ස්ථාන දෙකකදි අල්ලස් ලබා ගැනීමේදී සිද්ධිය දෙකකට උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන් වරයකු සහ කාර්යාල කාර්ය සහායකවරයකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව කියයි.
කෑගල්ලේ වැලි ලොරි හිමිකරුවකුගෙන් රුපියල් 8500ක අල්ලසක ඉතිරි රුපියල් 3500 අද ලබා ගැනීමට ගියැයි කියන උප පොලිස් පරික්ෂකවරයෙක් සහ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යතුරුපැදියක අංක තහඩු ලබා දීම සදහා රුපියල් 1000ක අල්ලසක් ගත් බව කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.අයි/පී.සී 3500ක පගාවක් ගන්න ගිහින් අමාරුවේ
කුමාර Friday, 12 February 2016 02:46 AM
අනේ හැබෑට මෙහෙමත් නිලධාරියෝ? (නි)
නන්දලාල් Thursday, 11 February 2016 10:18 PM
මේ වගේ තුට්ටු දෙකේ පගාවක් ගන්න ගියපු මේ පොලිස් නිලධාරීන්ට වෙන්නේ කාකි කෝට් එක ගලෝල තියල, ජොබ් එක නැති කරගෙන උසාවි ගානේ රස්තියාදු වෙන එක තමා... අනේ මෙහෙමත් මෝඩයෝ !!!(කෞ)
රොකි Thursday, 11 February 2016 01:38 PM
මේ විදිහේ ජන හතුරන් ගෙදරම යැවීමට කටයුතු කිරීම සුදුසුයි!(අ)
මනෝජ් Thursday, 11 February 2016 02:57 PM
මගේ දැනුම හැටියට වඩාම දුෂිත වෙලා තියෙන්නේ පොලිසියයි. අපි හැම කෙනාම පොලිසියට පහර ගහනවා. මොන රණවිරුවන්ට සැලකුවත් පොලිසියේ අය රණවිරුවෝ විදියට ඔය කවුරුවත් සලකල නෑ. විශේෂයෙන්ම පොලිසියේ විවාහක නිළධාරීන් රාජකාරි කරන්නේ පවුලෙන් කිලෝමීටර් ගනනක් ඇත. ඔවුන්ගේ වියදම් අහස උඩයි . දැනට දෙන තුට්ටු 2 පඩියෙන් ඔවුන්ට ජීවත්වීම අමාරුයි. ඒ වගේම හොද පුහුණුවක්ද අවශ්‍යයි. පොලිසියේ ප්‍රත්සන්ස්කරන අවශ්‍යයි. (අ)