උසස් තාක්ෂණ ගණකාධිකාර ඩිප්ලෝමා සිසු සිසුවියන්ගේ උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරී ප්‍රදීප් පනාමල්දෙණිය මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ලබන මාර්තු 31 වැනිදා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය මානව හිමිකම් කොමාසමට අද (15) නියෝග කළේය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොමිසමේ සාමාජිකයින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලු අතර එහිදි මෙම නියෝගය ලබා දෙන ලදී.
අදාළ උද්ඝෝෂණයේදී පොලිසිය අවම බලය යොදා එය විසුරුවා හැරිය බවත්, එසේ නොකළා නම් ජන ජීවිතියට හානි සිදුවීමට ඉඩ තිබු බවත් පෙන්වා දෙන පෙත්සම්කාර පොලිස් අධිකාරීවරයා කියා සිටින්නේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නිසි පරීක්ෂණ පැවැත්වීමකින් තොරව අදාළ පොලිස් කණ්ඩායම් ප්‍රශ්න කිරීමකින් තොරව සිදු කොට ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.පීගේ පෙත්සමට මානව හිමිකම් කොමිසමෙන් විරෝධතා ඉල්ලයි
චන්න බුවනක Monday, 15 February 2016 02:16 PM
අවම බලය පොල්ලකින් ගහන එකද. (බ)