උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුනට පහරදීම වත්මන් රජය පසුගිය රජය හා සමාන බවට පෙන්වීමට උත්සාහයක් දැයි සැකයක් මතුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රාජපක්‍ෂ රෙජිමය සහ සිරිසේන - වික‍්‍රමසිංහ පාලනය අතර කිසිම වෙනසක් නොමැති බවට පෙන්වමින් එම ප්‍රහාරයෙන් පසුගිය මිලේච්ඡ යුගය සාධාරණීය කරන්නට උත්සාහ ගැනීමක් බව පෙන්නුම් කරන්නේ යැයි මංගල සමරවීර මහතා කියයි.
‘ශිෂ්ටසම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. එම උද්ඝෝෂකයින් එම අවස්ථාවේදී ප‍්‍රචණ්ඩත්වයට හා කළහකාරී ලෙස හැසිරීමට යොමු වුවත් ඒවා මැඩ පැවැත්වීමේ පිළිගත් ක‍්‍රමවේදයන් තිබේ. නමුත් පුවත්පත්වල සහ සමාජ වෙබ් අඩවිවල ඇති ඡායාරූප අනුව පොලිසිය මෙම උද්ඝෝෂණය පාලනය කිරීමට හා ඔවුන් විසුරුවා හැරීමට කි‍්‍රයා කර ඇත්තේ ඉතාමත් සාහසික අන්දමින් බව මනාව පැහැදිලි වේ.‘
මෙවැනි සාහසික කි‍්‍රයාමාර්ග කිසිසේත්ම මෛතී‍්‍රපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ යුගයට නොගැලපෙන බව අප පුන පුනා කිව යුතු නොවන බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕනෑ ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න (නි)
ආණ්ඩුව මාරුවුණාට පොලිසිය මාරුවුණේ නැහැනේ (බ)
කිසිම යුගයකට ගැලපෙන්නේ නැති ප්‍රහාර මේවා. ඔබතුමාලත් මෙය ප්‍රහාරයක්සේ පිළිගන්නවානම් තව මොන කතාද? (බ)
ඇන්ටන්, එතකොට පොලිසිය ගිය ආණ්ඩුව කියන දේවල්ද තාම කරන්නේ? (නි)
එක්කෙනෙක් හරි මේ දේ මෙහෙම පැවසූ එක අපිට සතුටට කරුණක්. (නි)
ඇත්ත තමයි. ඇන්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ කීම හරියටම හරි. (නි)
බොහොම හොඳයි මහත්තයෝ. ඔහොම යමුකෝ (නි)
අපි කවුරුත් ඔය කාගෙ කාගේත් වැඩ පසුගිය කාලේ දැක්කා (නි)
රජ කාලේ පොලිස් මහත්වරු. ඔහොම යන්. (ස)
ආණ්ඩු මාරු වුණාට ආයතන වල වැඩ කරන මිනිස්සු මාරු වුණේ නැහැ. මේවා පිරිසිඳු වෙලා නියම යහෙපාලනය එන්න තව කල් යනවා. නියමාකාර යහපාලනයක් ගෙන එන්න බැරි තරමටම ලංකාව දුෂණය වෙලා. (අ)
ඒ කතාව හරි.(හේ)
අලුත් එක්කක් නෙමි ඉල්ලනේ, ඉස්සර තිබ්බ පිළිගැනිම රැකගැනීමට. මේක රජයේ ලංඡනය සහිත හොඳම සහතිකයක් අපේ කාලේ. (ර)
මොහාන් මහත්තයෝ, ඔහෙලා වගේ අයට මේ ආණ්ඩුව මොන වරද කළත් තාමත් ගිය ආණ්ඩුවේ මොකක්හරි අල්ලාගෙන ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් නේද ලැජ්ජා නැතුව? (නි)
ඉතින් ඇයි වහාම මේ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? (නි)
දැන් ඉන්න ජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)
අපේ රටේ දේශපාලනය ගැන ඇතිවන්නේ ඉතා කළකිරීමකි. ඔවුන් කියන දෑ නොකරන මිනිසුන් පිරිසකි. නුගත්කම සහ මෝඩකම සමඟ බලය එක් වූ විට ඕනෑම දෙයක් සිදුවිය හැකිය. (නි)
මොකද කියන්නේ මංගල සර්, කුරුඳු පොලුවලින් ගැහුවොත් විතරද ගැලපෙන්නේ. (ම)
රාජපක්ෂ කාලේ ඔහොම කොල්ලෝ කෙල්ලන්ට පොලිසියෙන් ගැහුව බවක් මට නම් මතක නැහැ (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ඔබ කවදත් කෙලින් කතා කළ කෙනෙක් හරි දේට හරි කියන්නත් වැරැද්දට වැරදි කියන්නත් පසුබට නුන කෙනෙක් ඔබෙත් අඩුපාඩු තිබුනා. නමුත් ඔබ අනෙක් අයට වැඩිය නීතිගරුක බව අපි දන්නවා. (බ)
යහපාලන ආණ්ඩුවක් රටේ පිහිට වූ ජනතාව යහපාලනය රටේ ස්ථාපිත කරනතෙක් බලාසිටී. ඔබට ලැබුණු බලය ඒ සඳහා යොදන්න. ජනතාව රටේ දියුණුව වෙනුවෙන් රට මෙහෙයවිය යුතුය. (නි)
අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
මේ දේවල් මේ වගේ වෙන බව අපි කලින් පුන පුනා කිවුවා. (නි)
ගැළපීම නොගැළපීම කෙසේවෙතත් දැන් එය සිදුව අවසන්නේ (නි)
අපි බලාපොරොත්තු උනේ යහ පාලනය. ඒත් දැන් කියෙන්නේ යස පාලනය. (ස)
ඉතින් මහත්තයෝ ඔහේගේ ප්‍රකාශේ ගැන අපි පුදුම වෙන්නේ නෑ, මොකද ගිය ආණ්ඩුවේ ඉඳන් හැමදේටම අත උස්සල දැන් වෙන කථා කියන අය තමයි ලොකු පුටුවල ඉන්නෙත්. (ස)
ජනවාරි අට වෙනිදා පෙරලුවේ දූෂිත ගස පමණි. එහි උඩට පෙනෙන්නට තිබු කොටසට වඩා මුදුන් මුල සහ පරිවාර මුල් විශාල බව දැන් පෙනෙනවා.අසාධාරණයෙන් හම්බ කල මුදල් මෙම මුල ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් යෙදවෙනවා.රටේ නිලධාරි පැලැන්තිය එක මුදුන් මුල දේවත්වයෙන් ආරක්ෂා කරනවා. ඒ නිසා පරිපාලනය හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. (ස)
දැන් එතකොට මොකක්ද ඔබතුමා අපිට කියන්නේ? දැන් බලනකොට මේ ප්‍රශ්නයේත් අවසානයක් නැහැ වගෙයි (නි)