විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් පස් දෙනකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින එස්.ටී.එෆ් සාමාජිකයන් 13 දෙනා ඇප පිට නිදහස් කරන්නැයි ඔවුන්ගේ නීතීඥයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා ඔවුන් අගෝස්තු 05 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දෙමල සිසුන් පස් දෙනාව කොටි ලැස්තුවට එක්කරලා ඒ සිසුන්ව ඝාතනය කරපු එස්.ටී.එෆ් සාමාජිකයන් 13 දෙනාව වීරයෝ හැටියට නම් කරන්න. නැත්නම් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් වත් කොටි කියලා සමහර අය කෝපවේවි.(නදී)
සාමකාමී රටේ සහජීවනය අවශ්‍යයි. නීතිය සැමට පොදුයි. අපක්ෂපාති පරීක්ෂණයක් කරලා සාදාරනයක් කරන්න. (නි)
කටුනායක ඇගලුම් සේවකයයි, හලාවත ධීවරයයි, වැලිකඩ බන්ධනාගරයයි සම්බන්ධ සිද්ධි ගැනත් මේකත් එක්කම පරීක්ෂණ වැඩිදුරට පැවැත්වුවා නම් හරි (නි)
සෝවාන් වෙලා යුද්ද කරන්න බැහැ කියන දේ පිළිගන්න ඔබට අහිංසක මිනිසුන් මැරූ බවත් පිළිගන්න වෙනවා මහත්තයෝ. ලෝකේ කොතැනක හෝ අහිංසක මිනිසුන් නොමරා කල යුද්දයක් ඉතිහාසයේ නැහැ. බන්දුල මහත්තයෝ පුදුමේ කියන්නේ 88/89 මතක් උන ඔබට 83 මතක් නොවුනේ කෙසේද ? බලන්න එක දෙයක් , අපේ බෞද්ධයෝ බංගලිදේශ් බෞද්ධයන්ට ගහද්දි මේ විරෝධය පානවා. ඉරාකෙට ගහද්දි මුස්ලිම්වරු මෙහෙ විරෝදය පානවා. කොටින්ට ගහද්දි ඉන්දියාවේ දෙමල මිනිසුන් විරෝධය පානවා. කවුරුත් තමන්ගේ ජාතියට ආගමට ලැදීයි මහත්තයෝ. මෙතැනදී ඔබ හරි ඔබ ඔබේ ජාතියට ලැදියි. නමුත් සත්‍ය හිතට ගන්න. ඔබ යුද්ද කරලා අපේ රට බේරා ගත්තා. එයට මගේ උත්තමාචාරය. ඒත් ප්‍රර්ථනා කරන්න මේ රත්තරන් පොලවේ කිසිදාකවත් යුද්දයක් ඇති නොවේවා කියලා. ඒ සෑම ජාතියක් වෙනුවෙන්ම .. අපි නැගිටිමු එක්සත්ව , එක සිත්ව. පෙර කී කල දේ ගැන නොසිතා.(නදී)
වෙල්මුරුගන් මහත්තයෝ, අපිත් ඔය කලේ ත්‍රින්කෝ හිටියා.ඔය කියන වෙලාවට මුදු වෙරළවල් අයිනේ මෙලෝ මනුස්සයෙක් ඉන්න කාලයක් නෙමෙයි ඒ කාලේ.ගම් වලට පැනලා අහිංසකයෝ පෙති ගැහුවේ, අහිංසකයෝ යන බස් වලට ක්ලේමෝ තිබ්බේ, පිස්තෝල කල්ලි ලීඩ් කලේ ඔය වයසේ කට්ටිය තමයි ඔක්කොම. විශ්ව විද්‍යාල වලට තේරුණු අය නෙමෙයි විශ්ව විද්‍යාල වලට ගිහින් ඒවා ඇතුලේ ඉදන් මිනීමැරුවෙත් ඔය වයසේ කට්ටියම තමයි.අපේ සමහර අයට අතීතය මතක නැහැ. ඔබතුමා දෙමල හින්දා ඔයගැන අදහස් දානවා ඇති. 88/89 දහස් ගණන් සිංහල කොල්ලෝ කෙල්ලොත් ඔය විදියට වඩා අමානුෂික විදියට මැරුම් කෑවා.ඔක්කොම ඉන්නේ අහිංසකයෝ වගේ මිනිස්සු අස්සේ.වැඩේ වැරදුනොත් අහිංසකයෝ.වැඩේ හරි ගියොත් මහා විරුවෝ. මේ වරුණ කියන කෙනාට කියන්න දෙයක් තියෙනවා. කටුනායකදී පොලිසියට ගහපු විදිය අපි දැක්කා.ධීවරයෝ හැසුරුණු හැටි අපි දැක්කා. බන්දනාගරේ සිද්ධිය අපි දැක්කා. එයාලව දෝතට අරන් නලවන්නද කියන්නේ? ඔය බබා. යන්න මොන්ටිසෝරියකට සුප්පුවක් කටේ ගහගෙන.රටකට පොලිසියක් හමුදාවක් ඉන්නේ පොල් ගාන්න නෙමෙයි (නි)
