මරාගෙන මැරෙන බෝම්බකාරිය යුද හමුදා මුලස්ථානයේ බෝම්බ පුපුරුවද්දී තමා මිනිත්තු පහක් පමණ කාරයේ දොර අල්ලාගෙන එහි එල්ලි සිටි බවත් ඉන් පසු වාහනයෙන් ඉවත්වී එතැන සිටි බවත් හමුදා නිලධරියකු තමා රෝහලට රැගෙන ගිය බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශක කළේය.
2006 සැප්තැම්බරයේ දී සිදු වු මෙම බෝම්බ පිපුරුවා ඔහු ඝාතනය කිරීමට ගත් උත්සාහය විස්තර කරමින් ෆොන්සේකා පැවසුයේ එදා පස්වරු 1 ට පමණ හමුදා ආරක්ෂාව යටතේ යුද හමුදා මුලස්ථානයෙන් පිටත් වී යාමට සුදානම් වු බවයි.
‘කහ සහ නිල් සල්වාර් ඇදුමකින් සැරැසුණූ කතක දොරටුවේ සෙනඟ අසල සිටියා.මගේ කාරය එම ගැහැනියට මීටර් දෙකකින් පමණ සමීප වෙද්දී ඈ සිටි පැත්තෙන් ගිනි දැල්ලක් මතු වුණා මගේ රියදුරා සුක්කානම මත ඇද වැටුණා.මගේ දෙපැත්තේ සිටි ආරක්ෂක නිලධාරීන්ද වැටුණා මා කාරයේ සුන් බුන් අතරින් එළියට බැස්සා දොර අල්ලාගෙන සිටියා.මිනිත්තු පහකට පමණ පසු හමුදා නිලධාරීන් පැමිණි මා රෝහලට ගෙන ගියා තුවාල වලට බේත් දමන තුරු මට සිහිය තිබුණා. ඉන් පසු සිහිය නැති වුණා.කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී පසුව සිහිය ලැබුණා.’
ෆොන්සේකාගේ සාක්කිය අවසන් විය.
සෙල්ව රාජා කිරුබාකරන් හෙවත් අලිනයාර් මොහොමඩ් නිස්තාර් ලතීෆ් නම් පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි එම් ශ්‍රී කාන්තන් මහතා හරස් ප්‍රශ්න ඇසුවේ නැත.
හනීෆා මොහොමඩ් සිද්දික් හා මරාගෙන මැරෙන කොටි කතක වු දුර්ගා සමඟ එක් වී ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි සෙල්වරාජා කිරිබාකරන් ,ශන්මුගම් සුරිය කුමාර් ,තම්බයියා ප්‍රකාශ් මේ නඩුවේ චෝදනා ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉස්තුතියි.පින්.දිගාසිරි..පනින රිලවුන්ට අට්ටාල වන්නට ගොස් දෙසපාලනෙන් අසුචි ගා ගැනීමෙන් වලකින්න. මේ මග තනියම වීරයකු වන්නට බැහැ. (අ)
මේ වගේ රටක් වටිනා ජාතික වීරයෙක් ගැන කතාකරන කොට අඩුම ගානේ මහත්මයා කියන වච්නේවත් පාවිචිචි කරන්න ඕන නේද? (නදී)
ඔබතුමාගේ බෑනාව නීතිය ඉදිරියට මේ අවස්ථාවේ ඔබතුමාම ගෙනාවොත් අපිත් ඔබ සමගයි ඔබතුමා අපේ රටේ සදා අමතක නොවන සොල්දාදුවන්ට ශක්තිය වූ විශිෂ්ඨ හමුදා නායකයෙකු බව රටේ ජනතාව පිළිගනී එසේනම් (දිල්)
අපි ඔබට ණය ගැතිවෙමු තව දිගුකාලයක් සුජිවත් වෙත්වා (අ)
පස්රුල් ගෆූර් මහතා හැමදාමත් ගොඩක් හොඳ බුද්දිමත් අදහස් දානවා. ඔබ වගේ බුද්දිමත්ව ප්‍රශ්න දිහා අවංක ඇසකින් බලන මිනිසුන් අප රටේ පුරවැසියන් වීම හරිම වාසනාවක්. ඔබට ඔය තේරෙන දැනෙන දේ ලංකාවේ බහුතරයකට නොතේරෙන එක අපේ අවාසනාවක්.(නදී)
කුමාරි ඔයා ලංකාවේද මොකද ෆොන්සේකා මහත්මයාට අපහාස කරන්නේ ......අපේ ජාතික වීරයා එතුමන් ....(දිල්)
ඔබතුමා දේශයේ පිනට උපන් සෙන්පතියෙක්. සැබෑ යුධ වීරයෙක්. ඒත් දේශපාලනය ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මට හිතෙන විදිහට ඔබ තුමා දේශපාලනයට ගියා ඉක්මන් වැඩියි. ඔබතුමා යුධ වීරයෙක් හැටියට අපේ සිත් තුල හැමදාමත් ඉදියි. තවදුරටත් රට ජාතිය වෙනුවෙන් සේවයක් කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිතුමා සමග එකතු ව් වැඩ කරන්න. ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටයි.(නදී)
කුමාරි ලා වගේ මිනිස්සු ඉන්නකන් මේ රට හදන්න බැ මගෙත් අවසාන බලාපොරොත්තුව ඔබ තුමා තමයි ජය වේවා මෙතිදුනි ඔබට ....ගෑනු ගතිය කුමාරිගෙන් හොදට පෙනෙනවා වාසි පැත්තට තම තල්ලු වෙන්න හදන්නේ (අ)
කුසුම් ගිංතොට, ඔයාට ෆොන්සේකා මහත්මයාගේ ෆොටෝ එක දැක්කම නිකම් භයවෙලා ඇඟට දහඩිය දමන ගතියක් වගේ දැනුනද? නෑ මම මේ නිකමට වගේ ඇහුවේ ඔයා "ගිංතොට කුසුම්" නිසා. (දිල්)
අපේ ජනරාල්තුමනි, අපිට ඔබ අපට සදා වීරයෙකි. ජයවේවා! (නදී)
දැන් ඔය දේවල් වෙලා ගොඩක් කල්..ඇයි දැන් ඔය දේවල් ගැන කියවන්නේ. ඔබතුමා කලින් මොන දේවල් කලත් දැන් නම් හැමදෙයක්ම කරන්නේ බල තණ්හාවෙන්...(නදී)
