ශ්‍රී ලංකාවේ ප්‍රකට නාරිවේද වෛද්‍යවරයකු වූ අභාවප්‍රාප්ත වෛද්‍ය ශිවා සින්නතම්බි කොළඹ සරසවියට පරිත්‍යාග කළ කොළඹ හතේ නිවසේ තිබූ රුපියල් කෝටි 15ක භාණ්ඩ සොරකම් කළැයි කියන නඩු වාර්තාවේ ලියවිල්ලක් ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළේය.
වෙබ් අඩවිවලින් ලබා ගත් බව කියන වාර්තා කිහිපයක් අඩංගු ලියවිල්ලක් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයකු විසින් ඊට පෙර උසාවියට ඉදිරිපත් කර ඇති බවත් එම ලියවිලි නඩු ගොනුවට එකතුකර ඇති බවත් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වන එස්.බී.දිසානායක ගැන පලකර ඇතැයි කියන එම ලියැවිලි මෙසේ ඉවත් කැරිණි.
දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ.වී.තවරාසා මහතා පැවසුවේ දිසානායක මහතාගේ කීර්ති නාමය පළුදු කිරීමට මාධ්‍ය මගින් කට කතා පැතිරවීමේ උත්සාහයක් ඇති බවයි. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අද උසාවියට පැමිණ සිටියේ නැත.
දොස්තර සින්නතම්බිගේ බෑණාගේ අභාවයෙන් පසු කුරුඳුවත්ත පොලිසිය එම නිවසට මුද්‍රා තබද්දී රුපියල් කෝටි 15ක් පමණ වටිනා පෞරාණික වටිනාකමක් සහිත බඩු මුට්ටු එහි තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
බඩු භාණ්ඩ සොරකම් කර ඇතැයි කියනුයේ එම නිවස පොලිසිය භාරයේ පවතින කාලයේ දී බව ද අධිකරණයේ දී සඳහන් විය. වැඩිදර විභාගය ලබන පෙරවාරි 03ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කවුරු අාවාත් දේශපලුවෝ නිදැල්ලේ අහිංසක පොඩි මිනිස්සු හැමදාම හිරේ (බ)
පුදුමයක් නැ. (ර)
ඒක ඇත්ත ජයවීර (නි)
මේ දේශපාලකයින් පත්කර ගත්තෙත් ඉතින් මහජනතාවමනේ (නි)
අනේ මන්දා අපිට මේවා ගැන මොකුත් කියන්න බැහැ (නි)
ඒ කාලේ වගේ නෙමෙයි දැන්... (ර)
කෙතරම් උතුම් අදහස් ඇතිවද මේ වටිනා දේපල සරසවියට දෙන්න ඇත්තේ. මේවත් හොරකම් කරන්න තරම් මිනිස්සු පහලට වැටිලා. කරුණාකර වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. (ර)
ප්‍රතිපල කොහොමද.? (ර)
අපිනම් ඕක දැනගෙන හිටියා. (ර)
මොහොට්ටිපාල, මේවගේ දේශපාලකයන් ජනතාව ප්‍රතික්ශේප කළා. ඒ අය ආයෙත් ආවෙ ජාතික ලැයිස්තුවෙන්. ඒ නිසා ජනතාවට බැනල වැඩක්නෑ. (බ)
ඔය පොතෙන් ගැලෙව්වට යම රජ්ජුරුවන්ගෙ පොතෙන් ගලවල නැහැ (බ)
මොහොට්ටාල කියනවා මේ දේශපාලකයෝ පත්කළේ ජනතාව කියලා. නමුත් මේ දේශපාලකයන් ජනතාව ප්‍රතික්ෂේප කලා. (ර)
මොහොට්ටාල, මෙයාලව ජනතාව ගෙදර යැව්වා. ජනතාව මේවට පලි නෑ. (ර)
අද හැමදේටම මුලික වෙන්නේ සල්ලි විතරයි. සල්ලි එකතුකරගන්න අද මිනිස්සු ඕනෑම ජරා වැඩක් කරනවා. (නි)
මෙයා පත් කළේ ලැයිස්තුවෙන් ජනාධිපති මේවට වගකිව යුතුයි හොරුන්ට මේ නීතියෙන් ගැලවීම තිබුණාට මෙයාල බාර ගන්න තව තැනක පිරිසක් බලන් ඉන්නවා (බ)
යහපාලනේ හොරු රැකීම නොනැවතීම ඉදිරියට ඡන්දේ දීපු මහජනයාට මඩු වලිගෙන් තැලුවත් මදි. (බ)
අනේ මන්දා... (ර)
මහාජනයා විසින් මැතිවරණයකදී ප්‍රතික්ෂේප කරන ලද මේ " චවුරයා " කෙසේහෝ නැවතත් දියවන්නාව අවට ඇති මි හරක් ගාලේ මහාජනයාගේ මුදල් උලා කමින් යහතින් ජීවත්වේ.(රේ)
අපි මහින්දගේ කාලේ වැරදි කියනකොට අපි ආණ්ඩුව පෙරලන්න යනවා කියුව. අපි මේවා වැරදි කියුවොත් මහින්දට කඩේ යනවා කියනවා. ඒ නිසා මේවා වැරදි නෑ.මෙයා චන්දෙන් ගෙදර යවපු මිනිස්සු නරකා.....යි . ගෙදර යැවුවත් ආපසු ජාතික ලැයිස්තුවෙන් ගත්ත අය හොදා...යි.හැබැයි මගේ රටට දළදා හිමි සරණයි !(රේ)
අපි කුඩා කාලේදී ප්‍රජාචාරය නමැති විශයෙන් හැදෑරුවේ මාස තුනකට වැඩිය සිර දඩුවම් ලබපු කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයකට තරග කල නොහැකි බවයි.(රේ)
ජනාධිපති මෙයා කරන හැම දෙයකටම වග කිව යුතුයි (රේ).