හොරොව්පතානේ පාසල් දැරියගේ දෙපා රත් කළ යකඩයකින් පිළිස්සී යැයි කියන ගුරු උපදේශක වරයා තම හිතවතියක් සමඟ තමන් මුණ ගැසීමට කාර්යාලයට පැමිණි බව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා එසැණ කළ විමසීමකදී පැවසීය.
මේ උපදේශකවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන්නෙකි.
මෙම සිද්ධිය සිදු වී මාස කිහිපයක් ගත වී තිබෙන බවත් එවකට එම දැරියගේ පාදයේ සුළු තුවාල තිබු බවත් දැන් එය වැඩි වී ඇත් බවත් විජේගුණවර්ධන මහතා කීවේය.
ඒ රංජනී කුමාරී පිළිස්සු බව කියන ගුරු උපදේශක ධර්මසිරි ජයලත් නැමැත්තා නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු වී කරුණු පහදා දී හොරොව්පතාන පොලිසියට භාර වු බව කියා සිටියේය.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
‘ඔය කියන උපදේශකවරයා හැංගිලා හිටියේ පස්සේ මා හමු වෙන්න ආවා. එයා ප්‍රතිකාරවලට ප්‍රසිද්ධ අයෙක් මම කිව්වා වහාම පොලීසිය භාර වෙන්න කියලා . අපි අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයෙන් ඇප දුන්නා .
එතකොට කකුලේ තුවාල තිබිලා නැහැ. යම් තාක් පිළිස්සුම් පාරවල් විතරයි තිබිලා තියෙන්නේ.දැන් මාස දෙකක් වෙනවා මේ කෙනා අතුරුදන් වෙලා හිටියා . අපි සෙව්වා එයා මට ඇවිත් කිව්වා මීට පෙර ඉදලා ඒ පවුලේ අයට ප්‍රතිකාර කළ අයෙක් කියලා.මම කිව්වා ගිහින් පොලීසියට භාර වෙන්න කියලා.
මේ ගැන අපිට වාර්තා වුණේ අනුරාධපුර රෝහල් පොලීසියෙන් මේ කතාව වෙන කවුරුත් කිව්වේ නැහැ.මගේ විශ්ව විද්‍යාල සමයේ මිතුරියක් ඉන්නවා පත්මා කියලා .එයාගේ මාර්ගයෙන් තමයි ගුරුවරයා මා ළඟට ආවේ.මට කාර්යාලයට ආ කෙනකු එළවා දමන්න බැහැනේ ‘
(දැඩි සංවේදී අයට මේ වීඩීයෝව නැරැඹිම සුදුසු නැත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරපතල වැරැද්දක් උසස් නිලධාරියෙක් කර තිබෙනවා. මේ ගැන තීරණයක් ගන්න වෙයි ගරු පොලිස්පති තුමාට.(නදී)
ලොකු මිනිස්සු පොඩි මිනිස්සු කියලා භේදයක් නැහැ පොලිසියට කවුරුත් එකයි (දී)
පොලිසියෙන් සැකපිට හොයනකොට පොලිසියට හෝ පෙරකදෝරු මහතයකු මාර්ගයෙන් අධිකරණයට භාර වෙන්නේ නැතුව කවුද නියෝජ්‍ය පොලිස්පති හම්බවෙන්න යන්නේ ? නියෝජ්‍ය පොලිස්පතිට කරන්න තිබුණේ අදාල පොලිසියට කතාකර මේ සැකකරු අවශ්‍ය නම් වහාම අත්අඩංගුවට ගෙන අදාල පොලිස්ථානයට හෝ අධිකරණයට භාර දිමයි, මෙහිදී පොලිසිය පක්ෂග්‍රහිව කටයුතු කර ඇතිබව හොඳින් පෙනී යනවා . (දිල්)
දැන් ඕකත් පුලුවන් නම් කතෝලික සභාව පිටින් අරින්ට බලයි.(නදී)
ඉතා කනගාටුදායක සිදුවීමක් ඇරදිකරුවන්න්ට දැඩි දඩුවම් දිය යුතුයි (අ)
මේ විත්තිකරු ඇප ලබා ගත්තේ කෙසේදැයි ලංකාවේ ම අය පුදුම උනා. (අ)
දැන් වැරදි කාරයා ඒ අහිංසක ළමයාද (දී)
ඔය කියන ළමයව දකින්නෙත් නැතිව කොහොමද කියන්නේ ඒ දවස්වල තිබුණේ සුළු තුවාල කියල අනේ අපේ රටේ ලොකු තනතුරු දරන අයගේ බුද්දියේ තරම (අ)
මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාසය.(අ)
මෙහෙමත් පොලිස් නිළධාරීන් සිටින රටක් .අනේ අනිච්චං (අ)
පොලිස්පති තුමා මේ ගැන තීරණයක් ගත යුතුය. (නදී)
ලංකාවේ ඉපදීම ගැන දැන් කණගාටු වෙනවා. ලෝකයේ අසරණයන්ට නීතියක් නැතිම රට මේ ලංකාව. මේ දුවට ඉක්මන් සුවය පතමි.(අ)