යුද්දය නිමා කරාන්න යම් තීරණාත්මක වැඩ කොටසක් ඉටු කල පුද්ගලයෙක් වශයෙන් ඔබ තුමා ගැන ගෞරවයක් තාමත් හිතේ තියෙනවා..මේ යුද ගෞරවය දෙශපාලනිකව අලෙවි කරන්න ඔබ තුමා ගත් උත්සාහය නොවෙන්න අදටත් ඔබ තුමා මුළු රටේම ජනතාවගේ හදවත් තුල ජීවත් වෙනවා..අද ඔබ තුමා වීරයෙක් වෙලා තියෙන්නේ මේ රටට වින කරන්න හදන පුද්ගලයින්ගේ මිසක් රටට ආදරය කරන පුද්ගලයින්ගේ නෙමෙයි. මේ යුද්දය කව්රුවත් තනිව කල දෙයක් නෙමෙයි..උපරිම ගෞරවය ජනාධිපති තුමාටත් ගොඨාභය මැති තුමාටත් හිමිවිය යුතුයි..ඔබ සමග අනෙකුත්හමුදාපතිවරුන්ටත් පොලිස්පති තුමාටත් එම ගෞරවයේ ඉතිරිය හිමි විය යුතුයි..ඔබ තුමා එම ගෞරවය වැරදි ආකාරයෙන් දේසපාලනය උදෙසා තනි අයිතියට බුක්ති විදින්න උත්සහ ගැනීමේ පල විපාක ඔබ හොදින් පහු ගිය කාලසීමාවේදී බුක්ති වින්ද...දැන් ඔබ තුමා දේසපාලනය කියන්නේ මොකක්ද හමුදාව කියන්නේ මොකක්ද කියල පරිනතව අත්දැකීමක් ලබල ඇති..පලි ගැනීම වයිරය තරහව,ද්වේශය ක්‍රෝදය වගේ නුහුගුන ඉවත් කරලා ඔය අදින සුදු ඇදුමට අරුතක් දෙන්න..ඔබට යම් දුරකට යන්න පුළුවන් එහෙම උනොත්..(අ)
සුරනිමල 2013-11-29 03:07:56.සමස්ත දුක් විදින ජනතාවගේම සහයෝගය ලැබෙනවා. (නදී)
මතක තියාගන්න, මේ යුද්ධ ජයග්‍රහණය එක්කෙනෙකුට අයත් එකක් නෙමෙයි (නි)
මේවා කිය කියා කරන්න බැහැ හොදට ප්ලෑන් කරලා කරන්න ඕනා. ඔබ තුමාට මිනිසු තාමත් ගරු කරනවා අනිවාරයෙන් රටේ දුෂණ නැති කරන්න නම් ඔබ තුමා රජ වෙන්නම ඕන ඔබට දිඝායු ජෙනරල්.(නදී)
බන්දුල මහතාගේ අදහස නිවැරදිය (දිල්)
ඔබ සැමදා වීරයෙකි (නි)
හැමදේම නතර කරලා ජනපතිතුමාට සහය වන්න...(නදී)
අනේ...කුමාරි!චින්තක උන්නෙහේ කියක්වත් දුන්නද? ජාතියේ වීරයාට අපේ ප්‍රණාමය !!!!!!!!ඔබට සදා ජය (දිල්)
බන්දුල මහතාගේ අදහස නිවැරදිය (නදී)
රටේ 3 වෙනි බලවේගය ඔබ තුමා. මම නම් ඔබ තුමා ගැන ආඩම්බර වෙනවා. අපේ ජාතික විරයන්න්ට ජයශ්‍රී ......ජයශ්‍රී ,,,,ජයශ්‍රී (නදී)
ජනක කිරි ගහට ඇන්නා. කල යුත්තේ වෛර කරමින් ඉඳ කාලය කෑම නොව කාලය අපතේ නො හැරීමය. (නදී)
ජෙනරාල් ෆොන්සේකාට ජනතාව මොනතරම් ගරු කරනවාද කියලා ලැබී ඇති ප්‍රතිචාර වලින්ම පෙනෙනවානේ. අපිත් සදා ඔබ සමගයි (නි)
කුමාරිගේ නුවණ හැදිමිටේ දිගටත් වඩා අඩුයි වගේ. (නි)
කුසුම්, දන්නේ නැත්නම් කියවන්නේ නැතුව ඉන්න (නි)
ඔබතුමා දිනේවා හොරුන්ව පලවා හරින්න (නදී)
සුප්‍රකට රණවිරුවාණනි.. ඔබ ලක්මව වෙනුවෙන් කල සේවය අපි කිසි දින අමතක නොකරමු, ඔබට චිරං ජයතු, (නදී)
ඔබතුමාට අනතුර වෙනවිට මම හිටියේ යුහමු පුස්තකාලයේ . මෙම සිද්ධිය දැනගත් මොහාතේ මම බෙලිගල බෝසමිදුට බාරවුනා ඔබතුමාගේ ජීවිතය බේරාදෙන්න කියලා. පසුව මම භාරය ඔප්පුකලා. ඔබතුමා එදා මිය ගියා නම් හෝ සදා අබාධ වුනානම් තවමත් යුද්ධය තියෙන්න තිබුනා. එදා යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කළහැකිව තිබු එකම නායකයා ඔබයි. ඔබට දිගාසිරි වේවා. (නදී)
බන්දුල පෙරේරා, ඉදිරිපත් කර ඇති අදහසට මමද එකග වෙමි. මගේ මතය නම් ඔබ දේශපාලනයට සුදුස්සෙකු නොවන බවයි.(නදී) .
සනත්.ඔබගේ අදහසට මම 100% ක්ම එකගයි.(නදී)
බන්දු ඔබ හරි ඔබ බුද්ධිමත්ව සිතන බවක් පෙනෙන්නට ඇත.(නදී)
බන්දුල පෙරේරා, මිනීමරු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය විනාශ කළා වගේ රටේ කුඩු ව්‍යාපාරය නතර කරන්නත් ජෙනෙරල් සරත් පොන්සේකා නැතිව බැහැ. යුද්ධය කළේ තමන් කියලා පොත් ලියන අයට කුඩු ව්‍යාපාරය නවත්වන්න බැරි ඇයි? ජෙනරල් ෆොන්සේකාට කුඩු ව්‍යාපාරය ලංකාවෙන්ම අතු ගාලම දාන්න අවශ්‍ය කරන්නේ මාසයක් පමණි. ඒක ඉර හද වගේ විශ්වාසයි මට.(නදී)
ඔබ තුමා අපේ ජාතියේ පිනකට බේරුනා නමුත් ඔබ තුමා දැන් කරදේවල් පිළිබදව නම් මට තිබෙන්නේ බලවත් කලකිරීමක් .ඔබ තුමා අපේ වීර වරයෙක් ...(දිල්)
රොහාන් සමග මමත් එකගයි. ෆොන්සේකා නොහොත් මහා සෙනෙවියා කෙදිනකවත් අසාදරණයට ඉඩ දුන්නේ හෝ නැවෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් හෝ පවුල් වාදය රැක ගැනීමට උදව් දීම සඳහා ලැබුණු තනතුරකට දන ගැසුවානම් අද ඔහුටත් සියලු සැප සම්පත් ලැබෙන්න තිබුනා. දේශපාලන වශයෙන් දන නොගැසීම නිසා මේ රටේ ජනතාව ඔහුට දුන් මංත්‍රීකමත් ,ඔහුගේ ඡන්දය දීමේ අයිතියත් උදුරාගත්තා. දේශපාලන ඇසෙන් බලා ඔහුට බනින අයට මම කියන්නේ කරුණ අම්මාන්ට ,පිල්ලෙයාන්ට, මෙන් ඔහුගේ ඡන්ද අයිතිය ලබා දෙන ලෙසට බලකරන්න. (නදී)
