සීඑස්එන් නාලිකා සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට අත්වූ ඉරණම ගැන තමා දුක්වන බව සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති එස්.බී.දිසානායක කියයි.
මේ සම්බන්ධයෙන් ඔහු නිවේදනයක් ද නිකුත් කර ඇත. යෝෂිත රජයේ සේවකයකු ලෙස මෙන්ම දේශපාලකයකු ලෙසද දීප්තිමත් අනාගතයක් ඇති තරුණයකු බවත් ඔහු කියයි. ඔහුට එරෙහි පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද දිසානායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා හරියටම හරි, (හේ)
එයා හරියටම හරි, ලංකාවේ දීප්තිමත් අනාගතයක් තියෙන්නේ ඔය වගේ පල් හොරුන්ට තමයි. (හේ)
මේ රට හදන්න නම් ජෙනේරල් ෆොන්සේකා වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙකුගේ අවශ්‍යතාවය තිබෙනවා.කම්බා හොරු සියල්ලෝම "මහගෙදර" යවල ඔවුන් ගසා කාපු දනස්කන්දයෙන් අසරණ මිනිස්සුන් දුප්පත් කමෙන් තුරන් කලානම් කිසිම චන්දෙකට බියක් වෙන්න ඕනේ නැහැ.(කෞ)
"නාවිකා හමුදා ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ අවස්ථා 70 ක දී පමණ විදේශ සංචාර සඳහා රටින් පිටව ගොස් ඇතත් ඒ සඳහා නාවික හමුදාවෙන් අනුමැතිය ලබාගෙන ඇත්තේ සංචාර 27 ක් සඳහා පමණක් බව මේ වන හෙලිවී ඇතත් නාවික හමුදාපතිවරයා ලුතිනන් යෝෂිතගේ විනය උල්ලංඝනය කිරීම ගැන මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමෙන් නාවික හමුදාපතිවරයා හමුදාවේ විනය උල්ලංඝනය කිරීමට සහාය දක්වා ඇතැයි නාවික හමුදාවේ සෙසු නිලධාරීහු පවසති".......කට්ටිය කියනවනේ යෝෂිත යුද්ද කලා කියල.අනේද කියන්නේ.. (කෞ)
ඔබතුමා ඔහොම කිව්වට ඔබතුමාගේ පුතාලත් හැසිරුනේ ඔහොම තමයි. කුණු එකතු වෙන්නේ කුණු ගොඩටමයි කියන්නේ ඔන්න ඕකට තමයි. (කෞ)
"යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස මුදල් විශුද්ධිකිරීමේ වරද පමණක් නොව කූඨ ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ඇදී වරදවල් සිදු කර ඇති අතර රාජ්‍යය දේපළ අවභාවිතය සිදු කිරීමේ අපරාධයද සිදුකර ඇතැයි යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම පිලිබඳව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි". (කෞ)
විශ්ව විද්‍යාලවල දරුවෝ ගැනත් මේ විදියට දුක් වෙන්න බැරිද . ඒ දරුවන්. ඉගෙනීම වෙනුවෙන්. ඉල්ලීම් ඉල්ලනකොට. ඇදන් ගිහින් හිරේ. දමන්නේ. ඒ රත්තරන් දෙමව් පියන්ගේ. සුබ අනාගතයක්. තියෙන දරුවෝ , ප්‍රභූන්ගේ දරුවෝ හොරෙන් කාල ,හොර සහතික අරගෙන ලෝකේ බැබලෙන්න හදනවා දැන් වෙලා තියෙන්නේ. ප්‍රභූ කියන කට්ටිය. කාපුවා වමාරන කාලේ(කෞ)
බොරු පූචානම් කියවන්නේ නැතිව අර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ගේයි ඉඩමය් බාර දීලා හිටියනම් හොඳයි (කෞ)
ඔව් ඔව් මේ පැත්තට එන්න ඉඩ තියා ගන්න එපාය (කෞ)
