ඇය යෞවන සම්මාන උළෙලේ හා රාජ්‍ය නාට්‍ය උලෙළේදි කිහිපවරක්ම හොඳම නිළිය, හොඳම සහය නිළිය හා ජූරියේ විශේෂ සම්මාන හිමිකර ගැනීමට සමත්කම් දැක්වූ ඇය, මේ වනවිට "සිරිවර්ධන පවුල", "සිහින හොරු අරන්", ආපහු හැරෙන්න බැහැ, සුදු සහ කළු, යන නිර්මාණවලින් දැකගත හැකිය. එමෙන්ම මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන "දුටු නොදුටු මල" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට පැමිණෙන්නීය. ඇය නදීශානි පේලිආරච්චිය.
"මම වේදිකා නාට්‍යවලින් ක්‍ෂේත්‍රයට පැමිණි කෙනෙක්. මේ වනවිට වැඩිපුරම කටයුතු කරන්නෙත් වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ. මම මුලින්ම කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයේ වසර හයක් පාඨමාලාවක් හැදැරුවා. පසුව ජාතික තරුණ සේවා සභාව තුළත් මම ඩිප්ලෝමාවක් හැදෑරුවා. පසුව කෞශල්‍යා ප්‍රනාන්දුගේ කලායතනයට සම්බන්ධ වුණා. නාමල් ජයසිංහ ප්‍රසන්න මහගමගේ විසින් සිදුකරන වැඩමුළුවලටත් දායක වෙන්න මට හැකියාව ලැබුණා. මේ වනවිට රජිත දිසානායකගේ ෆීඩම් තියටර් සමග මේවන විට වැඩ කරමින් ඉන්නවා. වේදිකා නාට්‍ය අංශයෙන් මට ගුණාත්මක නිර්මාණවලට ඒ හැදෑරීමත් එක්ක දායක වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය කාලයේ ගුවන් විදුලි නාට්‍ය දෙකකට දායක වෙන්න ලැබුණා. මම හිතනවා මේ ගමනට එයත් හේතුවක් වුණා කියලා. එයත් වෙනමම මාධ්‍යයක්. එහි නිෂ්පාදනයෙන් පසන් කීර්තිනන්ද මතක් කළ යුතුයි. ඒ තුළත් මම ගොඩක් අත්දැකීම් ලැබුවා. මෙවැනි තත්ත්වයක් තුළ ඒ හැදෑරීම් එක්ක මට දායක වෙන්න ලැබුණු වේදිකා නාට්‍ය නිර්මාණ ගැන නම් සතුටුයි. හැදෑරීමකින් හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා කියලා මම හිතනවා."
නිදුක් මධුෂික
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදීශානි පේළිආරච්චි නැමැති රංගන ශිල්පිනිය ඉතා හොඳින් තමන්ගේ රංගන පරාසය දැනහැඳින රඟපානවා. ඇය වයසට වඩා පරිණත රංගනයක් ඉදිරිපත් කරනවා. ඇයට පැහැබර අනාගතයක් ඇතැයි ඇගේ රංගන පරාසය දුටුවිට හැඟීයනවා. ඇයට දීප්තිමත් හෙට දිනකට මෙසේ සුබ පැතුම් එක් කරන්න කැමතියි. (නි)