රොහාන් සහ ප්‍රමුක හොද පිළිතුරු ටිකක් දුන්නා.(නදී)
මගේ එකම ප්‍රාර්ථනය ජෙනරල් සරත් ෆොන්සේකා රට පාලනය කරනවා මගේ ඇ දෙකින්ම දැක බල ගැනීම (දිල්)
මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට රැක ගැනීමට කළ කැපවීමට වැඩි කැපවීමක් ජෙනෙරල් සරත් ෆොන්සේකාට දැන් කරන්න සිද්ද වෙනවා (දිල්)
නිමල් වගේ අය දේශපාලනයට සුදුසුයි කියලා කියන්නේ දේශපාලනයේ අත් පොත තියෙද්දීම ඩොලර් ගනන් කොමිස් කුට්ටි ගත්තු අය වගේ හින්දද? (නදී)
මානුෂික මෙහෙයුම පැවති කාලවල විපක්ෂයේ ඇතැම් දේශපාලකයන් කරපු කියපු දේවල් ඔබතුමාට හොදින් මතක ඇති. මහත්මා දේශපාලනය කරන්න විපක්ෂයට යන්න ඕන නැ. වත්මන් රජය තුල මහජන මුදල් හොරකම් නොකරන ඇමතිවරු කිහිපදෙනෙක් ඉන්නවා . අවස්ථා වාදී විපක්ෂ දේශපාලකයන් ඔබ තුමාගෙන් තව දුරටත් රටට ලැබෙන සේවය අහිමි කරලා තියන එක තමයි දුක. යුද විරයාණෙනි දිර්ගායුෂ පතමි.(නදි)
එතුමා සිර ගෙදරින් එළියට එන තුරුම එතුමා වෙනුවෙන් කළ අපේ ප්‍රතිචාර පළ කළ එසැණටත් ස්තුතියි.(නදී)
සර් 2010 ඒජාපය ගොඩ දැම්ම සර්. නැතිනම් අපි අනාතයි සර්. සර් ට දෙවි පිහිටයි. (නදී)
ඔබතුමා මුළු රටේම එකම බලාපොරොත්තුව .අපේ මුළු ශක්තිය ඔබගේ ජයග්‍රහණයට . (දිල්)
ඔබ තුමා කරපු දේ අති විශිෂ්ටයි. ආණ්ඩුවට හේත්තු උනා නම් වරප්‍රසාද ඕන තරම් ගන්න තිබ්බා. එත් සත්‍යට සාක්කි දරන්න දේශපාලනයට ආවා නම් ඒක කරපු දේටත් වඩා වටිනවා. ලංකාවේ දේශපාලනේ වැරද්දක් මිසක් මේ මනුස්සයාගේ වැරැද්දක් නැහැ. (නදී)
සරත් ෆොන්සේකා මහතා දේශපාලනය ට සුදුසු නැහැයි කියන්නේ බලයේ ඉන්න අයගේ ඉදුල් කන පුද්ගලයෝ. ෆොන්සේකා මහත්තයට ආදරය කරන්නේ පිටරටවලට මව් බිම පාවා දෙන්න හදන උදවිය කියල පව් කාර කතා කියන මිනිස්සු රටේ ජනතාවගේ රීරි මාංශ උරා බීල විදේශ බැංකුවල කෝටි ගණන් මුදල් තැන්පත් කර ඇති ද්‍රෝහීන් දේශපාලනය ට නුසුදුසුයි නොකියන්නේ මන්ද? (නදී)
වසර 30 ක පමණ ලංකාවේ පැවැති යුද්ධය අවසන් කිරීමේදී ඔබ වැදගත් මෙහෙයක් ඉටු කළ එක් අයෙක්. ඔබට වැරදුනේ ඒ අතීතය ඔබ තනිව උරුමකර ගැනීමට වෙර දැරීමයි. දේශපාලන නායකත්වයෙන් ඉටු වු සේවය මොහොතකට අමතක කළත් ගුවන් සහ නාවික හමුදාවලින් කළ මෙහෙය ඔබට මෙන්ම මෙහි අදහස් දමන බොහෝ අයට අමතක වීම කනගාටුවට කරුනකි. යුද්දයේදී ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ඔබ සැබෑ වීරයෙකි.(නදී)
කුමාරි වගේ අය මරදානේ ගොඩක් ඉන්නවා. (නදී)
පොන්සේකා මහත්තය කලේ තමන්ට අයිති රාජකාරියක්. යුද හමුදාවට බැදෙන්නේ මේ වගේ අනතුරු වලට මුහුණ දෙන්න බලාගෙනයි. අපිට දේශපාලනයට වීරයෝ නෙවෙයි ඕනා. අර්ථ ශාස්ත්‍රය, දේශය පාලනය කිරීමට දන්නා අය. මම මෙහිදී අවංක බව බලපොරෝතුවෙන්නේ නැහැ. හේතුව, එවැනි අය හොයාගන්න බැරි හින්දා.(නදී)
සිංහල ජාතියේ වාසනාවට ඔබතුමාගේ දිවි ගැලුවුනා. ඒත් ජේ වී පි කාරයෝ සහ කොටින්ට උදවු කල අය ඔබතුමාව ජාති ද්‍රොභියෙක් කරලා ඔබ තුමාගේ අනාගතය විනාශකරලා දාලා ඔබතුමාව තනි කලා.(නදී)
ඔබ වැනි විරුවෙක්ට අපි සදා නය ගැතියි. අපිට ඔබ තුමාගේ සේවය අත්‍යවශ්‍යයි. මොකද දැන් මේ රට අරාජිත වී ඇත ඔබතුමාගේ පැමිණීම බලාපොරොත්තු වෙමි.(නදී)
පියල් ඔබ කියන දෙය ඉතා වැද ගත්. ඒ වීරයාට මහත්මය කියා අමතන්න බැරි තමන් ළඟ ඒ මහත්මා කම නැති හින්ද. මිනිසුන්ට තවත් කෙනෙකුට දෙන්න පුළුවන් වන්නේ තමන් ළඟ තියෙන දෙයක් පමණයි. බුදුන්ටත් ගල් පෙරළු දේවදත්ත පරම්පරාවෙන් එන මිනිස්සු රට බේරා ගන්න ඉදිරිපත් වූ ජාතික වීරයෙකුට අපහාස නොකර ඉඳීද ? (නදී)
