IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


එල් බෝඩ් දැම්මොත් පුංචි ආණ්ඩු වලටත් පාර්ලිමේන්තුවේ සන්තෑසියමයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වල සභාපති ධූර සඳහා පළපුරුද්දක් නැති නියෝජිතයින් පත් කළහොත් පාර්ලිමේන්තුවට සිදුවී ඇති සන්තෑසියම පළාත් පාලන ආයතන වලත් සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

පළාත් පාලන ආයතන වල ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් කොටස් දෙකක් නැතැයි කී අබේවර්ධන මහතා ඒවායේ කටයුතු සිදුවන්නේ වෙනම ක්‍රමවේදයකට බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල, මාපලගම අතුල දර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බෝධි ප්‍රාකාරය සඝ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

විහාරාධිකාරී මාපලගම ධම්මික හිමියන්ගේ  අනුශාසකත්වයෙන් වජිර අබේවර්ධන මහතා ද මාපලගම ප්‍රදේශවාසී  දායකයන්ගේ සහයෝගයෙන් මෙම බෝධි ප්‍රාකාරය ඉදිකර තිබේ.

ජනතාව පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයින් පත් කළාට පසු බහුතරයේ කැමැත්ත අනුව ක්‍රියාකළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා  තනතුරු වලට පත් කළ යුතු වන්නේ පළපුරුද්ද තිබෙන අය බව සඳහන් කළේය.



අදහස් (10)

එල් බෝඩ් දැම්මොත් පුංචි ආණ්ඩු වලටත් පාර්ලිමේන්තුවේ සන්තෑසියමයි

Rata Perata Wednesday, 11 June 2025 11:31 AM

තවම මෙයාගේ මොලේ හොඳ නැද්ද කොහේද? රටේ ජනතාවට නම් දැන් රජය නියමයි. හොරුන්ට නම් රිදෙනවා.

:       1       13

පොඩිඑකා Wednesday, 11 June 2025 11:36 AM

ඒ කියන්නේ හොඳට කෙරීගෙන යාවි කියන එකද?

:       0       8

ලූට මූස් Wednesday, 11 June 2025 11:38 AM

බෝධි ප්‍රාකාරය සඝ සතු කළාලු.., අනේ මන්දා මට නිකන් ලූස් වගේ...!

:       1       8

සාලිය Wednesday, 11 June 2025 12:08 PM

රට විනාස කල නිල් කොල දේශපාලකයෝ...දැන් පන්සල් ගානේ යනෝ.

:       1       12

Kamal Koyrala Wednesday, 11 June 2025 02:02 PM

අතුල, දර්ශනාරාමය UNP ශාඛා සමිතියක්ද?

:       0       8

කපුරුහාමි Wednesday, 11 June 2025 02:02 PM

මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය, බොරුව, රැවටිලි, කපටි කයිරාටිකකම් වලින් සුදුසුකම් සහ පළපුරුදු දූෂිත දේශපාලුවෝ නැති එක වෙන්ඩැති.. වැල් පාලමෙන් එගොඩ ගිහින් 2048 රට හදනකම් බලාගෙන හිටියා නම් මැරිච්චි තැන්වල ගසුත් පැළවෙලා...

:       0       10

සෙනෙවිරත්න Wednesday, 11 June 2025 02:21 PM

මේ පන්සලේ උන්නාන්සේ දැනගන්න ඕනෑ ස්වාධීන හෝ පිළිගත් මහජන නියෝජිතයෙක් ගෙන්වන්න, මේ පරාදවෙලා, කුජීතවෙලා නන් දොඩවන පිස්සෙක් ගෙන්නන්නේ නැතිව...

:       0       8

සෙනෙවිරත්න Wednesday, 11 June 2025 02:23 PM

පත්වෙලා වසර දෙක තුනකින් තමනුත් හිතවත් මන්ත්‍රීලත් ලක්ෂ නොවෙයි කෝ⁣ටිපතියෝ වෙන විදියට පළපුරුද්දක් තියෙන අය පත්කරගන්න කියන එකයි මේ කියන්නේ...!

:       0       7

සෙනෙවිරත්න Wednesday, 11 June 2025 02:25 PM

ඒ කියන්නේ යූ ඇන්පියත්, පොහොට්ටුවත් එක්වෙලා කරන්න කියන එකද, එහෙම හිතන්න වෙනවා. මොකද සජබෙත් එන්.පී.පියත් දෙකම අලුත්...!

:       0       5

Bunny Preena Thursday, 12 June 2025 09:55 AM

වජිර මහත්තයා පක්ෂය අරක්ගෙන තියෙන භූත බලවේගත් තූෂ්ණීභූත වෙලා යන්නයි කියලා ප්‍රාර්ථනා කරලා තිබුණානම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1105 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 452 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site