පාසල් තුනක රග්බි තරග පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් පමණක් සේවය සැපයීමට සූදානම් බව රග්බි විනිසුරුවරුන් විසින් දැනුම් දෙනු ලැබීමෙන් පසු, පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල් 10 යේම විදුහල්පතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවීමට ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ. මෙම රැස්වීම හෙට (07) පෙරවරු 11.30 ට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ පැවැත්වේ.
පාසල් රග්බි සංගමය පවසන්නේ විනිසුරුවන්ගේ මෙම තීරණයත් සමග තවත් පාසල් 6 ක පේ‍්‍රක්‍ෂකයන්ට තරග නැරඹීමේ අවස්ථාව අහිමි වන බවයි.
පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ මේ වන විටත් පාසල් කීපයකින් මේ පිළිබඳව විරෝධය ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට මෙම විශේෂ රැස්වීම කැඳවූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොද වැඩක්
කුමක් සඳහාද
මොනවා වෙන්න යනවාද දන්නේ නැහැ (දී)
මෙය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි. විනිසුරුවන්ට ප්‍රේක්ෂකයන්ගෙන් ගැටලු ඇතිවේ නම් එය එම තරග පවත්වන ප්‍රදේශ වල පොලිසි සමග සාකච්චා කොට වැඩිපුර ආරක්ෂාව ලබා ගැනීම මෙයට ඇති හොඳම විසඳුම වේ. කොටි පරාද කරවූ රටක පාසල් රගර් තරගයක විනිසුරුවන්ට ආරක්ෂාව නොමැති බව පැවසීම රටේ ආරක්ෂක අංශ වලට කරන අපහාසයකි. ප්‍රේක්ෂකයන් යනු තරගයක අනිවාර්ය කොටසකි. ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීම විහිළුවකි. රගර් තරගයක ආරක්ෂාව සන්බන්ධයෙන් ගැටළු ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවේ. තවද සමහර විනිසුරුවරුන්ගේ අපක්ෂපාතිත්වය පිළිබඳව ඇත්තේද ගැටලුවකි. රටේ අනාගතය බාර ගැනීමට සිටින පාසල් දරුවන්ට දෙන ආදර්ශය මෙයද? දක්ෂයන්ට ඉදිරියට පැමිණීම වලක්වන, පිට පළාත්වල වල ප්‍රේක්ෂකයන් අධෛර්යට පත් කරන මෙවැනි සිදුවීම් වලින් රගර් ක්‍රීඩාව අනෙක් පළාත් වල ප්‍රචලිත කරන්නේ කෙසේද? රටේ වාසනාවට ක්‍රිකට් ක්‍රීඩාව මෙම කොළඹ පාසල් සහ වෙනත් ප්‍රමුඛ පෙලේ පාසල් වල හස්තයෙන් මිදුනද රගර් ක්‍රීඩාව තවම මෙම තත්වයෙන් මිදී නැත. බලධාරියන්ගේ ඇස් ඇරේවා. (නි)