මරාගෙන මැරෙන කොටි කාන්තාව ෆොන්සේකා මහතා රැගත් මෝටර් රථය ඉදිරියට පනින විට ෆොන්සේකා මහතා ගේ ආරක්ෂාවට ඔහුගේ මෝටර් රථය ඉදිරියෙන් ගමන් කළ පරිවාර යතුරු පැදියේ ගමන් ගත් කෝප්‍රල් යකන්දාවල (මගේ මතක නිවරැදි නම්, අප ජාතියට ඇති ප්‍රධානතම රෝගය වන කෙටි කලකින් අමතක වීමේ ව්‍යාධිය මටත් ඇති නිසා එම ශ්‍රේෂ්ඨ රණවිරුවාගේ නාමය යම් විටක මටත් අමතක වන්නට ඉඩ ඇති බැවින්) පිළබඳව අප ශ්‍රී ලාංකිකන් කෙතරම් නම් සංවේදී වී තිබේද? ඔහු එම කොටි කාන්තාවට එල්ල කළ පහර නොවන්නට ඇය නිවැරැදිවම හා පහසුවෙන් ෆොන්සේකා මහතා ඉලක්ක කරනු ඇත. එසේ වූයේ නම් යුදමය ක්‍රියාවලිය විශාල වෙනසකට ලක් වන්නට ඉඩ තිබුණි. ඔහුගේ නිර්භීත හා ක්ෂණයකින් ගත් පියවර හේතුවෙන් මුළුමහත් ශ්‍රී ලංකාවේම ඉතිහාසය වෙනස් වීමකට ලක් නොවූයේ නොවේ ද? එසේ නම් කෝප්‍රල් යකන්දාවල වෙනුවෙන් අප ජාතිය ණයගැති නොවේ ද? මේ ආකාරයට අප ඉතිහාසය තීරණාත්මක ලෙස නිසි මගට ගෙන ගිය රණවිරුවන් කොතෙක් නම් අප අමතක කර ඇති ද? ඔවුන් අමතක කොට දෙපසකට බෙදී සිදුකරන දේශපාලන නාඩගම අවසාන වනතුරු අප රටට දියුණුවේ ගමන් මගට එළඹීමට නොහැකි වනු ඇතැයි යන්න මගේ අදහසයි. (නදී)
බන්දුල පෙරේරා, අපිත් කියන්නේ ආදර්ශයක් ඇති වෙන විදියට ඉන්න කියලා තමයි. දැන් ඔය කියන විදිහට ෆොන්සේකා මහත්මය වීරයෙක් වෙලා ඉන්නේ කාගේ හදවත් තුලද? (නි)
ඇන්ටන් මහත්මාගේ කතාව 100% හරි. ෆොන්සේකා මහත්මයට බල තණ්හාව තිබුනා නම් එතුමා අද රජසැප විදිනවා...... (නදී).
කුමාරි, පටු විදියට හිතලා නුගත් කෙනෙක් වගේ කතා කරන්න එපා. ෆොන්සේකා මහත්තයාට බල තණ්හාව තිබුනා නම් ,දැන් ඉන්න සමහර ඇමතිලා වගේ නිකම්ම වගේ ඉදලා හොද සැප විදින්න තිබුනා. නමුත් මෙතුමා දුෂණයට,වංචා වලට ,කොමිස් ගැහිල්ලට අකමැති රටට අවංකව ආදරය කරන සැබෑ දේශප්‍රේමියෙක් නිසා තමයි ඒ තනතුරු අත්හැරලා අද සටන් කරන්නේ.සත්‍යය තේරුම් ගන්න උත්සාහ කරන්න. (නි)
ජනාධිපති තුමාගේ දේශපාලන නායකත්වයත් සරත් ෆොන්සේකා ගේ යුද නායකත්වයත් නිසා අපි යුද්ධය දිනුවා. මේ දෙන්නම හුඟක් කැපවීම කළා. හැබැයි එහෙම කියලා මේ දෙන්නගෙන් එක්කෙනෙකුට වත් අයිතියක් නැහැ. ඒකට සින්නක්කර ඔප්පු ලියන්න. කොහොම වුනත් ෆොන්සේකා මහත්තයාට ලබන ජනදිපතිවරනයට වත් ඉල්ලන්න බෑ නේ . ෆොන්සේකාට අපේ මිනිස්සු කෘතගුණ සලකපු විදිය නම් අපූරුයි හිර ගෙදරටත් යවලා. (නදී)
ඔබතුමාට වංක වෙන්න බැරි වූ එකෙන් හුඟක් දේවල් අහිමි වුණා. (නි)
මෙතුමා අවුරුදු 40 ක්ම යුද්ධයට ක්‍රියාශිලිව තමාගේ ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් යුතුකම් ඉටු කළා. ඒ වගේම මේ යුධ විරයා අවුරුදු 40 ක් යුද්ධයට උර දීලා අවුරුදු 40 තිස්සේ යුද්ධ කරලා දිනගත්තු පදක්කම් ටිකයි පෙන්ෂන් එකයි අපේ රටේ අමනුස්සයෝ විසින් උදුරගත්තා. අප සැම ඔබට සදා නය ගැතියි.(නදී)
ලොව සිටින බුද්ධිමත්ම ඉතා දක්ෂ හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. දැනට මිහිපිට සිටින ජාතික වීරයෙකි. ඔබට දීර්ගායුෂ පතමි. (නදී)
එදිරිසිංහ ඉන්දික , මේ රටේ පවතින අවනීතිය ඉදිරියට එතුමාගේ බෑනාව ගෙන ඒමෙන් ඔබ ලබන සතුට කුමක්ද. (නදී)
නියම විරුවන් වෙනුවෙන් ස්මාරක ඉදිවෙන්නේ නැ. මෝඩ මිනිසුනි. ලෝක ඉතිහාසය පාට කන්නාඩි ගලවල බලපල්ලා ලෝකය නියමම විරුවන් ජනතාවගේ හදවතේ මිස ජනමාද්‍ය වල ඉහලින් වජබෙන්නේ නැ.. මෙතුමාට බෝම්බ ප්‍රහාරයෙන් වුනු අනතුර මේ වගන්ති කිපය කින් ලඝු කොට තියන ආකාරයේ සුළු තුවාලයක් නොවේ. පාදඩ දේශපාලකයින් මෙතුමාව ද්‍රෝහියෙක් කරන්න කලින් මාධ්‍යයේ පළවූ මෙතුමාගේ සම්මුඛ සාකච්ඡා කියවන්න, ජායාරුප බලන්න. මෙතුමා ජීවත්ව සිටිමත්ම හාස්කමක් . අවසාන වැකිය මෙතුමා ඉපදුනේ නපුන්සක දුර්ජන ජනතාවක් ඉන්න රටේ.(නදී)
හිටපු හමුදාපතිතුමනි, අපිට ඔබ සදා වීරයෙකි. ජයවේවා! (නදී)
මහත්මයාණෙනි.ඔබ දේශපාලනයට ආ හැටි ඔබත්,අපත් පමණයි දන්නේ.ඒ නිසා අඳබාලයන් කරන අදහස් ගැන දුකයි. (නි)