බන්දුල මහත්තයා, ඔබ 100% නිවැරදියි.අපේ ඉන්න සිංහල සමහර අයට ඕවා තේරෙන්නේ නැහැනේ මහත්තයා. (දී)
නියමයි බන්දුල (නි)
බන්දුල මහත්තයෝ ඔයාලා එදත් අදත් දෙකේම කලේ කරන්නෙත් මේ එල්.ටී.ටී එක සහ අහිංසක මිනිසුන් ගැන එක විදියේ අදහස් පල කරන එක, ඇත්තෙන්ම බැලුවොත් බන්දුල වගේ අය එල්.ටී.ටී එකට වඩා භයානක ත්‍රස්තවදීයෝ. හමුදාවේ හැමෝම නැති උනත් ටික දෙනෙක් උතුරේ එල්.ටී.ටී එකට සමාන දේවල් කලා. ඒකයි ඇත්ත. බන්දුල මහත්තයෝ ඔයා ත්‍රිකුනාමලයේ හිටියා නම් පාතාලේ කුමාර අයියා , අහිංසක දෙමල වැසියෝ කීදෙනෙක් හමුදා සෙබළු එක්ක ගිහින් මැරුවද කියල එයාගෙන් අහල බලන්න. යුද්දයක් ගැන කතා කරනවානම් එක පැත්තක් ගන්න බැහැ සහෝදරයා , මිනිස්සු යුද්දෙට ගියා මිස සෝවාන් වෙච්ච අය යුද්දේ කලේ නැහැ. (නදී)
මිස්ටර් සිටිසන් , ඔයාටත් එක්කයි කිවුවේ (දී)
ඔවුන් වැරදිනම් අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනෑ, නීතිය කාටත් පොදුයි. ලොක්කෝ කඩකරන නිසා අපිත් කඩකරන්න ඕනෑ කියන මතයේ හිටියොත් අපේ රට බේරා ගන්න බැරිවෙනවා. ඒ නිසා අපි අපේ රටේ නම ආරක්ෂා කරමු. (දී)
මේ බන්දුලලා සිටිසන්ලා වගේ අයටත් මේ වගේ කරනන් තමා වටින්නේ.(අ)
අයියෝ , මොනවද මේ කතා? දහස් ගානක් සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු මරපු සමහර අය ඔය අපුරුවට ඉන්නේ. ඔන්න ඔහේ මේ 13 දෙනාටත් පාඩුවේ ඉන්න දෙමු (දී)
එතකොට පොලිස් නිලදාරීන් දහස් ගණනක් මැරූ සමහර අය නිදැල්ලේ ඉන්නේ. කවුද ඒවාට වගකියන්නේ. (දී)
සත්‍යා මහත්තයෝ, සෝවාන් වෙලා යුද්ද කරන්න බැහැ. හමුදාවල හිටපු අපි ඒක දන්නවා. ත්‍රස්තවාදීන් එක්ක කරන ගැටුමකදී අහිංසකයෝ මැරෙන්න පුළුවන්. මොකද උන් ඉන්නෙත් අහිංසකයෝ අතර අහිංසකයෝ වගේ වෙලාව එනකම්. 88/89 ජේ.වී.පී ත්‍රස්තවාදේ මර්දනය කරද්දී අහිංසකයෝ තමයි වැඩිපුර මැරුම් කෑවේ. එතැනදී ජාති බේදයක් නැහැ. ඔය කියන පස් දෙනා අහිංසකයෝ කියලා ඔයාට කියන්න පුළුවන් වගේම මට එයලා කොටි සංන්විදානයට සම්බන්ද අය කියල කියන්නත් පුළුවන්. අහිංසකයෝ ඔය වෙලාවට වෙරළවල් ගානෙ ඔය වගේ වාතාවරණයක් තියෙද්දී කල්ලි ගැහෙන්නේ නැහැ කියලා අපි අපේ අත් දැකීමෙන් දන්නවා. මෙයලා අහිංසක උනත් ඒ වගේ වාතාවරණයකදී ඒ විදියේ සිදුවීමකදී එතන හිටියා නම් සිදු වුනු දේ දේ අනිවාර්යයෙන් වෙනවා. අමු අමුවේ මිනී මරපු කොටින්ට පුනුරුත්තාපනය වෙලා සමාජ ගත වෙන්න අවස්ථාව දෙද්දී භීෂණ වාතාවරණයකදී සිදු වුනු සිදුවීමකට දැන් මේ අය දන් ගෙඩියට දක්කන්න හද වන්නේ කව්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය.(නදී)
මේ ලෝකෙම දැනට ඉන්න මානව හිතවාදින් ලෙස පෙනී සිටන කිසිදු අයෙකු පිලිතුරු නොදෙන කාරණය තමයි කොටි අතින් මැරුන අහිංසක සිංහල මිනිසුන් ගැන නුඹලා කුමක් කියන්නේද යන ගැටලුවයි.(නදී)