IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒ තුලින් මට ආත්මතෘප්තියක් ලැබෙනවා

20160322Nadee1ඇය යෞවන සම්මාන උළෙලේ හා රාජ්‍ය නාට්‍ය උලෙළේදි කිහිපවරක්ම හොඳම නිළිය, හොඳම සහය නිළිය හා ජූරියේ විශේෂ සම්මාන හිමිකර ගැනීමට සමත්කම් දැක්වූ ඇය, මේ වනවිට "සිරිවර්ධන පවුල", "සිහින හොරු අරන්", ආපහු හැරෙන්න බැහැ, සුදු සහ කළු, යන නිර්මාණවලින් දැකගත හැකිය. එමෙන්ම මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන "දුටු නොදුටු මල" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට පැමිණෙන්නීය. ඇය නදීශානි පේලිආරච්චිය.

"මම වේදිකා නාට්‍යවලින් ක්‍ෂේත්‍රයට පැමිණි කෙනෙක්. මේ වනවිට වැඩිපුරම කටයුතු කරන්නෙත් වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ. මම මුලින්ම කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයේ වසර හයක් පාඨමාලාවක් හැදැරුවා. පසුව ජාතික තරුණ සේවා සභාව තුළත් මම ඩිප්ලෝමාවක් හැදෑරුවා. පසුව කෞශල්‍යා ප්‍රනාන්දුගේ කලායතනයට සම්බන්ධ වුණා. නාමල් ජයසිංහ ප්‍රසන්න මහගමගේ විසින් සිදුකරන වැඩමුළුවලටත් දායක වෙන්න මට හැකියාව ලැබුණා. මේ වනවිට රජිත දිසානායකගේ ෆීඩම් තියටර් සමග මේවන විට වැඩ කරමින් ඉන්නවා. වේදිකා නාට්‍ය අංශයෙන් මට ගුණාත්මක නිර්මාණවලට ඒ හැදෑරීමත් එක්ක දායක වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය කාලයේ ගුවන් විදුලි නාට්‍ය දෙකකට දායක වෙන්න ලැබුණා. මම හිතනවා මේ ගමනට එයත් හේතුවක් වුණා කියලා. එයත් වෙනමම මාධ්‍යයක්. එහි නිෂ්පාදනයෙන් පසන් කීර්තිනන්ද මතක් කළ යුතුයි. ඒ තුළත් මම ගොඩක් අත්දැකීම් ලැබුවා. මෙවැනි තත්ත්වයක් තුළ ඒ හැදෑරීම් එක්ක මට දායක වෙන්න ලැබුණු වේදිකා නාට්‍ය නිර්මාණ ගැන නම් සතුටුයි. හැදෑරීමකින් හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා කියලා මම හිතනවා." 

නිදුක් මධුෂික



අදහස් (0)

ඒ තුලින් මට ආත්මතෘප්තියක් ලැබෙනවා

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 03:04 AM

නදීශානි පේළිආරච්චි නැමැති රංගන ශිල්පිනිය ඉතා හොඳින් තමන්ගේ රංගන පරාසය දැනහැඳින රඟපානවා. ඇය වයසට වඩා පරිණත රංගනයක් ඉදිරිපත් කරනවා. ඇයට පැහැබර අනාගතයක් ඇතැයි ඇගේ රංගන පරාසය දුටුවිට හැඟීයනවා. ඇයට දීප්තිමත් හෙට දිනකට මෙසේ සුබ පැතුම් එක් කරන්න කැමතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site