කුසුම් මහත්මිය වෙත. ජනාධිපතිවරණයට පොන්සේකා මහත්තයව ගෙනාවා. පොන්සේකා මහත්තයත් එක්ක සිට ගත් පක්ෂ ටිකේ ලිස්ට් එක අරන් බලන්න. පොන්සේකා මහත්තය වීරයෙක් උනේ කාටද කියල ඔබ තුමියට පැහැදිලි වේවි. ඌරාගෙ මාළු ඌරාගෙ ඇග උඩ තියල කපනවා වගේ යුද්දේ නිසා ජීවත් උණු එදා ඉදල කොටින්ට කඩේ ගිය කොටින්ගේ පසු බාග සිප ගත්ත යුද්දය නතර කරන්න දත කාපු ප්‍රභාකරන් බේරා ගන්න කල හැකි සැමදේම කලා. අවාසනයේ ලද යුද ජයග්‍රහණයටත් සමච්චල් කලා. එන් ජී ඕ නඩ මේ රට ලබපු ජය ආපස්සට හරවල රාජපක්ෂ වරුන්ට වැඩ දෙන්න පොන්සේකව යොදා ගන්න හැදුවා. අදටත් පොන්සේකා මහත්තය වීරයෙක් වෙලා ඉන්නේ මේ ආණ්ඩුව එලවගන්න බැරුව. පිස්සු හැදිලා ඉන්න ප්‍රබාකරන් මිනී වලෙන් නැගිටින කම් බලන් ඉන්න ආයේ කොටි වරෙන් බෝම්බ පිපිරියන් මිනිස්සුන්ට මර බිය ඇතිවෙයන් කියල උදේ හවස පෙරුම් පුරන පුංචි ටිකිරිලා ඩුබයි තිලක්ලා අසත්යල වගේ කට්ටියට තමයි.(නදී)
කාට කියන්නද මේවා? (නි)
අපේ ප්‍රතිචාර වලට ඉඩක් නැද්ද ? (නදී)
සරත් පොන්සේකා කියන්නේ කවුද,? ලංකාවේ එහෙම දෙයක් වුනාද ? ලංකාවේ යුද්දයක් තිබුනද ?අපිට මතක නැහැ. (නදී)
ෆොන්සේකා මැතිතුමනි, ඔබට අපේ උත්තමාචාරය! (නි)
ෆස්රුල් ගෆූර්.......ඔබ..හරි . ඔබට අපගේ ප්‍රණාමය (නදී)
මේ උදාර සෙන්පතියා රට බේරා ගැනීමට කළ මෙහෙය කිසිම සැබෑ ලාංකිකයෙකුගේ හදවතින් කිසිදාක ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඍජුබවම, විනයගරුක බවම පරමාදර්ශය කොටගත් එතුමා ජරා දේශපාලනයට ගැළපුනේ නැහැ. අද පවතින ක්‍රමය යටතේ නම් එතුමාට දේශපාලනය තුළ කළ හැකි කොටස බොහොම සීමිතයි කියලයි මටත් හිතෙන්නේ. එතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
හිටපු හමුදාපතිතුමනි, අපිට ඔබ සදා වීරයෙකි.ජයවේවා! (නි)
අපේ යුගයේ දුටුගැමුණු රජතුමා ඔබයි උතුමාණෙනි. ඔබට දීර්ඝායු !!! (නි)
යුද්දයේ ඇති භයංකාර බව ෆොන්සේකා මහත්මයා අත් වින්දත් ඒක ඉවර වුන ගමන් බල තන්හාවට ලෝබ වෙලා දැන් වැඩකට නැති දෙයක් කරනවා. ජනපති එක්ක එකතු වුනානම් ඔයිට වැඩි යමක් රට වෙනුවෙන් කරන්න තිබුනා. චෝදනා කරුවන්ට නිසි දඩුවන් ලැබේවා!(නදී)
මෙහි ප්‍රතිචාර දමලා තියෙන අය සියල්ලක්ම වගේ ලියලා තියෙන්නේ 2005 ආපු නායකයන්ගේ වැරදි. නමුත් මේ ජාතික වීරයා අවුරුදු 40ක්ම යුද්දෙත් එක්ක තම ජීවිතය කැප කරපු කෙනෙක්. මෙතුමා රටට යුතු කම ඉටු කලා. වීරයානෙනි ඔබට අපි සදා නය ගැති වෙමු. (නදී)
ඔබ සෑමදාම වීරයෙක් ශ්‍රී ලංකාවාසීන්ට. (නි)
ඔබ තුමා අපේ ජනාදිපති තුමා සමග එකට වැඩ කරනවා නම් ඔබත් දිනුම් රටත් දිනුම් (නදී)
අපේ අයට දැන් ඕවා අමතකයි. ඒකනේ ඔය ඔක්කොටම කලින් ඔබ තුමා හිරේ ගියේ. (නදී)
මේ රටේ නීතිය විනාශ කරන , හොරකමට මුල්තැන දෙමින් රට විනාශ කරන මේ රට බේරා ගත හැක්කේ ඔබ තුමා වැනි ගුණගරුක එඩිතර පුද්ගලයෙක්ට පමණි. ඔබ තුමා හමුදාවෙන් ප්‍රගුණ කල් විනය ගරුක බව අවංක බවය එඩිතර බව කිසිදා නැති කරගන්න එපා. ඔබගේ දෙවැනි මෙහෙයුම වන මේ රට බේරා ගැනීමේ සටන ජයග්‍රාහීව නිම කිරීමට ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා.(නදී)
ඔබ තුමාගේ ජීවිතය බේරුනේ ලක්වැසියන්ගේ වාසනාවට. කොටියන්ගේ අවාසනාවට. රට බේරගන්න ඔබ තුමා වගේම ජනාධිපතිතුමත් සහයෝගය දුන්නා. දේශපාලනය මිනිස්සු බේද කරනවා.(නදී)
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මගේ විශ්වාසය නම් මෙතුමා හොරකමට අවනීතියට එකග නොවී අපගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන බවයි. (නි)
අර වසළ ජේ වී පී ය තමයි මේ රත්තරන් මනුස්සයව ඇත්තටම මරලම දැම්මේ. එල් ටී ටී ඊ එකෙන් කල අපරාදේ දොස්තර වරු හැදුවා. ජේවී පී කරපුඅපරාදේ කවදාවත්ම නිවැරදි කරන්න බෑ.(නදී)
අපේ රට සෑදිය හැක්කේ ඔබ වැනි විරුවෙකුට පමණි (නි)
කුමාරි ඔය කියන්නේ ෆොන්සේකා මහත්තයටත් හොරෙක් වෙන්න කියලද (නදී)
මෙන්න නියම වීරයෝ. එත් දැන් වාහිනී වලින් වැඩිපුරම පෙන්නන්නේ කාටුන් වීරයෝ. ඔබතුමා නිල් පාට කමිසයක් අදිනවා නම් හෙට ඉඳන් ආයෙත් වීරයෙක්. ඒත් දැන් ද්‍රෝහියෙක් වෙලා .ඔහොම යන්. කොටි පැරැද්දුව වගේ මේ රටට විනකරන දුෂකයෝ, මිනීමරුවෝ ,මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ටිකත් පන්නල දාන්න වැඩ පිළිවෙලක් හදන්න . ඔබ තුමාගේ අවසන් සටන ඒක තමා.(නදී)
සුලෝචන මහත්තයෝ,ඇන්ටන් මහත්මාගේ කතාව 100% හරි. ෆොන්සේකා මහත්මයාට බල තණ්හාව තිබුනා නම් එතුමා අද රජසැප විදිනවා (නි).
