IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුගහ ඳුහැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද  (4) අලුයම එලවලු  පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර  හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී  පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසියේ සඳහන්කරයි.

මාතර දෙස සිට එළවළු පටවා ගත් ලොරි දෙකක් කොළඹ දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ගමන් ගත්  ලොරියට පිටුපසින් පැමිණි බහලුම් පෙට්ටියක් සවිකළ රථය ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී ඉදිරියෙන් ගමන් ගත්  එළවළු රථය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර වී සිදු වූ බව පොලිසිය කියයි.

මෙම අනතුරත් සමගම කොළඹ දෙසට මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර මාතර දෙස සිට කොළඹ කරා යන වාහන කුරුඳු ගහ හැතැක්ම පිවිසුමෙන් පිට කර සාමාන්‍ය මාර්ගය හරහා යළි වැලිපැන්න පිවිසුමටපැමිණ අධිවේගී මාර්ගයට පිවිස ධාවනය කිරීමට උපදෙස් ලබා දුන් බව පොලිස් නිලධාරියෙක් කීය.



අදහස් (1)

එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි

ගුණරත්න Wednesday, 04 December 2024 10:50 AM

මාර්ග නීති තඹයකට ගණන් ගන්නේ නැති මොට්ට රියදුරෝ මේක ඔටෝ බාන් එක කියල හිතාගෙන පදවන්න ගත්තාම ඔහොම තමයි වෙන්නේ. පාරක් තියෙන්නේ ගමනක් යන්න මිසක් ආතල් ගන්න නෙවෙයි, මාර්ග නීතියක් තියෙන්නේ පාරක ආරක්‍ෂිතව ගමන් කරන්න මිසක් අපට කරදර කරන්න නෙවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site