පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට ආරක්‍ෂක හමුදාව විසින් විස එන්නත් ශරීරගත කර තිබේදැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණය සදහා හිටපු කොටි සාමාජිකයින් 185 දෙනෙකු සහභාගී වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
යුද සමයේදී ආරක්‍ෂක හමුදාව යටතේ පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 12000ක් අතරින් 105 දෙනෙකු හදුනානොගත් රෝගවලින් සහ පිළිකා රෝගවලින් මිය ගොස් ඇත්තේ ආරක්‍ෂක හමුදාව විසින් ඔවුනට විස එන්නත් ශරීරගත කර තිබීමෙන් බවට චෝදනා එල්ල වීම මත උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරයි
කෙසේ වෙතත් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර ගැනීමට හිටපු කොටි සාමාජිකයින් තුළ උනන්දුවක් නොමැති බව පෙනී යන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර සිටීයි
තවද වෛද්‍ය පරීක්‍ෂණයට සහභාගී වූ හිටපු කොටි සාමාජිකයින් විස ආසාධනය වී තිබීමක් සොයාගත නොහැකි වූ බවද වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙයින් හානි වෙන්න ගියේ අපේ හමුදාවේ කීර්ති නාමය. එයට මොවුන් වන්දි ගෙවිය යුතුයි (බ)
නිවැරදි බව ඔප්පු කල හැක්කේ පරීක්ෂණ වලින් පමණි. එනිසා අතුරුදන් වුවන්ගේ කොමිසම විදේශ අධිකරණ මාර්ගයෙන් නිවැරදි බව ඔප්පුකරන්නයි ඕනේ (ම)
ඔය පරීක්‍ෂණ ඉල්ලා කැගහපු අයට දැන් මේවයේ වියදම දරන්න කියමු. (ම)
ඕවා විදේශයන්ගේ විශේෂයෙන්ම කොටි ඩයස්පෝරාවල අවධානය ගන්න කරන බොරු කතානේ. (නි)
ඉතින් ඔප්පුවෙලා නැත්නම් ඇයි තවදුරටත් මේ පරීක්ෂණ කරන්නේ? (නි)
කෝටි දෙකක කුඩු ගෙනල්ලා ඉන්දියාවේ 3 දෙනෙක් අත්අඩංගුවෙලු. ඕවාටයි විස කියලා කියන්නේ. ඔය විදියට හොරට ඇවිල්ලා තමා උතුරේ කට්ටිය ලංකාව අපේ කියලා කෑගහන්නේ. උතුරු හමුදා බලය අඩුකරන්න කියලා කියන්නේ ලංකාව විස ගොඩක් කරන්න. උතුරේ ආරක්ෂක පද්ධතිය තව තවත් වැඩි කළයුතුයි. (නි)
කවුරුත් කතා කරන්නේ නැහැ ආරක්ෂා හමුදා වලට එරෙහිව විෂ වායුව පාවිච්චි කිරීමට කොටි සාමාජිකයින් යොදාගනු ලැබුවේ නම් ඒවා ස්පර්ෂ කිරීමෙන් හා ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ඔය කියන කොටි සාමාජිකයින් එවැනි රෝග තත්වයන්ට ගොදුරුවූවාද කියා. අපෙන් ඒගොල්ලන්ට හැමදාම කරදරයි කියන එක තමයි ඒ දුෂ්ටයින් ලෝකයටම කිව්වේ. (නි)
ආපොයි සල්ලි (බ)