ස්ථාන දෙකකදි අල්ලස් ලබා ගැනීමේදී සිද්ධිය දෙකකට උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන් වරයකු සහ කාර්යාල කාර්ය සහායකවරයකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව  කියයි.

කෑගල්ලේ වැලි ලොරි හිමිකරුවකුගෙන් රුපියල් 8500ක අල්ලසක ඉතිරි රුපියල් 3500 අද ලබා ගැනීමට ගියැයි කියන උප පොලිස් පරික්ෂකවරයෙක් සහ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යතුරුපැදියක අංක තහඩු ලබා දීම සදහා රුපියල් 1000ක අල්ලසක්  ගත් බව කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ  කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.