අභාවප්‍රාප්ත නාරිවේද වෛද්‍ය සිවා සින්නතම්බි කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ ගොඩනැගිල්ලේ තිබූ දේපළ සොරකම් කළැයි කියන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තා උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයකු හා වත්මන් ඇමැතිවරයකු වන එස්.බී.දිසානායක වෙනුවෙන් පෙනී සිටි කේ.වී.තවරාසා නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් කවුදැයි නම් කරන ලෙසයි.
දිසානායක මහතා සැකකරුවකු බවට කටකතා පැතිර යතියි ඔහු කියා සිටියේය. රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට පැවසූයේ හිටපු ඇමැති තවම සැකකරුවකු කර නැති බවයි. පරීක්ෂණ අවසන් නැතැයිද රහස් පොලිසිය කීවේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රසිකා වීරසූරිය නීතිඥවරිය කියා සිටියේ තවරාසා මහතාගේ ඉල්ලීම අසාධාරණ හා අදාළ නොවන බවයි.
බාධාවකින් තොරව පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට ඉඩ තිබිය යුතු බවද ඇය කීවාය. දිසානායක මහතා සැකකරුවකුද නැද්ද යන්න ගැන දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නා එස්බි (ම)
අනේ අම්මපා බලනකොට මෙයත් කරලා තියෙන වැඩ? (නි)
මොන කතාද ? (ස)
ඉක්මණට තීරණය දෙන්නකෝ (නි)
මම නම් මේ තීරණය ගැන හිතන්න යන්නේ නැහැ. (නි)
එස්බී ට නෙමෙයි වැරදුනේ, මෙරටේ මහජනතාවට. (නි)
හොඳයි ඔහොම යමුකෝ! (නි)
අර කතාවක් තියෙනවනේ කූඩැල්ලා මෙට්ටය උඩ තියන්න බැහැ කියලා (නි)
ජනතාවට වැරදුනේ නැහැ. ජනතාව මොහු තැබිය යුතු තැන තැබුවා. ඒ ජනමතයට පයින් ගහලා මොහු පාර්ලිමේන්තුවට ගෙනාවා නොවේද? (නි)
ඔහොම යමුකෝ (නි)
යහපාල, ඔයා හරි. ජනතාව කළයුතු දේ කළා. (නි)
යසපාල හරි. යහපාලනයට ඡන්දය දුන් අයට දැන්නම් එපාවෙලා. (නි)
දවසක මේ සියල්ල හෙළිවේවි (නි)
මහින්දට වැරදුනෙත් හොරු ළංකරගෙන ආරක්ෂා කළ නිසා. පැරදුනු අය නැවත ළංකර ගන්න එපා (නි)
මේ රටේ ජනතාව එස්.බි. ට හිමිවිය යුතු තැන ඔහු තැබුවා. (නි)
බලනකොට මෙතුමාත් පුදුම වැඩනේ කරලා තියෙන්නේ (නි)
එස්.බි. තැබිය යුතු තැන ජනතාව ඔහුව තැබුවා. ඔහු එතනින් ඉවත්කර පාර්ලිමේන්තුවට ගෙනගියත්, ජනතාව අවස්ථාව ලදවිටක ඔහු තැබිය යුතු තැන නැවත තබාවි (නි)
එස්. බී. දිනුවා නම් අඩුගානේ කියන්න තිබුණා අනේ අම්මපා ඡන්දෙ දීපු අයට මඩු වලිගෙන් තළන්න ඕනැ කියලා. ඒත් දැන් මොනවා කියන්නද අපි? (නි)
එස්.බී. මහත්තයා මොනවද දැන් මේ ගැන කියන්නේ? (නි)
එස්. බී. වැරදිකරුවෙක් නම් ඔහුට ඇමතිකමක් වැනි වැදගත් තනතුරක් දෙයිද? (නි)
එස්.බී ගැන කවර කතාද අනේ (ම)
සුමනවීර හෙවත් ළඟින් ගියොත් ඇහැක් නැහැ?? උරුලෑවා ගිය පාරෙන් සුවඳ හොයල වැඩකුත් නැහැ??? (බ)
මට පුළුවන්කමක් තිබෙනවා නම් මුළු පාර්ලිමේන්තුවම එළවනවා ඊළඟ ඡන්දෙන්. එච්චරටම එපාවෙලා දැන් (නි)
අපි නොදන්නා වලපනේ නැද්ද හා ? (බ)
එස්බී වැරදිත් නෑ වීසී වැරදිත් නෑ. අන්තිමේදී පොඩි එකෙකුගේ පිටින් යයි කොහොමත් (ම)
හැමදාම මොකක්හරි ප්‍රශ්නයක් දාගන්නවනේ (නි)