අපේ ඇස් බී තුමා කට අරින්නේ ආපහු පිම්මක් පනින්නද. නැත්නම් මෙයාවත් එෆ් සී අයි ඩී ගෙනියාවී කියලා බය වෙලාද. (බ)
"අපි වෙනුවෙන් අපි " වගේම "උන් වෙනුවෙන් උනුත්" ඉන්න එපාය (කෞ)
[ යෝෂිත රජයේ සේවකයකු ලෙස මෙන්ම දේශපාලකයකු ලෙසද දීප්තිමත් අනාගතයක් ඇති තරුණයකු බව...] මොකද්ද එයා කළ රජයේ සේවය? අප්පච්චි බලයේ ඉන්න කාලේදී නම් රාජපක්ෂ දරුවන්ට අනිත් දරුවන්ට නැති දීප්තිමත් අනාගත තිබුණා. ඔවුන් ඒවායින් අයුතු, සාපරාධි ප්‍රයෝජන ගත් නිසා නේද එස්.බී. මහත්තයෝ මෙහෙම වුණේ? අපේ රටේ මහජනතාවට පහුගිය වසර කිහිපය තුළ සිදුවූ දේවල් අමතක කරන්න බැහැ. කරන්නෙත් නැහැ. (නි)
මට තවමත් අපුරු සතුටක් දැනෙනවා මොහු හිරේ සිටි එක මතක් වෙනකොට. (නි)
අනේ ඉතින් පේනවා නේද මෙයාලගේ හැටි? (නි)
යෝෂිත රජයේ සේවකයෙක් ද? නමුත් පහුගිය කාලේ රජය යෝෂිතගේ සේවකෙයක් කියලයි අපි හිතුවේ .(කෞ)
දේශපාලු පවුල් වල අය ගැන විතරයි දුක මෙයාට (නි)
කිඹුල් කදුළු එපා (කෞ)
අපිට එස් බී ගැන දුකයි (කෞ)
මෛත්‍රීපාල ජනාධිපති එකක් තේරුම් ගත යුතුයි. ඒ තමාගේ විශ්වාසවන්තම පිරිස ලෙස වටේ තබා ගෙන ඉන්නේ සර්පයන් පිරිසක් බව. මහින්දට වල කැපුවෙත් මේ පිරිසම තමා. (බ)
තිලක් ඩුුබායි, ඔබ වැනි අය සිටිය යුත්තේ දකුණු ඉන්දීය දේශපාලන ගැලරියේ බව නම් ඉතා පැහැදිලියි (නි)
කකුල් දෙක දෙපැත්තේ නේද? (නි)
මෙයත් ඉතිං ඒ කාලේ නිල නොවන මාලිගා හදපු කෙනෙක් නෙ. ඔවා දෙනු පරහට...(බ)
මේ වගේ අයට ඇමතිකම් දීපු එක ලොකුම මෝඩකමක්. දැන් ඔය කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ. (නි)
ශ්‍රී ලංකාවේ දීප්තිමත් අනාගතයක් හිමිවන්නේ දේශපාලුවන්ගේ තක්කඩි දරුවන්ට විතරයිනේ (නි)
අනේ මෙහෙමත් වී අයි පීලා ටිකක්.(හේ)
තිලක් ඩුබායි, ෆොන්සේකා මහතා යුධ හමුදාවේදී රට වෙනුවෙන් කළ සේවය ගැන අපි කවුරුත් ඔහුට ණයගැතියි. ඒ අතරම මේ එස් බී කිඹුල් කඳුළු හලන්නේ මොකද කියලා බලන්න වෙනවා (නි)
අපේ දේශපාලකයොත් හොඳයි පරණ සිනමාවේ කඳුළු බින්දුවක් වෙන්න. දැන් මාස ගානකට කලින් මහින්දට කැපිල්ල දැම්මා. දැන් ඒක මදිවෙලා වෙන්න ඇති. (නි)
කිඹුල් කඳුළු. (බ)
මොකක්ද මේ එකපාරටම ඇතිවෙච්ච අනුකම්පාව .....? (නි)
මොකද අප්පා මේ කරුණාව. රටේ නියම මහජන මතය අවබෝධ වෙලාවත්ද? (බ)
මට වගේම නේද ? අනේ මගේ කට ! (බ)
සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන දීප්තිමත් අනාගතයක් හිමි සෑම දෙනාගේ නිදහස් වීම අපිද බලාපොරොත්තු වෙමු. අපේ සැපවත් අනාගතයද ඒ තුළය. (බ)
හොරු දුක්වෙන්නේ හොරු ගැන තමයි. (බ)
මෙයා මොනවද මේ කියන කතා? යෝෂිත දේශපාලකයෙක්ලු? කොහෙද එයා දේශපාලනය කළේ? රජයේ සේවකයෙක් නම් දේශපාලනය කළ එක හරිද? (නි)
එක වල්ලේ පොල් (බ)
මේ එස්.බී හොරා, කවදාද කරපු හොරකම්වලට නීතිය යටතට ගෙනෙන්නේ? (බ)
හොරු වෙනුවෙන් හොරුන්ගේ තද අනුකම්පාව !!!! (බ)
ඔහු තාම නීතියෙන් වැරදි කරුවෙක් වෙලා නැහැ , (හේ)