
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් වසම් 18ක ඒ ටි එම් කුටි අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුලාකර ඔවුන් සතුව තිබෙන ඒ ටි එම් කාඩ්පත් සූක්ෂම ලෙස සොරාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි
එම සැකකරුවන් දෙදෙනා සමඟ වංචාව සඳහා යොදාගත් ඒ ටි එම් කාඩ්පත් 13 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 20 කට අධික ප්‍රමාණයක් මෙන්ම යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත
එම කාඩ්පත් රාජ්‍ය බැංකු 2කට සහ පෞද්ගලික බැංකු 2 කට අයත් ඒවා බව පොලිසිය කියයි
කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත කඩුවෙල විහාර මාවතේ විශේෂ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන් චතුරංග මහතා ඇතුළු නිලධාරීන් සැකකරුවන් පැමිණි යතුරුපැදිය නවතා එයට අදාළ ලිපි ලේඛන පරික්ෂා කිරීම සඳහා ඉල්ලූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේ පැදිකරු සිය මුදල් පසුම්බිය හැඳ සිටි කලිසම් සාක්කුවෙන් පිටතට ගැනීමේ දී ඒ ටි එම් කාඩ්පත් කිහිපයක් ඒ සමඟ බිමට වැටීමත් සමගම අපරාධ අංශයේ ස්ථානාධිපති ගේ නෙත ගැටීමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත පොලිස් නිලධාරීන් ලවා සැකකරුවන් දෙදෙනා එම ස්ථානයේම රඳවා ගෙන දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී පැදිකරු සන්තකයේ ඒ ටි එම් කාඩ්පත් 13 ක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 මිලිගෑම් 300 ක් හා පසු පැදිකරු සන්තකේ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 5 මිලිගෑම් 600 ක් තිබී හමුවූ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ ටි එම් කාඩ්පත් සොරාගෙන කෝටි ගණන් වංචා කළ දෙකක් දැලේ