කුමාරි ගැන මට හරි ආඩම්බරයි. අනේ අපොයි. කුමාරි ඇස් දෙකයි කන් දෙකයි කාටහරි දන් දෙන්න. (නි)
ලොවක් වටිනා මනුස්සයෙක්. ලන් වුනා විසබීජ කාරයෝ ඒ මනුස්සයව නැතිකලා.(නදී)
ගමේ කොල්ලගේ ප්‍රතිචාර වලට මේකේ ඉඩක් නැද්ද? (නදී)
මගේ අවසාන දේසපාලන බලාපොරොත්තුව ඔබතුමා (නදී)
"ඉදිරි ජාතික මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ඇතුළු දේශපාලන නායකයන් රැසක් සන්ධානගතව ඡන්ද සටනට එක්‌වීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇත."හරිම සතුටු දායක පුවතක්.පක්ෂ වශයෙන් වෙන් වෙලා දරුවන්ගේ ඉදිරි අර්නාගතයමත්,රටත් විනාශය කරන්න කලින් එකමුතු වෙලා රට ගොඩ ගන්න ශක්තිය ධෛරිය ලැබීව. (අ)
ඔබට සුභාසිරි. ඔබ තුමාගේ කීර්ති නාමය විනාශ කළ අය ගැන ඔබ දැන් දන්නවනේ.(නදී)
ෆොන්සේකා මහතාට මම ගරු කරනවා යුද්ධය ජය ගැනීමට ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා සමග අත්වැල් බැදගෙන කළා වූ සේවයට. නමුත් යුද්ධය දිනූ එකේ ගෞරවය තනිකරම ඔබට හිමිවන්නේ නැත. ජාත්‍යන්තර බලවේග වලට මුහුණ දෙමින් ජනාධිපතිතුමා කෙලින් සිටි නිසාත්, ආරක්ෂක ලේකම්ගේ කාර්යබාරයත් එකට එක්වූ නිසයි යුද්ධය දිනුවේ. එය එසේ වුණාට ෆොන්සේකා මහතා දේශපාලනයට පළපුරුදුකමක් නැති බවයි මට දැනෙන්නේ. (නි)
කරපු වැඩ ඔක්කොම ඉවරයි. අන්තිමට කරපු පාවාදීමත් එක්ක. එකේ ප්‍රතිවිපාක තමයි මානව හිමිකම් කියල විද වන්නේ. ඇයි ඔබ බල ලෝබී උනේ. යුද්දය ඉවර කරන්න මුලික උනේ ජනාදිපති තුමා කියල මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ට තේරුණා හින්දා තමා ජනාධිපතිතුමා ඉහලින්ම දින්නේ.(නදී)
ලංකාවේ ඡන්දදායකයින් අමුතුම ජාතියේ සිතුවිලි තිබෙන පුද්ගලයන්. (නි)
රට බේරාගත් මෙම අභීත වීරයාය මේ රටේ ආරක්‍ෂකයා. (නි)
ද්‍රවිඩ ත්‍රස්තවාදය නිමකිරීම සඳහා අවසන් පියවර ක්‍රියාත්මකවුයේ ජෙනරාල් ෆොන්සේකාත් රාජ්‍ය ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂත් ඝාතනය කිරීමට ප්‍රභාකරන් ගත උත්සාහය අසාර්ථක වීම නිසයි. ඒ අවස්ථාවේ මේ දෙදෙනාගෙන් එක අයෙකු හෝ ජීවිතක්ෂයට පත්වුවානම් තවමත් යුද්ධය ඇදීගෙන යන්න ඉඩ තිබුනා. යුද්ධය වවාගෙන කෑ අයට එය අවසන් කරන්නට උවමනාවක් කිසිකාලෙක තිබුනේ නැහැ. මේ දෙදෙනාට එල්ලවූ අසාර්ථක ප්‍රහාරයන් තමා යුද්ධයේ ගමන්මග වෙනස් කලේ. සිංහලයන්ගේ සිහිකල්පනාව සහ මතක ශක්තිය ඉතාම කෙටියි.(දිල්)
ඔබතුමාගේ සේවය අවංක ශ්‍රී ලන්කිකයින් කිසිවෙක් කිසිදින අමතක කරනු නොමැත. ඔබේ ජීවිතය පරදුවට තබා ඔබ අපේ මවු බිම සතුරන්ගෙන් බේරාගැනීමට කල මොහෙවර අසීමිතය. මැරී නැවත ඉපදී යලිත් කරලියට පැමිණ අපේ දේශයේ ජයග්‍රහණය දක්වා මෙහෙයවපු ඔබ වීර සෙන්පතියෙකි. ඔබ ඇතුළු ඒ ජයග්‍රහණයට උරදුන් සියලු සොල්දාදුවන් හට ස්තුති කිරීමට වචන නැත. සිංහල, දමිල, මුස්ලිම්, හා බර්ගර් යන අපි සියලුනේදාම නිදහසේ හුස්මගැනීමට හැකි වාතාවරණයක් අපේ රටට උදා කිරීමට ජනාධිපති තුමා, ඔබතුමා, ආරක්ෂක ලේකම් තුමා ඇතුළු සියලු රණවිරුවන් කල කැප කිරීම් සදා අම්රනීයය්. නමුත් ඔබතුමා දේශපාලනයට පැමිණීම ගැන මම නම් සතුටුවූයේ නැත. ඒ නිදහස ඔබට තිබුනත් ජනාධිපතිතුමාට විරුද්ධව ඉදිරිපත් වීම කනගාටුවට කරුණකි. දේශපාලනයට සම්බන්ධ වීමට එවිට ඔබ ගත් තීරණය ඉක්මන් වැඩි යය් සිතන අතර සමහර වේදිකාවලදී ඔබ කල යම් යම් ප්‍රකාශයන් ඔබේ ජනප්‍රියත්වය පවා හීන කිරීමට බලපෑ බවද විශ්වාස කරමි. දේශපාලකයින් හට තිබිය යුතු ගුණාංගවලින් දක්ෂ කථිකත්වය මුල්තැන ගනී. අතිගරු ජනාධිපතිතුමා තමාගේ මුවින් පිටවන වචන ගැන ඉතාමත්ම ප්‍රවේසම් දේශපාලන නායකයෙක් හැටියට මා දකිමි. කෙසේ වෙතත් ඔබට දීර්ගායුෂ පතමි. (දිල්)
යුද වීරයෙක් හැටියට අපි ඔබතුමාට ගරු කරනවා. ඔබ තුමාට තව බොහෝ දුර ගමනක් යන්න තියෙන්නේ. හරියට එක මිරිගුවක් වගේ!!!!(දිල්)
ෆොන්සේකා මහතාණෙනි, දැන්වත් හිතා බලන්න. පසුගිය සියල්ල අමතක කර දා රටට වැඩක් කරන්න. (නි)
මම හිතන්නේ ලෝකයේ හිටි හොදම උපායශීලි අතිදක්ෂ හමුදාපතිවරයා මොහුයි. (නි)
මෙන්න නියම වීරයෝ. හිස නමා ආචාර කරමි. ඔබ තමයි ලංකාවේ දේශපාලනයට සුදුසුම පුද්ගලයා (නි)
