(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හෙරොයින්  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුඅත්අඩංගුවටගැනීම සඳහා රඹුක්කන  තිස්මල්පොල ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් දෙදෙනකුට අතින් පයින් සහ පොලු වලින්  පහර දී එක් නිලධාරියෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළේ යැයි කියනඑකම පවුලේකාන්තාවන් දෙදෙනකු සහ දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව එම බළකාය පවසයි.

අඩංගුවට ගත් සිව්දෙනා අතර ගුරු වෘත්තියේ නිරතව සිටින කාන්තාවක් සහ 25 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකු ද සිටින බවපොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාකෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.