අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පෙළපාළිය පාර්ලිමේන්තු පිවිසුම් මගට යතියි ලැබුණු ආරංචි අනුව එය වාර්තා කිරීමට ගිය රූපවාහිනී නාලිකාවට කැමරා ශිල්පියකුට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බාධා කළේය. බැන වැදුණේය. තර්ජනය කළේය.
කැමරා ශිල්පියා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය හැදුනුම්පත පෙන්වූ විට එය ගනන් නොගෙන තම රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගන්නා බව තර්ජනාත්මකව කීවේය. මාධ්‍යවේදියා ගියේ ද රාජකාරි කටයුත්තකට බව මාධ්‍යවේදීහු කියති.
පොලිස් නිලධාරියා - මෙතන අපි අපේ රාජකාරියක් කරන්නේ.
කැමරා ශිල්පියා - ඇයි මෙතන වීඩියෝ කරන්න තහනම් ද?
පොලිස් නිලධාරියා - මෙතන මීඩියා කරන්න එපා. කැමරාව පල්ලෙහා දාන්න.
කැමරා ශිල්පියා - ඇයි මෙතන වාර්තා කරන්න බැරි?
පොලිස් නිලධාරියා - කරුණාකරලා කැමරාව පල්ලෙහා දාගන්න. රාජකාරියට බාධා කරනවා කියා අල්ල ගන්නවා හරිද?
කැමරා ශිල්පියා - මොකක්ද මං කළ වරද?
පොලිස් නිලධාරියා - ඔයාට මෙතන හිතු මතේ බයික් නවත්තලා මේව්වා කරන්න බෑ.
කැමරා ශිල්පියා - මමත් මෙතන ඇවිත් තියෙන්නේ වැඩකට. මගේ අන්‍යතාවය පෙන්වලා තියෙන්නේ.
පොලිස් නිලධාරියා - මේ මෙහේ මීඩියා කවර් කරන්න මේකක් නෑ.
(වීඩියෝ හිරු රූපවාහිනියෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
මේ මොකක්ද මේ වෙන්නේ? එහෙම කොහොමද මාධ්‍යයට බාධා කරන්නේ? (නි)
තවමත් පොලිසිය හිතා ගෙන ඉන්නේ නීතිය කියන්නේ ඒ ගොල්ල කියල. (ම)
ඔය පහුගිය ආණ්ඩුවේ ඉත්තෙක්ද..? යහපාලනයට ගැලපෙන්නේ නැහැ නේද..? (ම)
අනවශ්‍ය ලෙස ඉදිමීම කාටවත් ඔබින්නේ නැහැ (නි)
මේ වගේ වෙලාවකදී ඉවසීම තමයි වැදගත් වෙන්නේ (නි)
මාධ්‍යවේදීන් කරන්නේ එයාලගේ රාජකාරිය (නි)
පොලිස් රාජ්‍යය ඔහොම තමයි (නි)
කට ඇරපු ගමන් නිලධාරීන්ගේ හැටි දැනගන්න පුළුවන් (නි)
අන්න අයෙමත් අනාගත නේද? මිනිසුන්ට කතා කරනවා නෙවේ.ගොරවනවා.(ම)
මෙතැනදී රාජකාරිය බාධා කලේ මෝඩයෙක් වගේ කෑ ගහන ඒ පොලිස් කාරයනේ. අත්අඩංගුවට ගන්න ඕනේ ඒ මිනිහව .රාජකාරියට බාධා කරන්න කියල බොරු තර්ජන කරලා කොහොමද මිනින්ස්සු බිය වද්ද්දන හැටි . මාධ්‍යවේදීන්ට ඔහොම නම් සාමාන්‍ය මිනිස්සුන්ට කවර කතාද .බොරුව තමයි පොලීසිය කියන්නේ (ම)
පොලිස් බල්ලන්ට ගිය කල. මුන් හිතන් ඉන්නේ මුගේ නීතිය කියලද? (ම)
අපිට කිව්වේ නැතිව තිබුන මාධ්‍ය නිදහස නැවත මේ රටේ ඇතිකරනවා කියලා නේද? දැන් මේ මොකක්ද වෙන්නේ? මේකද අපිට පොරොන්දු වුණ යහපාලනය? මොන නීතියක් යටතේද මේ මාධ්‍යවේදියාට එයාගේ රාජකාරිය කරන්න එපා කියන්නේ? මාධ්‍යවේදීන් කරන්නේ මහජනතාව වෙනුවෙන් සේවයක්. මහජනතාව හැටියට අපිත් ඇත්ත දැනගන්න ඕනෑ (නි)
නරකද මේ කට්ටියට විනය, හික්මීම ගැන මාස තුනකට සැරයක්වත් සම්මන්ත්‍රණයක් කළොත්? (නි)
රටේ නීතිය ඉක්මවා යන්න කිසිවෙකුට අයිතියක් නැහැ. තමන්ගේ සීමාව මොකක්ද කියලා අවබෝධ කරගෙන තම රාජකාරිය කිරීමයි කළයුත්තේ. මෙවැනි තත්වයන් පාලනය කිරීමට පොලිසියට පුර්ණ අයිතියක් ඇති බවත් අපි පිළිගත යුතුයි නේද? (නි)