සැමවිටම අපි ඔබ සමගයි.ඔබට ජය! (නි)
හිටපු හමුදාපතිතුමාට අප හැමදෙනාම ණයගැති වියයුතුය.ඒ ගැන විවාදයක් තිබෙන්න බැහැ.එතුමා අපේ කාලයේ තවත් වීරයෙක්.එහෙත් ඔහු දේශපාලනයට අවතීර්ණ වීම නම් මා අනුමත කරන්නේ නැහැ කවදාවත්. (නි)
ෆස්රුල් ගෆූර් සොයුර, හැමවිටම මම ඔබේ අදහස් සමග එකඟ වෙමි. සියලු දෙනාම ඔබ වැනි නම් ලංකාවේ ජාතීන් අතර සමගිය ගොඩනැගීම ඉතාම පහසු වනු ඇත (නි)
සමහරු දැන් කතා කරන්නේ නම් මේ මොකුත්ම දන්නෙ නැහැ වගෙයි (නි)
ඔබගේ වංචාවට දූෂණයට එරෙහිවීමේ ගතියට අපි බොහෝ අගයකොට සළකනවා. ඔබගේ චිත්ත ධෛර්යට සදා ජය! (නි)
ඔබතුමා වගේ නොවෙයි, අද යුද්ධයක් දැකපු නැති දේශපාලක කට මැත දොඩවන්නෝ රණවිරුවෝ වෙලා. අනේ රටකට ගිය කලක්! (නි)
මොනවා වුණත් රණවිරුවෙක් වෙලා කළ සේවාව අති උදාරයි (නි)
1977න් පසු අපේ රටේ කඩා වැටි ඇති විනය නැවත ඇතිකර දීම ,තමන් උපන් දේශය වෙනුවෙන් අත්,පා, ඇස් ආදියද මිනිසෙකුට රට වෙනුවෙන් කළ හැකි උතුම් පරිත්‍යාගය වූ ජිවිතයද පරිත්‍යාග කළ අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට කළ හැකි උතුම්ම උපහාරයයි .යුද්ධය මෙන්ම මේ කර්තව්‍යය කිරීමට ඔබතුමාට රටේ දුප්පත් අසරණ මිනිසුන්ගේ සහයෝගය ඉදිරි කාලයේදී ලැබේවායි පතමු . (නි)
ඔන්න කියවන්න විස්තරය... (නි)
වීරයාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය ! (නි)
නැවතත් වීරයෙක් වීමට කිරීමට ඇත්තේ ඉතා සුළු දෙයකි (නි)
ඔබයි මගේ වීරයා... (නි)
ෆස්රුල් ගෆුර්, ඔබගේ අදහස් ඉතාම අගෙයි. මමද එම අදහස් අනුමත කරමි. ජනරාල්තුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා පතන අතර ඔබට අනතුරු කරන්නට හදපු අය හට නිසි දඩුවම් ලැබේවා! (නි)
ඔබ යුධ බිමේ නම් සැබෑ වීරයෙක්. නමුත් දේශපාලනයට පැමිණ සියතින් ගෙල වැල ලා ගත්තා. (නි)
අපේ මිනිසුන්ට මේවා ඉක්මනට අමතක වෙන එක තමයි පුදුමය (නි)
ෆස්රුල්, ඔබගේ අදහසට මමත් එකඟයි.අද මෙතුමාත් අපේ ගරු ජනාධිපතිතුමා සමග හිටියා නම් මීට වැඩිය ගරුත්වයක් තිබෙනවා.මෙතුමා දේශපාලනයට පැමිණ තිබුන ගරුත්වයත් නැති කර ගත්තා.කෙසේ වෙතත් අපි ඔබට හිස නමා ගරු කරනවා. (නි)
බන්දුල, ඔය හැමදාම කළේ ආණ්ඩුවට ආවඩන එක. එහෙනම් ඇයි එයාලට කුඩු ව්‍යාපාරය නවත්වන්න බැරි? (නි)
ඓතිහාසික යුද්ධයේ සැබෑ විරුවා ඔබ බව බඩගෝස්තරවාදී නොවන , හෘද සාක්ෂියක් ඇති ඕනෑම අයෙකු දන්නවා. කාඩ්බෝඩ් වීරයන් රූපවාහිනී වල පිනුම් ගහන අද දවසේ ඔබගේ සේවය රටට වඩාත් අවශ්‍ය වේ. ඔබගේ දේශපාලන ගමනද නිශ්චිත ලෙසම විජයග්‍රහණයකින් නිමවනවා. ඔබට ජය! (නි)
පිටබැද්දර ජයා, මොහු හමුදාපති වුනු ගමන්ම ජනතාවට එහෙම පණිවිඩේ දුන්නේ ඇයි දන්නවද? ජනාධිපති මහින්දගේත් ඝෝඨාභය ලේකම්තුමාගේත් ආපසු නොනවත්වන විවෘත අණදීම සහ යුද්ධයට අවශ්‍ය සියලුම සහයෝගය මොහුට දීමට එකඟවීමත්. යුධ හමුදාවට අමතරව අනෙකුත් හමුදාවල සියලු ශක්තිය තර කිරීමත් එක හෙලාම මේ යුද්දය ඉවර කිරීමට පහසු බව දන්නා නිසායි. මේ පසුබිම එදා අභීත වීර සෙන්පති ගරු ජෙනරාල්" කොබ්බැකඩුව" මහතා හට තිබුනා නම් මේ යුද්ධය අති සාර්ථකව නිම වන්නේ මීට අවුරුදු 21 ට කලිනුයි.. එහෙම වුනා නම් මේ පොන්සේකා ගැන කවුරුවත් කතාකරන එකක් නැහැ. දක්ෂ හමුධාපතිවරු අතීතයේත් හිටියා, අදත් ඉන්නවා,හෙටත් මේ ලක්දෙරණේ ඉපදේවි...මතක තියාගන්න එදාට වගේම අදත් අවශ්‍ය වුනේ...කොන්ද පණ ඇති රටට ආදරය ඇති තීරණ ගතහැකි නියම නායකයෙක් පමණි. එනිසයි ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට මේ යුද්ධයේ සියලු ගෞරවය ලැබිය යුත්තේ.(නදී)
කුමාරි,අසාධාරණයට විරුද්ධව, අදීනව, අභීතව, ආත්ම ලාභයෙන්,බල තණ්හාවෙන් තොරව කටයුතු කරන මෙවන් දුර්ලභ පුද්ගලයන්ට ගරහන්න එපා. ඔවුන්වත් මේ කුණුවී,ඕජස් ගලන ජරාජීර්ණ දේශපාලුවන්ගේ ගොඩට ඇද දමන්නට උත්සාහ කරන්න එපා.බොරු බේගල්කාරයින්ට නොරැවටී සැබෑ සත්‍යවාදීන් හදුනා ගන්න. ඔවුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. (නි)
