ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයය ඉදිරිපිට අද (26) පැවති විරෝධතාව නිසා වාර විභාගය කරන සිසුනට බාධා වීයැයි ලංකා ගුරු සංගමය පැවසීය.
දෙවැනි වාර විභාගයේ තොරතුරු තාක්ෂණය සහ ගෘහාර්ථික විද්‍යාව විෂයන් සිකුරාදා පැවැති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර පවා භාවිත කරමින් උද්ඝෝෂකයන් කෑ ගැසූ බවත්, ඒ නිසා විභාගය ලියන සිසුනට බාධා සිදු වුණ බවත්, ඔවුන් විභාගය ලියා අවසන් කර ගේට්ටුව අසලට පැමිණියත් උද්ඝෝෂකයන් ගේට්ටුව වසාගෙන සිටීම නිසා 1.30 වන තෙක් සිසුනට පිටවිය යාමට නොහැකි වූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
රජයේ උසස් නිලධාරියකුගේ බිරියක් පවා මේ විද්‍යාලයයේ ගුරුවරියක ලෙස සේවය කරන බවත්, ඇය ඇතුළු ඇතැම් ගුරුවරුන් පාසලට එද්දී වාහන පරීක්ෂා කරන බවත්, දහවල් 1.30 වන තුරු ගේට්ටුව වසාගෙන සිටි නිසා ඒ ඇතුළත කාලයේ ගුරුවරුනට එළියට ඒමට නොහැකි වූ බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
නිසි පත් වීම් ලැබී එන විදුහල්පතිවරුන්ට බාධා කිරීම් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී දුටු බවත්, යාපනේ වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයය සහ බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයය ඊට උදාහරණ බවත්, බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයයේ නව විදුහල්පතිට සාධාරණය ඉෂ්ඨ කර ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට පවා සිදුවූ බවත්, නව විදුහල්පතිට රාජකාරි බාර ගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මැදිහත් විය යුතු බවත් ඒ මහතා කීවේය.
පාසලේ අභ්‍යන්තර පරිපාලනයට ඇඟිලි ගැසීමට ආදි සිසුන්ටවත්, පාසල් සංවර්ධන සමිතියටවත් නොහැකි බව ද හේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල විද්‍යාලෝකයේ තිබුණු විරෝධතාවය සාදාරන එකක් බව දැන් එහි තත්ත්වය දකින ඕනෑම කෙනෙක් පිළි ගන්නවා. දැන් විද්‍යාලෝකය ගන්න දෙයක් නැහැ. විනාශායි. රත්ගම දෙවපතිරාජයට දමල තියෙන්නේ විද්‍යාලෝකය කාපු එක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. එය අලුතෙන් එන ළමයින්ට ඩෙස් පුටු ගන්න කියල මේ දිනවල 4500 ගානේ එකතු කරනවා. එයා යන එක විද්‍යාලෝකයට නම් හොදයි. නමුත් දැන් එයාවත් දෙවපතිරාජයට එපා කියල උද්ඝෝෂණයක්. ස්ටර්ලින් මහතාණෙනි මෙයාට දෙවපතිරජයට යන්න අවස්තාව සලසලා දෙන්න.(අ)
අනේ මන්දා මෙතන මොනවා වෙනද කියලා. හුඟක් විදුහල් පතිවරු මාටියා ගහන්නෙ ඉස්කෝලෙ ඉන්න සල්ලි කාර ලමයින්ගෙ අම්මලා තාත්තලා අල්ලගෙන. අපේ ඉස්කොලත් ඔහොම උනා අම්මලා කිවිවෙ ඉස්කෝලෙ හදනවා කියලා . ඒ දවස් වල ලොකු ගානක් එකතු කරා. අන්තිමට වැඩේ මාට්ටුවෙලා මෙයාව මාරු කරා. මෙන්න අර සල්ලිකාර සෙට් එක වැඩේට බැස්සා මෙයාව තියාගන්න . බැනර් අරං ඉස්කෝලෙ ඉස්සරහා පිකටි එකක් පටන් ගත්තා. ලමයි ඇතුලට දාලා ගේට්ටුවත් වහලා. හැබැයි අම්මලට වඩා ලමයින්ට මොලේ තිබුණ නිසා ලමයි කලුතෙල් කලින්ම ගෙනත් තිබුනා. පිකටි එක නැගලා යන වෙලාවේ පරන ටින් වලට පුරවපු කලුතෙල් පිකට් එක පැත්තට පියෑඹුවා. තාප්පෙ නිසා ගැහුවෙ කවිද හොයන්න බැරි උනා. ළමයින්ම අම්මලගෙ පිකටි එකට විරුද්ධ උන නිසා වැඩේ ක්ලොස්. පස්සෙ හොරා ගියා වෙන කෙනෙක් ආවා. මේකෙම ඉගෙන ගත්ත හොඳ මනුස්සයෙක්. අම්මලා බැන බැන හිටියා වාහනයක් වත් නෑ ලමයි එක්ක බස් එකේ එන්නෙ මොකෙක්ද මේ කියලා. ඒත් කිසි අවුලක් නෑ . දිස්ත්‍රික්කෙ හොඳම ප්‍රතිපලත් අපේ ඉස්කෝලෙට ලැබුනා. ඒත් අම්මලා තාමත් බනිනවා මේකා ඉන්න විදිහ ඉස්කෝලෙට බාල්දුවක් කියලා. අනේ මන්දා මට තේරෙන්නෑ මගෙන් ඉස්කෝලෙ අහන්න එපා ඕක සිරා සීන් එකක් . මොනා උනත් අකුරක් හරි ඉගෙන ගත්ත තැන නේ නම නම් කියන්න බෑ තරහා වෙන්න එපා.. මේපැත්තෙ අයනම් දන්නවා... පොඩ්ඩක් විපරම් කරොත් හොයා ගන්න බැරිවෙන එකක් නෑ.(නදී)
