අවශ්‍යවෙලා තියෙන්නේ. ඔබගේ අදහස් වලින්ම ඔබ ගැන හිතාගත හැකියි. ඔබට ජය! (නි)
බලන්න කොච්චර චාම් ද ? තමන් අසවල් හින්දි නිළිය වගේ කියමින් සිනි බෝල රඟපෑම් වල යෙදෙන සමහරුන්ට මේ වගේ උගත් කාන්තාවන්ගේ අහලකින් යන්න පුලුවන්ද ? (බ)
ඔබට සුබ පැතුම්! (නි)
හීනයක්ම තමයි.(හේ)
මේ කියා තිබෙන දේවල් කියෙව්වහම මට අපේ ප්‍රවීණ සහ ආදරණීය රංගන ශිල්පිනියක් වන අනුලා කරුණාතිලකව මතක් වුණා. දෙදෙනාගේ පෙනුම, පවුල් පසුබිම්, ඇඳුම් පැළඳුම් වෙනස්. නමුත් මිෂෙල් තමන්ගේ සැමියා දරුවන් අනෙකුත් හැසිරීම් සහ වගකීම් ගැන කියා තිබෙන දේවල් අනුලාගේ සමහර කියමන් සහ හැසිරීම් වලට ඉතා සමානයි. අනුලා අදත් අපිට ආදරණීයයි. මිෂෙල්, ඔබත් ඒ වගේ වෙන්න. මෙතන අදහස් දාපු ගොඩක් කට්ටිය සමඟ මම එකඟයි. ඔබත් තවත් 'හොල්මන් නිළියක්' වෙන්න එපා. (නි)
ඔබ හරිම සුන්දර කාන්තාවක්. සුබ පැතුම්. (ස)
අද සිටින බොහෝ නවක නිලියන් (රංගන ශිල්පීන් නොවේ) කරන කියන දේවල් ඇහුවම ඔවුන්ගේ ඔලුව තුල මොලයක් තිබෙනවාද යන්න සැක සහිතය. එවන් රන්චුවක් අතර මිෂෙල් මිනි පහනකි. ඔබගේ අදහස බොහෝ වගකීම් සහිතය. ඔබවැන්නන් තව තවත් බිහිවේවා.(හේ)
සිත් ඇදගන්නා කාන්තා රුපයක් (බ)
වචනයේ පරිසමාර්ථ අර්ථෙයන්ම ඔබ නියම රංගන ශිල්පිනියක්. ඔබ වැනි අය මේ රටට තව තවත් බිහිවේවා (නි)
චාම් සරල නිළියක් (නි)
දක්ෂකම, උගත්කම, රූපය සහ හැදියාව සමඟ ඔබට ඉදිරියටම යන්න ධෛර්ය හා වාසනාව පතනවා. පත්තරවල ඉන්න තමන්ගෙ ඇග පෙන්නගෙන ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියල හිතන අයට ඉතා හොද ආදර්ශයක් ඔබ. අධ්‍යාපනය හා විනය සමඟ සිටින මිනිසා කොතරම් සුන්දරද? (ම)