පූගොඩ මල්වානේ පිහිටි ඉඩමට බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දැන්වීය.
අධිකරණ නියෝග මත බැසිල් රාජපක්ෂ මහතා ද අද අධිකරණයේ පෙනී සිටියේය.
මෙම ඉඩම විකුණා රජයට මුදල් බැරකරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන 14 වැනිදා ලබා දෙන බව පූගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේය.
ජායාරූපය - උපාලි කිරිදිවැල


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත රටක් අයිතිකරු නැති දෙපළ රාශියක් දැන් මතුවෙනවා.(ම)
දැන් අයිතිකාරයගෙන් ඕක දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)
ඕක මගේ. මට ආච්චි දුන්න ඉඩමයි ගෙයයි.(හේ)
මේ වගේ ඉඩම් ටිකකුයි සල්ලි කන්ටේනර් ටිකකුයි, රත්තරන් ටිකකුයි තිබ්බනම් රට ගොඩ. (හේ)
ඔය ඉඩමේ මුල් අයිතිකාරයා හොයා ගන්න ඔච්චර අමාරු කාර්යයක් වෙන්නේ කොහොමද ?බලාගෙන යනකොට රජයට පින් ඉඩමක් ලැබෙන්න යනවා වගෙයි.ඉක්මනට සත්‍ය ඔප්පුවක් මගින් එය රජයට අත්පත් කරගෙන ගෙවල් හදා, නැති බැරි අයට බෙදා දෙන්න, යහ පාලන රජයට පින් සිද්ද වේවි !!! (හේ)
ඔය දේපොළ එතුමාට අයිති නොවන, රටේ ජනතාවට අයිති දේපොලක් කියල මුළු රටම දන්නවා. (ර)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රාජපක්ෂලා ගසාකෑවේ අපේ මුදල්. අසරණ බදු ගෙවන ජනතාවගේ මුදල්. ඒ නිසයි සත්‍ය තේරුම්ගත් මිනිස්සු යහපාලනය විශ්වාස කරලා ඡන්දය දුන්නේ. එ්ත් හිටපු කම්බා හොරුන්ට අද වෙනකම් අත තියන්න යහපාලනයට පුළුවන් වුණාද? යහපාලනයට ඡන්දෙ දුන් අයටම බදු ගහලා තවත් අසරණ කරන්න එපා. (නි)
රාජපක්ෂලාගේ ලැජ්ජා නහරය කපලද මන්දා. ඒ නිසාද ඔවුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් දැනෙන්නේ නැත්තේ (නි)
එම මාළිගාවේ ඡායාරූප රටේ අසරණ ජනතාවට දකින්න අයිතියක් තිබෙනවා. (නි)
මේ ඉඩමේ මුල් අයිතිකාරයා සොයා ඒ අයට මෙය විකුණා මුදල් ලැබුනේ කාගෙන්දැයි සොයා බලා කියන්නට උත්තර නැත්නම් ඒ මුදලුත් රාජසන්තක කළයුතුයි. වංචාවකට අනුබල දුන් නිසාවෙන්. මේවා බලාගෙන ගියාම යහපාලනය වංචාකාරයින් ආරක්ෂා කරන පිළිවෙතෙකුයි අනුගමනය කරන්නේ. (නි)
මෙහාටත් ඇවිල්ලා කියන්නකො ඇමෙරිකාවෙ තියෙන ගෙවලුත් මගේ නොවෙයි කියලා (නි)
මේවා අපිව රවටන්න කරන විකාර. අන්තිමට මේගොල්ලෝ බේරෙනවා. ඊළඟට යහපාලන ආණ්ඩුව පැරදුනාම දැන් ඉන්න අැමතිලා තමා මේ නාටක වල බැසිල්ගේ චරිතයට පණ දෙන්නේ. අපි මේ නාටක බල බලා ඉන්න අතරේ අරයා ඉන්දියට ගිහින් ගිවිසුමකුත් ගහලා ඉවරයි (නි)