‘ආණ්ඩුව දැන් කියනවා එෆ්සීඅයිඩිය අහෝසි කරන්න කියලා. ඒත් අපි කියන්නේ එෆ්සීඅයිඩිය අහෝසි කරන්න එපා කියලයි. අපිටත් ඉදිරි කාලයේ එෆ්සීඅයිඩී එකෙන් ප්‍රයෝජන ගන්න තියෙනවා.‘ යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කායර්ලයයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය.
‘‘අපේ ආණ්ඩුවක් යටතේ අපිට කවදා හරි කීයට හරි එෆ්සීඅයිඩියට ගේන්න කට්ටිය ඉන්නවා. මේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා කවදා හරි එෆ්සීඅයිඩියට ගේන්න ඕනි. ඉදිරි කාලයේ එෆ්සීඅයිඩියට ගේන්න අවශ්‍ය පුද්ගලයන් ගැනත් අපි දැන් තොරතුරු එකතු කරමින් ඉන්නවා. එදාට දැන් තියෙන නීති මදි නම් අපි නීති හදලා හරි මේ පුද්ගලයන් එෆ්සීඅයිඩියට ගේනවා.‘‘ යැයි ද ඔහු මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට හිනා වෙන්න කට විතරක් මදි, ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි. (ර)
අනේ අපොයි! (නි)
මේකනං හොඳ ආරංචියක්. ඔබතුමාට පුළුවන් දැන්ම මේ රජයත් එක්ක එකතුවෙලා මේ වැඩේට බහින්න. පරක්කු කරන්න එපා. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව කොයි කාලේ එ්විද? විස්වාස භංගයෝජනාවත් වැඩි ඡන්දෙන් පැරදුනා, 19වැනි සංශෝධනයත් වැඩි ඡන්දෙන් සම්මත වුණා (බ)
ඔබතුමන්ලගේ කාලේ නීති හැදීම කෙසේ වෙතත් නීතිය අවනීතිය කරලා කරපු දේවල් නම් බොහොමයි. (ම)
එතකොට දේවාල ගානේ පොල් ගැසුවේත් එෆ්සීඅයිඩී අවලංගු කරන්න කියල නේද ? (බ)
මේකෙන් පරීක්ෂණ කරලා අත්අඩංගුවට ගන්න කියලා නිර්දේශ කළ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මොකද? මේක නිකම් ජනතාවට පෙන්නන ෂෝ එකක් නම් මේකෙන් වැඩක් නැහැ. වහන්නමයි තියෙන්නේ. බොරුවට කාලය නොකා. (නි)
එතකොට දැන් හොරු අල්ලලා ඉවරද.නැතිනම් රජය ඒකාබද්ධ විපක්ෂයට බයවෙලාද? පිස්සුනම් නටන්න එපා. (බ)
බොරුව හැමදාම කරන්න බැහැ කියල පරණ කතාවක් තියෙනවා. (බ)
පසුගිය රජයට සේවය කර නැවත මෙම රජයට හේත්තු වී සිටින ඇතැමෙක් එසේ සම්බන්ධව සිටි කාලයේ ආණ්ඩුවට හොරෙන් කළ කෝටි ගණන් වල ගසාකෑම් දැන් එළිවෙමින් එන නිසා එෆ්.සි.අයි.ඩී. එක ඉක්මනින් වහගන්න හදනවා වගේ. (නි)
දැන් එතකොට හොඳටම විශ්වාසද එෆ්සීඅයිඩී එක? නැත්නම් එ්කෙන් වැරදි හොයන්න බැහැ කියලා ෂුවර්ද? (නි)
මේ වගේ දේවල් වලට ගොඩක් සැලෙන්නේ එක එක දේවල් වලට සම්බන්ධ අය. නැතිනම් මේ වගේ ප්‍රතිචාර දැක්වීමක් අවශ්‍ය නැහැ (බ)