පානදුර දුම්රිය පොළ සෙමින් පසුකරද්දී දුම්රිය රියදුරාට සිය ජීවිතයේ ලොකුම අභියෝගයට මුහුණපාන්නට සිදු විය.
රේල් පාරේ සිටගෙන සිටින තරුණයා හා දුම්රිය අතර දුර මීටර 200ක්වත් නැති බව ඔහුට වැටහිණි.
ඒත් ඔහු උත්සාහය අත හැරියේ නැත. සිය දස්කම් විස්කම් යොදා දුම්රිය නවත්වා ගත්තේය. තරුණයාගේ ජීවිතය ද බේරුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චියක් එනව කියලා ඇහෙන්නේ නැති තරම් බීරෙක්ද ඒ හිටියේ..? මේ වීඩියෝ එක දැක්කහම තේරෙනවා. ඒ මනුස්සයා වැරදීමකින් රේල් පාර මැද හිටගෙන ඉන්න කෙනෙක් නොවෙන බව. කෝච්චිය එන පැත්තටම මුහුණ දීගෙන, කෝච්චිය වේගවත් වෙනවාත් එක්කම පාරෙන් පනින්න හරි, ඇදෙන කෝච්චිය නවත්තලා වීරකම පෙන්වන්න හරි හදන කෙනෙක් කියලයි බැලූ බැල්මට පේන්නේ. කෝච්චියට පැනල ජීවිතේ නැතිකර ගන්න ඕනෑ නම් ඔය වගේ තැනක ඉන්නෙ නැහැ. වේගයෙන් එන කෝච්චියකට පනිනවානේ. (නි)
තම රැකියාව නියම අන්දමට කරමින්, ජීවිතයක් බේරාගත් මෙම රියදුරාට අප ස්තුතිවන්ත වියයුතු වෙනවා. මෙවැනි අය මුළු දුම්රිය සේවාවටම ආඩම්බරයක්.... (නි)
කාටද රිදුනේ,කව්රුද හැඩුවේ, දුම්රිය මොහොතක් නතර වුණේ (බ)
මොහුව පොලිසියට බාර දීලා නඩු දාන්න ඕනෑ දුම්රිය ගමන අවහිර කිරීම හා මහජනතාව පීඩාවට පත් කිරීම (ම)
ඒ රතු ටී ශිර්ට් කරය අතරෙයි. රේල් පාරේ ඉන්න මිනිහ අතරෙයි සම්බන්දයයක් තිබෙන බව පේනවා , නමුත් නඩු ගියොත් අර සරම් කාරයට දඩුවම් දෙයි , (අ)
නන්ද ලාල් ඔයා දැක්කද ? කුහක යාලුවා කෝච්චිය එනවා දැක දකම අර අසරණයට ඒ වග නොකිය ..වෙනේකෙක් ඒ මිනිහට පෙනුවා ඔන්න කෝච්චිය එනවා යකෝ අයින්වෙයන් කියල ..? අර කතාකරමින් හිටිය කෙනා අකර තැබ්බයට මුහුණ දුන් මිනිහ ගැන කිසිම තැකීමක් නොකර නොදන්නා ගානට ගීට්ටුව ලගින් අයින් උනා කෝච්චිය නැවත්වුවාට පස්සේ ..සාක්ෂි දෙන්න උනොත් කියල වෙන්න ඇති ..පරිස්සමට මිනිසුනේ ..තම ජීවිතේ ගැන තුන්වෙනි ඇහින් බලමින්ම ජීවත් වියයුතුයි ..?(රේ)
රියදුරාගේ දක්ෂතාවයයි.(හේ)
රූපවති, කෝච්චිය එනවා කියලා කියන්න දෙයක් තියෙනවද? මේක සද්ද නැතුව එන දෙයක්ද? (නි)
මහජන දේපල සමඟ සෙල්ලම්කර දුම්රිය නවතා කළ හානියට මේ තරුණයාට දඬුවම් කර ඔහුගෙන් අයකර ගතයුතු නොවේද? (නි)
ලංකාවේ ඉන්නා මිනිසුන් බාගයක්ම කන් නෑසෙන තරමට පත්වෙලා බස් වලයි කොච්ච්චිවලයි .ත්‍රීවිල් වලයි සියලුම වාහන වල සද්දයට ..ඒක හොදටම පෙනෙනවා අපි ලංකාවට ගියාම අපිට දකින්න ලැබෙන්න අපුරුම දෙය තමයි මිනිසුන් කටින් වචන පිටකරනවට වඩා කතා කරන්නේ ඔලුවෙන් සහ අත පය වලින් මිනිසුන් වචනයේ තේරුම සවනට ග්‍රහණය කර ගන්න පෙර අංග චලනයෙන් කරනා සන්නිවෙධන තේරුම් ගන්න හුරුවෙලා තියෙන්නේ අදික ශබ්බත් සමග ජීවිත ගෙන යද්දී..අවිවේකය සහ අධික ශබ්දය ඔවුන්ව යාන්ත්‍රි කරණයකට පත්කරලා ජීවිතේ ගැන සංවේදීභාවය අඩුවෙන්නේ මිනිසුන්ට එවිටයි ඒක ..ශ්‍රී ලංකාවේ ජීවිත වලට විශාල විදියට බලපාල මිනිසුන්ගේ මනස විකුර්ති කරන ගොර හැඩි ශබ්ද පාලනය කළ යුතුයි ...?.(හේ)