මේ ගෑනුන්ට ගෙවල් වල වැඩ නැද්ද අම්මප. ළමයි ඉස්කෝලෙට දල ඉස්කෝලේ අරෙන කම් යාළුවොත් එක්ක ෂොපින් යන හය් ෆය් අම්මලට මිසක් මෙතන මේ විදියට තක් ගැහෙන්න වෙන ගෑනුන්ට පුලුවන්ද..දෙන්න කදුළු ගෑස් පාරක් ඔය මේකප් දිය වෙවී දුවන්න.(අ)
අශාන් මහත්තයෝ..මේ විදුහල්පති වරදක් කරලා තියෙනවා කියල එව ගැන හොයන්න පරීක්ෂණ වෙනවා..එවයෙ ප්‍රතිපල ලැබෙනකම් මෙයා ගැන ඔයාලා සහතික දෙන්නේ කොහොමද? ඕන තරම් සුදු රෙදි පොරවාගෙන බෝදිසත්වයෝ වගේ ඉන්න දුස්චරිත අපි අතරේ ඉන්නවා..මෙයා එහෙම කෙනෙක් නොවෙනවා නම් එක නීතියෙන් ඔප්පු වෙනකම් ඉවසල ඉන්න ඕන..දරුවන්ට දෙමව්පියෝ මේ දෙන ආදර්ශය හරිද? මොකද මෙයාවම ඕන.. මේ ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉදල හිටියේ මේ ඉස්කෝලේ ඔය තත්වෙට ගෙනාවේ ඔය විදුහල්පති විතරමද? ඊලග විදුහල්පති මෙයාට වඩා හොද කෙනෙක් වෙන්න බැරිද? ..පාසලේ පරිපාලනේ දෙමව්පියන්ටවත් ආදී සිසුන්ටවත් අයිති දෙයක් නෙමෙයි. (ස)
බන්දුල මහත්තයෝ,ආරංචි විදියට අලුතින් පත් කරලා තියෙන විදුහල්පති වැඩ තහනම් කරපු කෙනෙක් කියල, ටිකක් මේ ගැනත් හොයන්න (අ)
වැඩ තහනම් කරපු විදුහල්පති කොහොමද මේ විද්‍යාලයේ රාජකාරි කරන්නේ මේකට ඉක්මන් විසදුමක් හොයනවා මිසක් සති ගණනාවක්,ශිෂ්‍යන්ටත්,මහජනයාටත්,හිරිහැර වෙන විදිහට හැසිරීම නොකළ යුතු දෙයක්,වහාම අධ්‍යාපන ඉහල බලදරින් හමුවී නිත්‍යානුකුල පියවරක් ගතහැකියි නේද? (අ)
බන්දුල මහත්තයෝ, ඔයාලට මේ කැප කිරීම කරන්න බැරි වුනාට මේ ඉන්න අයට දොස් කියන්න එපා. මේ අය මෙතන ඉන්නේ තමන්ගේ ගෙවල් වල බොහෝ වැඩ රාජකාරි මග ඇරගෙන. නැත් නම් වෙන අයට දීලා අවුරුදු ගණනක් තම දරුවාගේ ප්‍රබෝධයක් නොදැක මේ විදුහල්පතිගෙන් ඒ දේ ඉටු වුන නිසා අපේ රටේ සමහර උගත් වැදගත් කියල එයාලම කියාගන්න කොටසක් ඉන්නවා එයාල සමහර ප්‍රතිපල නෙලා ගන්නේ මේ කට්ට කාල ඉල්ල්ලීම් දිනාගන්න කොටසෙන්. එයාලට කියන නම පුලුවන්නම් කව්රුහරි කියන්න. මේ ඉන්න සියලුම දෙනාට මගේ ප්‍රණාමය. (නි)
අනේ අපේ අධ්‍යාපනයට ගිය කලක්. (ස)
ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට බාදා නොවී කරන දෙයක්. පස්සේ මේ දෙමව්පියන් මයි විභාගේ අසාර්ථක වුනාම ළමයින්ට බනින්නේ. (ස)
ශබ්ධ විකාශන යන්ත්‍ර ඉවක් බවක් නැතුව රට පුරාම භාවිතයෙන් සිදුවන හිරිහැර එමටයි. ඉස්සර මිනිස්සු රූපවාහිනිය, කැසට් රෙකෝඩරය අධික ශබ්ධයෙන් දාගෙන පුරාජේරුව පෙන්නුවත් දැන් ඒ වඳුරු ගති බොහෝදුරට මගහැරිලා. ඒකටත් එක්ක ආගමික ස්ථාන වලින් නැගෙන ශබ්ධ උදේම පටන්ගන්නවා. ආයේ හවසටත් ඒ විදිහමයි. අනවශ්‍ය ලෙස වාහන පාරේ හෝන් ගහන තරමටම අනවශ්‍ය ලෙස ශබ්ධ වාහිනී යොදා ගැනීමෙන් මේ රටේ ශබ්ධ දුෂණය ඉහවහා ගිහින්. මේ තත්වය මැඩපැවැත්වීමට වහා කටයුතු කළ යුතුයි. (නි)
සමහර නගර වල උත්සව කාලවලදී,ශබ්ද වාහිනී වලින් උසස්පෙළ සාමාන්‍යපෙළ තියෙන දිනවලදීත් පවා ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රචාරණය කරගෙන යනවා ,ළමයින් ගෙන කිසිම තැකීමක් නොකර. (නි)