මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගොනු කළ රිට් පෙත්සම් දෙක ලබන මාර්තු 28 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය.
එසේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල ඇති කරුණු හා රිට් පෙත්සම් වලින් ඉල්ලා ඇති සහන සමානද නැද්ද යන්න සම්බන්ධයෙන් සතියක් ඇතුළත අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්හ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරු පෙත්සම විභාග කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි ලංකාවේ නඩු අවරුදු ගණන ඉවර වෙන්නේ නැති නිසා එකතැන පල්වෙනකොට ගඳ ගහනවා , (හේ)
නඩු කියන්න කියන්න නීතිය පිරිසිදු වෙනවලු. මේ නඩුවේ තීන්දුව දිහා අපි ඉතාම ඕනෑකමින් බලාගෙන ඉන්නේ. (නි)
උපාලි, ඔයාගේ කතාවේ හැටියට නඩු වැඩි රටවල නීතිය පිරිසිදුයි. නඩු අඩු රටවල නීතිය අපිරිසිදුයි. නඩු කියන්න කියන්න නීතීඥයෝ පොහොසත්වෙන බව විතරයි අපි නම් දන්නේ. (නි)