පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනෙක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති.

වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව මෙම පත්වීම් කර ඇති අතර වැඩ බැලීමේ කාලය බ්‍රහස්පතින්දා (04) සිට ආරම්භ වන බව වැඩ බලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

නීතිය, පොලිස් නියෝග සහ ගිණුම් යන කාර්යක්ෂමතා කඩයිම් පරීන්ෂණවලින් ද භාෂා පරීක්ෂණයෙන් ද සමත්වූ පසු ඔවුන් ස්ථිර කිරීමට නියමිතය.