කොටි කත හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගත්තේ කෙසේද? ඇය කදවුර තුළ නිදහසේ හැමතැන ගියේ කාගේ බලයක් පිටද? මේවාට පිළිතුරු ජනතාවට ලැබෙයිද? (නි)
කුමාරි,ඔයාට කියන්න තිබෙන දේ මෙතන මට ලියන්න බැහැ. ජෙනරාල් සරත් ෆොන්සේකාට තෙරුවන් සරණයි (නි)
ඔබට ජය වේවා ! රටට ජය වේවා ! (නි)
ඔබතුමා පොත් හතරක් ලියන්නම ඕනෑ. ළමා කාලයේ සිට හමුදාවට බැදීම දක්වා පළමු පොත. හමුදාවට බැදුන දා සිට හමුදාපති දක්වා කාලය දෙවැනි පොත. හමුදාපති සිට ජනරාල් දක්වා කාලය තුන්වන පොත. දේශපාලන ජීවිතය හතරවන පොත. ලංකාවෙ දේශපාලනයට නැත්තෙ ඔබතුමා වගේ අවංක මිනිස්සු විතරයි. අවාසනාවට ලංකාවෙ මිනිස්සු කැමති කථාකාරයින්ටයි බොරුකාරයින්ටයි. (නි)
කෙළෙහිගුණ දත් සැබෑ ශ්‍රී ලාංකිකයින්ට ෆොන්සේකා මහතා සදහටම වීරයෙක්. එතුමාට දීර්ඝායුෂ පතමි! (නි)
යුද්ධය දිනුවේ තනිවම තමාය කියලා හිතාගෙන ඉන්නේ කවුද කියලා, මම හිතන විදියට බොහෝ අය දන්නවා. (නි)
ඔබ අපිට සදා වීරයෙක්.එහෙත් ඔබගේ ජිවිතයේ ස්වර්ණමය යුගය අහිමි කරගත්තේද ඔබම බව කණගාටුවෙන් වුවද කිව යුතුය. ජාතිය සතුරන්ගෙන් බේරා ගන්නට ඔබ තනිව කළ සටනක් නොවේ යන්න අමතක නොවුවා නම්......අදත් ඔබට මීට වඩා විශාල මෙහෙයක් ජාතියට කළ හැකි වෙනු නොඅනුමානය. (නි)
බන්දුල පෙරේරා 2013-11-29 12:39:08 අදහසින් මම කිව්වේ පොන්සේකා මහත්තයට තිබුනේ ඔය මහත්තුරු කියන බල තණ්හාවට වඩා ගොඩක් එහා ගිය තණ්හාවක් කියල.හම්බ උණු හැමදේකටම පයින් ගහල තිබුණු සැප දුන්නු සැප මදි කියල රජ සැපම හොයන්න ගියේ එකයි (අ)
එලොව ගිහින් මෙලොව ආ විදියටම ඡන්දෙත් ඉල්ලලා දිනුවා නම් කොච්චර හොදද? (නි)
අනේ මේ අයගේ මෝඩ කතා. ලෝකෙම් හොදම රට අපේ රටලු. ලෝකෙන් හොදම කාලගුනය අපේ රටේලු. හොදම ආගම අපේ ආගමලු. ලෝකෙන් හොදම යුද්දය අපේ යුද්ධයලු. මේ අය ලෝකේ හොද රටවල් තව දැකලා නැහැ.(නදී)
සත්‍යය, ඔබේ අදහස ඇත්ත. (නි)
රාවන ගතිය ඇත උපතේ සිටම ලාබිලා ලංකර ගනු එපා වානර වඳුරු පොදී බල බිඳදැමු විලසින් ලේ බිව්ව කොටි ජාතිය ගොඩනගනු මැන SF පියාණනි (අ)
කුසුම් ගිංතොට, මමත් කුසුම් කෙනෙක් තමයි හැබැයි ඔබ පත්තරේට අදහසක් ලිය තිබෙනවා දැක්කේ නම් අදමයි. මතක තිය ගන්න මනුෂයෙක් වෙලා ඉපදිලා වැරැද්ද පෙනී පෙනී, හිස නමාගෙන නිවටයෙක් වගේ ජිවත් වෙනවට වැඩිය හොඳයි වීරයෙක් වගේ මැරෙන එක. ෆොන්සේකා මහත්මය කියන්නේ ශ්‍රේෂ්ඨ ගනයේ වීරයෙක්. එහෙම නැතිව මාධ්‍ය මගින් පුම්බපු පුහු වීරයෙක් නෙවෙයි. (අ)
කුමාරි ඔයාට මේ බදු මිල වැඩි නැත්නම් මහින්ද මහතාටම උදව් කරන්න රට දෙවෙනි වරටත් ගොඩ ගන්න ඕන නම් ජනරාල් තුමා එක්ක එක්වෙන්න (අ)
ළඟදීම ප්‍රදාන සැකකරුට විරුද්ද චෝදනා අර පති තුමා ඉල්ලා අස්කරගනිද කියල මට සැකයි (දිල්)
මට මතකයි එතුමා හමුදාපති ධූරය භාරගත් සැනින් මාධ්‍යයට නිකුත් කළ පණිවුඩය.එය යථාර්තයක් බවට පත් කළ මේ උතුම් මිනිසාට දිර්ඝායු පතමු ! (නි)
ඔබ අපේ වීරවරයෙක් (නි)
ඔබතුමා දේශපාලනය නොකරන එක හොදයි. නිදහස් වීර හමුදාපති කෙනෙක් වශයෙන් ආඩම්බර වෙන්න පුළුවන්. ඔබතුමා දේශයේ පිනට උපන් සෙන්පතියෙක්. (නි)
එතුමට අතට අත දී සුභ පැතූ දිනය මගේ ජීවිතයේදි අමතක නොවන දිනයක්.(නදී)
මෙතන අදහස් ලියා ඇති වැඩිදෙනෙක් පවතින යතාර්ථය බොහෝ දුරට තේරුම් අරගෙන තම අදහස් ලියා තිබීම ම අවංකව ම අගය කරනවා. උදාර සේවයක් කළ පුද්ගලයින්ට පවා ගරහන්න ඇතැමුන් පෙළඹී ඇත්තේ කාව සනසන්නද ? එවන් පුහු වදන් වලින් පාලකයින් නැළවුනද ජනතාව තවම සිටින්නේ සිදුවන්නේ කුමක්ද කියා සිහි එළඹවගත නොහැකිවයි. ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට නෑවිත් ජනාධිපති තුමාට එකතු වුයේ නම් කියන උදවිය මේ සිද්ධි සමුහය පිටුපස වූ කිසි දෙයක් දන්නේ නැහැ. ඒ පිලිබඳ කිසිවක් මා මෙහි නොලියන්නේ එසේ ලියා පුවත්පත අපහසු තාවයකට පත් කරන්න බලාපොරොත්තු නොවන නිසා. කෙසේ වෙතත් බිහිසුනු ත්‍රස්තවාදයකට විරුද්ධව උදාර ලෙස සටන් කොට ජයග්‍රහණයක් ලැබූ මිනිසෙක් මේ ජරාජීර්ණ දේශපාලන ව්‍යුහය රැකගන්න පවතින ආණ්ඩුවකට මුක්කු ගසාවිද කියා තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න.(නදී)