එළවළු කිලෝ 40000ක් විකුණා ගැනීමට නොහැකිව කැලයට එක් කළ පුවත ගිය සතියේ එසැණ හා ලංකාදීප පත්‍රය පළ කිරීමත් සමග ලංකා සතොස අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් ගොවීන්ගේ එළවළු මිලට ගැනීම ආරම්භ කළේය.
පවතින මිලට වඩා රුපියල් 10ක් 15ක් වැඩියෙන් මිලට ගන්නා බව සතොස කියයි.
වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි සතොස නිලධරයෝ මේ වැඩ පිළිවෙළ ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමේ. ඇයි ඇමති තුමා දන්නේ නැත්තේ.(නදී)
වෙළඳුන්ගේ ඒකාධිකාර නිසා තමා මිල ඉහළ පහළ යන්නේ? (දිල්)
හොද වටිනා පුවතක් ! (දිල්)
බොහොම හොද වැඩක් .දිගටම කෙරුනොත් ගොවීන්ට හොද කාලයක් උදාවෙයි (දිල්)
හොද වැඩක්, හැම දෙයක්ම කල් තබා ගැනීමට ක්‍රමයක් භාවිත කලානම් පිටරටකට උනත් යවන්න පුළුවන්,(දිල්)
ගොවියෝ රැක ගනිල්ලා (දී)
ලංකාදීපයට ස්තුතියි (දී)
මේ අමාත්‍යංශයේ අයට දැන්වත් මේ ප්ලාස්ටික් කූඩ ප්‍රශ්නයට විසදුමක් ලෙස මේ එළවලු කූඩ වල ගෙනවා නම් පමණක් මිලදී ගන්නම් කියන්න බැරි මොකද? (නදී)
හරිම හොද වැඩක් ,ඔතන තියෙන වෙළද එකාධිකාරය නිසා ගොවියා අසරණ වෙනවා.(දිල්)
ඔතන තියෙන්නෙ අතර මැදියන්ගෙ මාෆියාවක්. ඇයි සතොස වැනි රට පුරාම විහිදුණ ජාලයක් ඇති ආයතනයකට බැරි, රටේ ප්‍රධාන වගා ප්‍රදේශ වල එළවලු එකතු කිරිමේ මධ්‍යස්ථාන දාලා තොග වෙළදාමට එන්න. එවිට ඉතා පහසුවෙන් වෙළද එකාධිකාරය පාලනය කළ හැකි සේම අඩු මිලට එළවලු පාරිභොගිකයාට දෙන්නත් පුලුවන්.(දිල්)
සතොසෙන්ම මුල පුරලා එලවලු අධි ශීත කරලා කල් තබා ගන්න වැඩ පිලිවෙලක් සකසන්න... පිටරට ඉන්න අපි එහෙම අධිශීත කල එලවලු ගොඩක් ගන්නවා.(නදී)
මෙතන වෙන සෙල්ලමක් යන්නේ. මුලින් අසරණ ගොවියන්ව ගසා කන්න සලසනවා. ඊට පසු මහා කරුණාවෙන් ගොවියා බේරගන්න ආවා කියා ප්‍රචාරයක් අරන් ලකුණු දාගන්න හදනවා. කොහොම නමුත් වංචනිකව හරි මේ වැඩේ කරන්න මේ අයව පොළඹවපු එක ගැන ලංකාදීපයට ස්තුතියි. (නදී)