දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බන්ධනාගාරය ඉදිරිපිට දී මහජනතාව අමතමින් ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය හිර ගෙදර ඉදිරිපිය පාරේදී පිරිත් කියා සෙත් පැතූහ. ‘මට කළ අසාධාරණයට ජනතාව සාධාරණයක් ඉටු කරාවි. ජනතාවගේ සුසුම්, කඳුළු, දහඩිය සුවඳ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අද සිට ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා. ජනතාව මට දුන් ශක්තිය මට මහත් ශක්තියක් වුණා. එය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මා දේශපාලන වෛරයකට ලක්වී අසාධාරණයකට ලක් වුණා. ඒ අසාධාරණය සාධාරණය කරගන්න මා සමග එක් වන්න. ඒ අසාධාරණය නිසා වසර දෙක හමාරක් ඔබගෙන් ඈත් වී සිටීමට සිදු වුණා. මගේ ජීවිතය තිබෙන තුරු මා ඔබ සමගයි. මා කවදාවත් මට සහාය දුන් අය පාවා දෙන්නේ නෑ. මේ රටට රණවිරුවන් ගෙන දුන් සාමය ඉදිරියට ගෙන ගොස් සාමාය සතුට රජයන රටක් බිහි කරන්නට දායක වන්න. මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ. මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ. ඉදිරියේදීත් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.  බඩගින්න ඉවසාගෙන මට ශක්තිය දුන් මුහුණු කවදාවත් අමතක කරන්නේ නෑ. මා සමග රැඳී සිටින්න කියා මා එයගෙන් ඉල්ලනවා. සියලු ශ්‍රී ලංකා වාසීන්ට, දූදරුවන්ට, යහළු යෙහෙළියන්ට හා අන් සියලු දෙනාට ජයෙන් ජය පතමි.  

.....ඡායාරූප.....

 

සබැඳි පුවත්.......