මේ වාගේ ගුරුවරයෙක් පාසලක තබා ගැනීමත් අනතුරු දායකයි.ළමයින්ටත් මෝඩ විශ්වාස උගන්වාවි. වහාම පාසලෙන් පන්නා දමා නිසි දඩුවමි ලබාදිය යුතුයි.(අ)
පොලිසිය මේ පුද්ගලයාව ආරක්ෂා කරන බවක් පේනවා. මේ අසරණ දුප්පතුන්ට සාධාරණය ඉටු වෙන්නේ නැහැ. බාල වයස්කාරියක් මෙහෙකාර කමට ගැනීම වරදක්.අනුරාධපුර පොලිසිය වගකීමෙන් යුතුව මේ අහිංසකයින්ට පිහිට විය යුතයි.(අ)
මේ දියණිය ඉක්මනින් සුවපත් වේවා (අ)
මෙතන අපක්ෂපාත බවක් පෙනෙන්නේ නැහැ. මිටි තැනින් තමයි ජලය බහින්නේ. පරීක්ෂන කරන්න වෙන පොලිස් කණ්ඩායමක් දැම්මොත් හොඳයි.(නදී)
මම වෛද්‍යවරයෙක්. මේ තුවාල දැක්කම හිතා ගන්නත් බැහැ. හොඳටම ආසාදනය වෙලා. මේ ළමය තාමත් ගෙදරද ඉන්නේ? වහාම ඉස්පිරිතාලෙක හදිසිඅනතුරු ඒකකයකට ඇතුලත් කල යුතුයි. නෙත්නම් කකුල් දෙක බේරගන්න බෙරිවෙයි. මම වැඩ කරන්නේ සංවර්දිත රටක. අපේ ලංකා වේ වෙන මේ වගේ දේවල් දැක්කහම හරි දුකක් දැනෙනවා. (නදී)
මෙයාව බේරන්න ගිහින් කටුනායකදී හොඳ පොලිස් නිලධාරීන් දෙන්නෙක් බන්ධනාගාර ගතවුනා. ඒ නිසා මට මෙතුමා ගැන කිසි විශ්වාසයක් නැහැ.(නදී)
නියෝජ්‍ය පොලිස්පති තුමා, නීතිය ඉෂ්ට කරන්න. ඔය වගේ බාල තුච්ච වැඩ කරන මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න එපා. අපි බලාගෙන ඉන්නේ ? (නදී)
මේ දරුවාට ඉක්මන් සුවය පතනවා.(නදී)
මේ ගුරුවරයාට මේ ආත්මයේදීම මේ පාප කර්මය පඩිසන් දෙනවා. අසරණ දුවට ඉක්මන් සුවය පතනවා. පවු මොන තරම් වේදනාවක් ඇද්ද? (නදී)
කරුණාකර එක්මනින් බෙහෙත් කරලා දරුවාව සුවකර ගන්න බලන්න ඒ අමම්ගේ මුහුණේ තියෙන අයදුම. (අ)
කරුණාකර මෙම දරුවා කොළඹ මහා රෝහලේ පිළිස්සීම් අංශයට ඇතුලත් කරවන්න.ඇය වෙනුවෙන් අරමුදලක් වෙන් කර මේ ළමයා සුවපත් කරවමු. මෙම දරුවාට අපි අපිවත් පුළු පුළුවන් අයුරින් පිහිට වෙමු.පොලිස්පති තුමාට මේ ගැන ක්‍රියා කිරීමට බැරි මොකද ?(අ)
මෙවැනි මිත්‍යා විශ්වාසවල අවසාන ප්‍රතිපල මෙවැනි අවාසනාවන්ත සිදුවීමය.පිරිසිදු බුදුදහම විශ්වාසකරන බෞද්දයන් මෙවැනි ගෞත්‍රික ඇදහිලිවලට විරුද්ද වියයුතුය. (අ)
පොලිස් නිළධාරියා ගැන කණගාටු වෙමි නිතිය මින් ඉදිරියට වත් හරියට ක්‍රියාකත්මක කරන්න (අ)
"ගුරු උපදේශක" වෘතීය ගරුත්වය සාහසිකව කෙලෙසා ඇත. සහෝදරිය ඔබට ඉක්මන් සුවය හදවතින්ම ප්‍රර්ථනා කරමි...!!! ලංකාදීපයට ස්තුති කරමි. (අ)
නැගණිය ඔබට ඉක්මන් සුවය ලැබේවා.(අ)
රවී විජේගුනවර්දන මහත්තයට අපේ තිබුණේ ලොකු ගෞරවයක්. අනේ අපොයි ලංකාවේ පොලිසියට ගිය කලක්. දණ්ඩ නීති සංග්‍රහයේ කෙනෙකුට පහරදීමේදී ඇතිවන සුළු තුවාල වලට සහ ලොකු තුවාල වලට තියෙන දඬුවම් ගැන මම නම් දන්නේ නැහැ. මේ මිනිහ පොලිසියට බරවෙන්නේ නැතිව හැංගිලා හිටපු එකට පොලිසියෙන් නඩු නැහැ. (අ)
අපි පුලුවන් දෙයක් මේ ළමයා ගැන හිතලා කරමු නේද? (නදී)
මේ වගේ දරුණු මිනිසුන්ට එකවර දඩුවම් දීය යුතුය., ඇප දීම ලැජ්ජාවක්.(නදී)
අනේ පව් දුක හිතෙනවා.(නදී)
බාල වයස්කාර දැරියන් මෙහෙකාරකමට තබා ගැනීමත් වරදක්. ඇයි පොලිසිය ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නැත්තේ (අ)
තිරිසන් වෙලා මගේ මව් රට දුකයි..(අ)
අශෝක් මහත්තයෝ ඔය හරියටම හරි. ,නඩුයි බඩුයි දෙකම හාමුඳුරුවන්ගේනේ.(නදී)