ලංගමයට බස් 2200ක් ගෙන්වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකදී කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැති තමාට තර්ජනය කළ බව එජාප මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ අද (3) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
බස් ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තමා මතුකළ ප්‍රශ්නයකදී ‘එළියෙදි බලාගමු‘ යනුවෙන් වෙල්ගම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවී ඇතැයි මුලසුනේ සිටි ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට පැමිණිලි කළ බවත් ඔහු කීවේය.
නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවට කියා ඇත්තේ මාරසිංහ මන්ත්‍රීවරයා විපක්ෂ දොරටුවෙන් එළියට යන හෙයින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.
මේ ගැන විමසීමට වෙල්ගම මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුම පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රශ්න කිරීමට අදාළව නිවැරදි තොරතුරු ඇත්නම් මහජන මුදල් අයථා පරිහරණයට අදාළව නීත්‍යානුකූලව පියවර ගැනීමට ක්‍රියාකරන්න (නි)
මෙතුමා ගැන නොදන්නේ කවුද? (නි)
මෙන්න අපේ ජනතා නියෝජිතයෝ... (නි)
මෙතුමාගේ හැකියාවෙන් වැඩක් ගන්න ...මාද්‍ය සංදර්ශන වැඩක් නැත (රේ)
පාර්ලිමේන්තුවේ කොහොමටත් ඔය වගේ කතා අහන්න ලැබෙනවානේ. (නි)
ප්‍රියංකර කිව්වා හරි. වැඩක් පටන් ගත්තොත් හරි පිළිවෙලට ක්‍රමානුකලව ඉවර කරන්න දක්ෂයෙක්. ඒ වගේම ඕනෑම තරාතිරමක කෙනෙක් එක්ක බොහොම සුහදශීලිව වැඩකරන්න පුළුවන් කෙනෙක්. ඉංජිනේරු අංශයෙන් ලෝකයේ ඉන්න ප්‍රමුඛයෙක්. මෙතුමාගේ පර්යේෂණ වාර්තා බොහොමයක් අන්තර්ජාලයේ තිබෙනවා. බොහොම ප්‍රායෝගික මහාචාර්යවරයෙක් (නි)
මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි. (ර)
මහාචාර්ය කෙනෙක්, උගතෙක් දක්ෂයෙක් නම් අනිවාර්යයෙන්ම ඔය වගේ තර්ජන වලට ලක්වෙනවා. ඒකයි අපේ පාර්ලිමේන්තුවේ තත්වය. (නි)
මෙතුමා අවුරුදු ගානක් ජපානයේ හිටියේ. සුපිරි වැඩකාරයෙක්. ඕනෑ ව්‍යාපෘතියක් ගානට කරන්න දන්නවා. මහාචාර්ය කෙනෙක් වුණාට කම්කරුවෙක් එක්ක වුණත් බැහැලා කරට කර වැඩ කරන්න පුළුවන් නිහතමානී කෙනෙක්. එතුමාගෙනුත් වැඩක් ගන්න බලන්න... (නි)
කවුද මන්දා මේ? මේවා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ. (නි)
කවුද මේ? (නි)
කවුද බොලේ මේ? (නි)
අදමයි මෙහෙම කෙනෙක් ඉන්නවා කියලත් දන්නේ. (නි)
මෙන්න නියම චණ්ඩි... (නි)
වැඩක් කරන්න පුළුවන් මහත්තයෙක්. මෙතුමාගෙන් වැඩ ගන්න. (නි)
අම්මෝ මෙයාලගේ චණ්ඩිකම? (නි)
එහෙනම් එතුමාට තියෙන්නේ ඒ අභියෝගයට මුහුණදෙන්න (නි)
අනේ ඇත්තට මෙහෙම අයනේ අපි පත්කර හැරියේ (නි)
එළියේදී බලාගමු කිවුවා නම් ඔබටත් සූදානම්වෙලා යන්න තිබුනේ, කට්ටියක් එක්ක. (නි)
එහෙම දෙයක් කිවුවා නම් නියම වීරෝධාර පිරිමියෙක් වගේ බයනැතුව මුහුණදෙන එකයි තියෙන්නේ (නි)
චන්ඩි කමෙන් හැමදේම විසඳන්න අමාරුයි. (ර)
මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි. (ර)
මාර චන්ඩිනේ ඉන්නේ. (ර)
මේ මන්ත්‍රී තුමා ගැන දන්නේ නැහැ. අදමයි දන්නේ. (ර)
මේ වගේ කතා නිතරම හවසට කටගොන්නක් බීගත් අයගෙන් නම් අපිට අහන්න ලැබෙනවා. කොහොම වුණත් රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළෙන් මෙවැනි දේ අහන්න ලැබීම නම් සතුටුදායක දෙයක් නෙමෙයි (නි)
ඒක හරි. ඒ මහත්තයට පුරුදු එහෙම වෙන්න ඇති (නි)
ලංකාවේ පාර්ලිමේන්තුවට මෙහෙම උගතුන් ඕනෑ නැහැනේ ඉතින්. (නි)
මම මොහු විශ්ව විද්‍යාල කාලයේ සිටම හඳුනමි. (නි)
මේ ඉන්නේ මහාචාර්යවරයෙක්. මෙවන් උගත්තු තමයි පාර්ලිමේන්තු යවන්න ඕනෑ. (නි)
කවුරු වුණත් රට සංවර්ධනය වෙන එක ගැන නෙමෙයි කතාකරන්නේ. (නි)
ලංකාවේ පාර්ලිමේන්තුවට උවමනා මෙහෙම උගත්තු නොවේ. අර කෝච්චියේ මාල කඩපු අය, මිනිස්සු ගස්බඳින අය, එතනෝල්කාරයෝ වැනි පුද්ගලයන්ය (නි)