මේ පොලිස් නිළධාරියාගේ හැසිරීම කොහෙත්ම පිළිගන්න බැහැ. ඔහුගේ ක්‍රියාව හෙළාදැකිය යුතුයි (නි)
මේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා (නි)
මේ ගැන පියවරක් ගන්න. කොහොමද මාධ්‍යයට බාධා කරන්නේ ? (බ)
දැන් මාධ්‍ය හිතන් ඉන්නේ ඒ අය තමා හොදම කියල,,ඒ අය සමාජයට කරන විනාශේ කියල ඉවර කරන්න බෑ (බ)
ඉස්සරහට තව දේවල් වෙනකොට මිනිසුන්ට තේරේවි. එතෙක් කකුළුවෝ වගේ උතුරන හැළියේ නටමින් සිහින විඳින්නකෝ.. (නි)
මෙය සත්‍ය සිදුවීමකි, මාගේ මෝටර් රථය මීගමුවේ ජානකිර්ණ විදියකදී පොලිස් කොස්තාපල් කෙනෙක්ය සිතිය හැකි නිලදරුවෙක් නවතන ලදී. රියදුරු අසුනේ සිටම මා ලියකියවිලි ඉදිරිපත් කළද ඒ ( උගත් ) නිලධාරියා ලියකියවිලි බාර ගැනීම ප්‍රතික්ෂේප කර, රථයෙන් එලියට පැමිණ ලියකියවිලි පෙන්වන ලෙස ඉතා සැර පරුෂ විදියට කියා සිටියා. මේ තමා හරි විදිය රාළහාමි කියා පැවසුවද ඔහු පෙරලා පවසා සිටියේ මේ මගේ විදිය කියාය. එහෙනම් රාළහාමි මම යන්නද කියුවිට ඔහු කියා සිටියේ මගේ පිස්තෝලය පාවිච්චි කරන්න තියන්න එපා කියා. එවන් ( උතුම් ) නිලධාරියකුගේ ප්‍රාණ ඝාතනයක් වීමට අවැසි නොවීම නිසාත්, මගේ වැදගත් කාලය ඔහු නිසා කා නොදැමිය යුතු නිසාත් මා නිහතමානිව බැස ලියකියවිලි පෙන්නා යන්ට ගියෙමි. (බ)
මාධ්‍යවේදියා පොලිසියේ රාජකාරිය කරන්න වගෙයි හදන්නේ. සමහර වෙලාවට අපේ පොලිස් මහත්තුරු හොඳ වැඩියි. මාධ්‍ය සංදර්ශන පස්සේ පවත්වන්න පුළුවන්. පළමුව පොලිසියට ඒ අයගේ කාර්යය කරන්න ඉඩ දෙන්න ඕනා. (බ)
අට පාස් කරලා පොලිසියට බැඳුණු පොලිස් මාමෙක් (බ)
දවසක් මම ලංකා බැංකු මුලස්ථානයට ඇතුළුවීමට මගේ මෝටර් රථය නියම විදියට පාර අයිනේ නවත්තගෙන ඉන්න කොට එතන හිටිය රාළහාමි (නමටත් නින්දාවක්! .රාළහාමි කියන්නේ උගත් බුද්ධිමත් අයට කියන ගරු නාමයක් ) ..ඉස්සරහට ගන්නවද,නැත්නම් මම ලයිසන් එක ගන්නද කියල මට තර්ජනය කළා .(ම)
මේ සැරේ මාධ්‍ය ඇස වහල නෙලන්නද දන්නේ නැ හැදුවේ (ම)
යහපාලනයේ මාධ්‍ය නිදහස (ම)
මේ නිලධාරියා ඇදල ඉන්න යුනිෆෝම් එකේ පාට අනුව එයාගේ රස්සාව තීරණය කරන්න බැරිද ඔයගොල්ලන්ට...?ඒ පාට " අශුචි " පාට. එයා කරන්නෙත් "අසුචි " වැඩ.මේ ශ්‍රී ලංකාවේ පොලිසියේ වැඩනේ...(බ)
මට නම් මේ හැසිරීමේ කිසිම උගත්කමක් පෙනෙන්නේ නැහැ (නි)
ලංකාවේ පොලිසියටත් පුහුණුවක් දෙන්න වෙනවා කතා කරන්න (ම)
පොලිස් නිලාදරින්ගේ ඉගැනීමේ මට්ටම වල ඇති වෙනස්විම් නිසා අනුවණ සේ ක්‍රියා කරයි (ම)
මොන දේ කරන්න ගියත් පිලිවලක් තියනවා.හැම කෙනාටම නිල අැදුම් අන්දල ලාංජන පළඳලා නෑ. මාධ්‍ය වෙිදියායයි කියාගත් පුද්ගලයා වැදගත් විදිහට ස්ථානය භාරව සිටි නිලධාරි හමුවි අවසර ගත්තානම් නේද ලස්සන. (ස)
ඉස්සර අපේ ගමේ පොලිසියෙන් ගුටිකාපු අය පාරේ පොලිස් ජීප් එක යද්දී හූ කියල දුවනවා. සමහරවිට මෙතන සමහර අයටත් එහෙම වෙලා ඇති. තම තමන්ගේ හිතේ පොලිසිය එකක් තියන පෞද්ගලික තරහ පිරිමහගන්න හොඳ අවස්ථාවක් මේක. (ම)