උඩුනුවර දේශපාලනය කරන සමහර දේශපාලනඥයන් ඉතිහාසයේ පටන් පුජනීය ප්‍රදේශයක් වූ උඩුනුවර අපවිත්‍ර කිරිමට උත්සහ දරන බව උඩුනුවර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහනුවර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා වට්ටප්පල පැවැති පිළිගැනීමේ උත්සවයකදී පැවසීය.

‘උඩුනුවර ගෝනාදික‍ව ප්‍රාද්ශයේ පරිසර අමාත්‍යංශයේ ‘පිළිසරු‘ වැඩ සටහන යටතේ කුණු කසල ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානය ආරම්භ කිරිමට කටයුතු ආරම්භ කිරිමට මෙම භුමිය තෝරගෙන තියනවා. මේ මධ්‍යස්ථානයට පළාත් පාලන ආයතන 11 කින් කුණු කසල ගේන්න සැලසුම් කරල කරලා. නමුත් ඒ පළාත් පාලන ආයතන වලට තම තමන්ගේ කුණු කසල නඩත්තු කර ගන්න ක්‍රම සාදා ගන්න ඕනෑ. පසුගියදා දිස්ත්‍රික් කමිටුවේදි  මේ සම්බන්ධව එස්. බී. දිසානායක ඇමැතිවරයා මේ බව සදහන් කළා. නමුත් එම කුණු කසල ව්‍යාපෘතිය ඇති කළොත් පූජනිය නගරය විනාශ වෙනවා. අපිට දැන  ගන්න ලැබිල තියෙනව මේ කසල ව්‍යාපෘතිය කරන්න උත්සාහ ගන්නා ප්‍රාදේශිය දේසපාලනඥයෙක් විදෙස් සංචාරයකුත් ගියා කියල. කසල ව්‍යාපෘතිය ආරම්භ කිරිමට මුල් වන දේශපාලනඥයින් මෙය පුජනීය නගරයක් ලෙස නම් කිරිමටද යෝජනා කළා. දැන් මේ කුණු කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් පටන් ගන්න යනවා‘ යැයි ජයවර්ධන මහතා කීවේය.

ඉතිහාසයේ පටන් පැවැති පුණ්‍ය භූමිය විනාශ කිරිමට තමා  දේශපාලනයේ සිටින තුරු ඉඩ නොදෙන බවත් මන්ත්‍රි වරයා අවධාරණය කළේය.