(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රෙදිපිළි ගණදෙනුවක් සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් සිදු නොකළ බව පවසමින් පිලියන්දල පොලිසියට පැමිණ එහි නිලධාරීන් බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ හිතවතිය කළ පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
වගඋත්තරකාර පාර්ශ්වය විසින් එකී මුදල ලබාදීමට එකඟතාවය පළකලද පැමිණිලිකාර හිතවතිය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අන් සතු මුදල් තම ව්‍යාපාර වලට යෙදීමට අකමැත්ත පළ කළ වගඋත්තරකාර පාර්ශ්වය විසින් එකී මුදලින් පිලියන්දල බටකැත්තර ප්‍රදේශයේ දුගී පවුලක ට වියලි ආහාර ප්‍රදානය කිරීමට කටයුතු කර තිබු බව එම නිලධාරියා කීය.
ඉකුත් (3) දින ඇසළ පොහෝ දින පැමිණිලිකාර කාන්තාව සමඟ පොලීසියට බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ස්ථානාධිපතිවරයාට අයත් නිල ජීප් රථයෙන් පිලියන්දල පොලිසියට පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරිවරයා ට පෙර දින කරන ලද පැමිණිල්ලට අදාළව වගඋත්තර පාර්ශවය පොලිසියට නොකැදවිම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අංශය වෙත පැමිණ එම අවස්ථාවේ වැඩ බලන ස්ථානාධිපති වරයාව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු නිලධාරීන්ට මහජනයා ඉදිරියේ දී අවමන් සහගත ලෙස බැණ වැදී හැසිරි තිබිනි.
ඒ හේතුවෙන් අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ගේ නිලධාරීයෙකුට සුදුසු නොවන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි
ඊට අදාලව පිලියන්දල පොලිසියේ නිලධාරීන්ට බැණවැදුණු සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන් මෙන්ම ,පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඇතුළු 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඒ.එස්.පී.ගේ හිතවතිය පැමිණිල්ල අස් කරගනී