එළහරකකු හා මීහරකකු එකට ඈඳා ඇලහැර ගඟේ යාය වෙල් යායේ වප් මගුලක සීසාන්නට උත්සාහ කළත් එය අසාර්ථකවූ හෙයින් එම කාර්යයට අත් ට්‍රැක්ටරයක් යොදා ගත් බව සංවිධායකයෝ කියති.
පක්ෂ දෙකක සිටියත් එකට වැඩකරන බව විදහා දැක්වීමට වප් මගුලේ සංවිධායකයන් උත්සාහ ගෙන තිබුණි. සැරසිලි කොඩි නිල් හා කොළ පාට එකට මසා සරසා තිබිණි. එබැවින් සීසෑම සඳහාද එළ හා මී ගවයන් යොදාගෙත තිබූ අතර සීසෑම ආරම්භ කිරීමේදී ගවයන් දෙදෙනා දෙපැත්තට ඇදීම නිසා හරක් බානෙන් සීසෑමට නොහැකිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපලනෙට නියම උදාහරණය. (ස)
එළහරක් සහ මීහරක් ගැන නොදන්නා අයට කිවයුත්තේ කුමක්ද? (නි)
ගොනා ගොඩට මීම මඩට කියල කියමුකෝ (අ)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
ඇත්තටම මට හිනාගියා මේක දැකලා (නි)
ඔය හරක් දෙන්නාව ආදර්ශයට ගත්තහම හොඳටම ඇති බොහෝ දේවල් තේරුම්ගන්න. (නි)
මෑතකදී අහන්න ලැබුන හොඳම උදාහරණයක් හැම පැත්තෙන්ම බැලුවොත්. (නි)
තව කල් යනවිට ඕව තේරේ (අ)
මේ ආණ්ඩුව තව වැඩිම උනොත් පොහොයවල් හතක් හෝ පහක් තියේවි. ආණ්ඩුව හැම පැත්තකින්ම මිනිස්සුන්ගේ හිත් බිදවලයි තියෙන්නේ. (අ)
මේකට අදහස් දාල තියෙන අය තමයි ලොකුම හරක් ටික. රජින්ද කියන කෙනා මහින්දට කඩේ යන බන්දුල පෙරේරා , පිවිතුරු වගේ කෙනෙක් වගෙයි. (බ)
දැන් වත් තේරුනාද දන්නේ නැහැ, එකට වැඩ කල නොහැකි බව දෙපැත්තට අදිනවා මිසක්. (ර)
හරක් බාන බය වෙන්න ඇති. (ර)
මේක නම් පුදුමාකාර උදාහරණයක් (නි)
ඉතින් ඕකට පර්ලිමන්තුවෙන් ඇමතිලා දෙන්නෙක්ව යොදාගත්තනම් ඉවරනේ.පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඔය කට්ටියමනේ ඇවිද්දේ දෙපයින් වුණාට (අ)
ගොනාගෙන් වත් ඕක ඉගෙන ගනිව්ද.? (ර)
උත්සාහය අගෙයි. (ර)
කොහොමහරි වැඩේ වෙනවනේ... (ර)
ඉසුරන්දි,ඕක නිකම්ම නිකන් උදාහරණයක් කියලා හිතන්න නම් එපා (නි)
හරක් දෙන්නා ඉතාමත් ආදර්ශවත්. (ර)
මෙය සංවිධානය කරේ කවුද? (ර)
ඔන්න තේරුම් ගන්නවානම් හොඳ උදාහරනේ වැඩ කෙරෙන්නේත් කොහොමද කියලා. (ර)
නියම උදාහරණය. (ර)
වප් මඟුල ගමේ මිනිසුන්ට සංවිධානය කරන්න දුන්නා නම් ඉවරනේ. දැන් ලැජ්ජාව තමන්ටමනේ ඉතින්. (නි)
උන් දෙන්නව රජ සබේට යවල රජ සබෙන් සම්මුතියට කොක්ක ගහපු දෙන්නෙක් ගෙනාව නම් වැඩේ අගේට සම්මුතියෙන්ම කරගන්න තිබුනනෙ...(බ)
මට හිනහව නවත්තගන්න බැරුව ගියා. (ර)
ඕකට තමයි පැරැන්නෝ කියුවේ " ගොනා ගොඩට මීමා මඩට" කියල. අවසානේ ප්‍රතිපලයක් නෑ. වෙහෙස විතරයි.රට අවරට. (ස)
කවුද එල හරකයි මී හරකයි එකට බැදපු හරකා? (ස)
පක්ෂ දෙකේම ඉන්නේ වැඩිහරියක්ම ඔය දෙවර්ගයේම අය තමා. (ස)
අත් ට්‍රැක්ටරයක් කිව්වේ විදෙස් අාධාරද? (ස)
එකට හාල පුරුදු හරක් මිසක් එකට ඉන්නේ නැහැ. පොතේ විදිහට දෙන්නම හරක් තමයි, නමුත් වැඩේ ගැන පළපුරුද්දත් වැදගත් සාර්ථකත්වයට. අනිත් දේවලුත් ඔය විදිහටද දන්නේ නැහැ වෙන්නෙ? (ස)
කතා කරන්න බැරිවුණත් පක්ෂවල ක්‍රියාකලාපය සත්තුත් දන්නවා. මේ හැමෝම දෙපැත්තට අදිනවා (නි)
නියම විහිළුවක් මේක නම්. අනේ මෙහෙමත් වැඩ? (නි)
යා දෙක නොරත රත - එකට පැහීමක් නම් නැත . (ස)
ජාතික ආණ්ඩුව නම් එකට වැඩ. (ස)
අනේ සමගිය බලන්න මේ වගේ හරක් වැඩ කරනවද ? (ස)
කමක් නැහැ දෙන්නාම හරකුන්නේ.... (ස)