ජාතික සිරකරු දිනය නිමිත්තෙන් විරකරුවෝ 1500ක් පමණ ජනපති පොදු සමාව යටතේ අද නිදහස ලදහ.
සුළු වැරදි හා දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වූවන් හා වයස අවුරුදු 70 ඉක්ම වූ රැඳැවියෝ මෙසේ නිදහස් වූහ.
වැලිකඩ බන්ධනාගාරයෙන් ද අද උදෑසන 10.30ට පමණ මෙලෙස සිරකරුවන් 64 දෙනකුට නිදහස ලැබිණි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සියලු රැදවියන්ට අතට අත දී සුබ පතා ආශිර්වාද කෙළේය.
සිරකරුවන් නිදහස් කිරීම බන්ධනාගාරයේ ඉල්ලීම පරිදි වාර්තා කිරීමට ගිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල පරීක්ෂා කිරීමේ මුරකුටියේ රාජකාරි කළ ජේලර්වරයෙක් වාචික අඩත්තේට්ටම් කළේය.
ඔහු මාධ්‍යවේදීනට නීති දමමින් පැවසුවේ කොමසාරිස්ට පැමිණිලි කළත් මට ප්‍රශ්නයක් නෑ යනුවෙනි.
‘සිරකරුවොත් මනුෂයෝය‘ යන්න සිරගෙදර තාප්පයේ ලොකු අකුරින් ලියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේලර් හරි. (දී)
.කොච්චර උනත් මෙතන ඕන තරම් ඉන්නවා ඇති දුප්පත් කම නිසා දඩ ගෙවාගන්න බැරිව දඩුවම් විදි අය.(අ)
බන්දුල පෙරේරාට හොද දෙයක් අගය කරන්න දන්නේ නැහැ. හැම දෙයකම වැරැද්ද දකින්න එපා.(නදී)
මට මතක් වෙනවා එක චිත්‍රපටයක විජය සහ ෆ්‍රෙඩි සිල්වා මේවගේ හිරෙන් නිදහස් වෙලා එනවා .ෆ්‍රෙඩි කියනවා ගිහින් එන්නම් කියල .ජේලර් මහත්තය කියනවා නෑ නෑ ආයේ මෙහෙ එන්න ඕනේ නැහැ කියල .(දී)
හිරකරුවෝත් මනුෂ්‍යයෝය (නි)
මෙහෙ බන්ධනාගාර ජේලර්ලයි, ගාඩ්ලයි ජීවත් වෙන්නෙ හිරකාරයන්ගෙ අසූචි කාල. හිරේ ඉන්න තරමට මෙයාලා කැමතියි. 1500ක් නිදහස් කරනවට ජේලර්ලා කොහෙත්ම කැමති නෑ. ඒකයි ඔය මූණු එල්ලගෙන ඉන්නෙ.(නදී)
මේ ජේලර් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා (නි)
ඇතුලට දාන්නම ඕනෑ 15000 ක් විතර ඔය වගේම සුදු සරම් කමිස ඇඳගෙන මේ රටේ ඉහළින් වැජඹෙන කට්ටියගේ සහයෝගයෙන් එළියේ " සතුටයි , නිදහසයි " බුක්ති විදිනවා (නි)
සිර කරුවන්ට හම්බවෙන තෝර බීඩියෙනුත් මාටිය ගහන කොට්ටාසයක් තමයි ගාඩ් මහත්තුරු කියන්නේ,සුනිමල් බණ්ඩාර කියනවා වගේ මොවුන් බාගෙට බාගයක්ම රැදවියන්ගේ ජරාව කාල ජීවත්වෙන එවුන්. (අ)
ජේලර්ගෙ කෙලි ඇතුලෙදි විතරයි නේ .එලියෙදි රිටර්න් එකක් දුන්න නම් අහවරයි (දී)
අළුගෝසු තනතුරටපත්කරමු (අ)
නිදහස් කල එක හොඳයි. නැතිනම් මේ 1500 නඩත්තු කරන්න වෙන්නෙත් අපටම තමයි. එසේම "හිර කරුවොත් මනුෂ්‍යයෝය" පුවරුව වහාම ඉවත් කල යුතුයි. මෙයාල බාල අපචාර, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරනකොට කොහෙද තිබුනේ මේ මිනිස්කම? (අ)
ගොපලුවාගේ වික්‍රමය ඔයාලා දක්කාද?
පෙනුමෙන්ම කියන්න පුළුවන් අළුගෝසු තනතුරට ගැලපෙන බව (දී)
මට අමතක උනා අර අපේ රූකාන්ත මහතා සමාව දෙන්න කියපු අර මැඩම්ගේ අම්බැට්ටයින්ට නිදහස හිමිඋනේ නද්ද? (දී)
ෂුවර් එකටම මේ අළුගෝසු උන්නැහේ තමයි.උසස් වීමක් ලැබුන කිව්වනේ. (දී)
ජේලර් තනතුර ගලෝලා මෙයාට දෙන්න තියෙන්නේ අළුගෝසු තනතුර ඒක මෙයාට හොදට ගැලපෙයි (දී)
ක්‍රියාකාරී ජේලර් කෙනෙක් මිසක් මොවුන්ට අවශ්‍ය සාන්ත දාන්ත ජේලර් කෙනෙකුද (දී)
පහන් මඩුගල්ලේ නම් නියම විනෝද කාමියෙක් (දී) .
උපුල් මේ අය සුළු වැරදි කරපු අය (ස)
මාධ්‍යට බය වෙන්න හේතුවක් ඇති. ඔය අහිංසකින් අතරේ අර ගොල්ලන්ගේ ගෝලයෝ දෙතුන් දෙනෙක් ඉන්න ඇති. (ස)
1500ක් නෙවෙයි ඊයේ නිදහස් කලේ 938 දෙනයි. අම්මෝ තව 562ක්ම කවුරු හරි හොරෙන් නිදහස් කරලද? (ස)
දෙවෙනි පින්තුරේ ඉන්න ජේලර් මහත්වරු සෙට් එක ආචාර සමාචාර ගැන අහල නැද්ද? ඒ අහිංසක මිනිස්සු හිතේ සතුට පුරවාගෙන ආචාර කරනවා. මේ ගොල්ලන්ගේ ඔලුවල අස්මිමානය පුරවාගෙන.(දී)
70 ට වැඩි දකිනකොට නම් අනුකම්පාවක් දැනෙනවා. (නි)
එක පාරටම ජේලර් මහත්තයට දොස් කියන්න බැහැ මොකද ඔතනට එන්නේ පන්සිල් ගත්තු උපසකලා නෙමේ? නියම මනුස්සයෝ කියන්නේ අනුන්ගේ දුක තේරෙන කිසිම සතෙකුට හිරිහැරයක් නොකරන රටේ නීතියට ගරුකරන අයට.තව එකක් අවදාරන්යෙන් කියන්න ඕනේ ඔය හිරබත් කන සමහර අය නියම වැරදි කාරයෝ නොවන බවද. (දී)
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. (දී)
සිරකරුවන්ගේ ඡායාරූප ගන්න එක හොදයිද...? (නි)
මරණ දඩුවම හිමි 70ට වැඩි අයත් නිදහස් කරන බවක් කියල තිබුන..එම දේ වුනානම් බොහොම භයානකයි ..හැට පැන්නත් වදුරෝ බිම යන්නේ නැහැ කියනවා වගේ මේ අයගෙන් සමාජයට අයහපතක් මිස යහපතක්නම් වෙන්නේ නැහැ..(දී)