අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට එස්. එස්. සී. පිල සහ එන්. සී. සී. පිල සුදුසුකම් ලැබූහ. අද (14) පැවැති අවසන් පූර්ව තරගවලදී එන්. සී. සී. පිල විසින් ලකුණු 4 කින් කෝල්ට්ස් පිල ද, එස්. එස්. සී. පිල විසින් කඩුලූ 6 කින් හලාවත මේරියන්ස් පිල ද පරාජය කරන ලදී. අවසන් මහා තරගය 17 වැනිදා පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
- එන්. සී. සී. පිල විසින් ලකුණු 4 කින් (ඩක්වත් ලූවිස්) කෝල්ට්ස් පිල පරාජය කරන ලදී.එන්. සී. සී. පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 263 (ෆර්විස් මහරුෆ් 39, දේමින්ද දහනායක 60, චාමර කපුගෙදර 27, ජෙහාන් මුබාරක් 60, කෝසල කුලසේකර 26, නුවන් කුලසේකර 37/2, කනිස්ක ඇල්විටිගොඩ 47/2, සජීව වීරකෝන් 45/2)කෝල්ට්ස් පිල ඕවර ඕවර 45 කදී කඩුලූ 6 ට 220 (ඩිල්රුවන් පෙරේරා 20, නිසල් රන්දික 24, කුසල් ජනිත් 65, මලින්ද වර්ණපුර 30, අක්ෂු ප‍්‍රනාන්දු 32, චතුර පීරිස් නොදැවී 35, සොහාන් බොරලැස්ස 38/3)
- එස්. එස්. සී. පිල විසින් කඩුලූ 6 කින් මේරියන්ස් පිල පරාජය කරන ලදී.මේරියන්ස් පිල ඕවර 47.2 කදී 160 (ජනක ගුණරත්න 43, ගයාන් විජේකෝන් 47, සචිත‍්‍ර සේනානායක 23/5, ධම්මික ප‍්‍රසාද් 30/3)එස්. එස්. සී. පිල ඕවර 43.1 කදී කඩුලූ 4 ට 166 (තිළිණ කණ්ඩම්බි 66, කෞෂාල් ලොකුආරච්චි නොදැවී 59)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd