කණ්ඩායම හිමිකරුවන් විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතු වගකීමේ මුදල් නියමිත දිනයට නොගෙවීමත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් පිළිබඳ බැංකු වගකීම් සහතික ඉදිරිපත් නොකිරීමත් නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් දෙවැනි වරට පැවැත්වීමට සූදානමින් සිටි එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.
එස්. එල්. පී. එල් තරගාවලියේ අධ්‍යක්‍ෂක, අජිත් ජයසේකර මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ තරගාවලිය බොහෝ දුරට අවලංගු වීමට ඉඩ ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඒ සම්බන්ධයෙන් අද (17 වැනිදා) දිනය තුළදී තීරණයක් ගැනීමට නියමිත බවත්ය.
”මෙම වගකීමේ මුදල් ගෙවීමට ඔවුන්ට දී තිබූ කාලය ඊයේ (16 වැනිදා) අවසන් වුණා. ඇරත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් ස්ථිර කිරීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පියවරක් ගෙන නෑ”
”මේ තත්ත්වය යටතේ අපට තරගාවලිය තියන්න අපහසුයි. යම් විදිහකින් ඔවුන් මුදල් නොගෙවා සිටියොත් කී‍්‍රඩකයන්ගේ මුදල් ගෙවන්න වෙන්නේ අපටයි....ඒත් ඒක කරන්න බෑ” යයිද ජයසේකර මහතා එසැණට පැවසීය.
අයි. පී. එල්. තරගාවලියෙන් ඉවත් කරන ලද ඇතැම් කණ්ඩායම්ද තමන්ගේ කී‍්‍රඩකයන්ට මේ දක්වාත් මුදල් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින, ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුලින් සැලසුම් කළ තිබිණ. එහෙත් එම ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීමට සිදුවූයේ එස්. එල්. පී. එල්. තරගාවලියට කාලය වෙන්කර ගැනීම සඳහාය.
එස්. එල්. පී, එල්. තරගාවලිය නොපැවැත්වුවහොත් ශී‍්‍ර ලංකාවට තරගාවලි දෙකක්ම අහිමි වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම ඉන්නේ සිංහලයන් එක ජාතියක් විතරයි. ඇයි අපි අලුත් දෙයක් කරන්නේ නැත්තේ? (නි)
මෙන්න අපේ ලංකාවේ ක්‍රිකට් වල අනාගතය (නි)
දැන් හැමතැනම 20/20 තියෙනවා . අපිත් 20/20 නැතුව, එක කන්ඩායමකට ඕවර 10 ක් හිමිවෙන පරිදි 10/10 තරගාවලියක් පැවැත්වුනා නම් හරි. අලුත් දෙයක් නිසා ජනප්‍රිය වෙන්නත් පුළුවන්. (නි)
මොනවා උනත් ඔය තේරුමක් නැති සල්ලි විනාස වෙන ඒ මදිවට අන්තිමේ ලජ්ජවෙන්නත් සිද්දවෙන ඔය තරගය නවතින එක ගැන සතුටු වෙනවා.(නදී)
මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රීඩාවලට බුදු සරණයි! (නි)
ඒක හොදයි (නි)
ඇති යන්තන්. නැත්තන් විලි ලැජ්ජාවේ පන යනවා. ඒ වගේම කෝටි ගණක ලොස් එකකින් ලංකාවේ ක්‍රිකට් බේරෙන අතර සංවිධායකයන්ගේ සල්ලි පිල්ලි ගහන එකත් නවතිනවා (නි)
ඉන්දියාව කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් ජීවිතය වුනත් කැපකරන්න සුදානම් මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා එහෙ ඉන්න කෝටිපතියෝ අයි පි එල් වෙනුවෙන් වියදම් කරන මුදල් උපයාගන්න එක එයාලට ප්‍රශ්නයක් නෙමෙයි. පිටරට වල කරන දේවල් අනුකරණය කරන්න අපේ අය හරිම දක්ෂයි. නමුත් මේක අපේ රටට ගැලපෙන්නේ නැති බව දැන්වත් තේරුම් ගත යුතුයි. මේ වගේ දේවලින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට හානියක් වෙන්න බැරි නැහැ. (නි)
ඉන්දියාව අයි.පී.එල්. වලින් තමයි අළුත් ටීම් එකක් හැදුවේ. ඒවායින් තමයි මැච් වලදී කණ පැලෙන්න ගහන්නේ. එස්.එල්.පී.එල්. තරගාවලිය නැතිවීම ලංකාවේ ක්‍රිකට් වල අවසානය වෙන්නත් පුළුවන් (නි)