
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වික්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි. දැන් අලුත් වැලක් හොයාගන්නැයි වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සමහර අය ලුණු මාෆියා හදනවා.මේ වන විට ලුණු මාෆියාව අවසන් කර තිබෙනවා. ආනයනකරුවන් ලුණු කන්ටේනර් විසිපහක් ගෙන්වා තිබෙනවා.
ලුණු අද ඉඳන් එනවා.අපේ රටේ දවසට ලුණු මෙට්‍රික් ටොන් පන්සියයක් වැය වෙනවා.මේ වන විට හම්බන්තොට ලේවායට දුන්න ලුණුත් දවස ගානේ වෙළඳපොළට නිකුත් වෙනවා.වෙන කියන්න දෙයක් නැති නිසා ලුණු ගැන බොරු කියනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් විපක්ෂයට ලුණු කැදත් නැති වෙනවා.....
ගෙන්නන්නේ නැහැ කී ලුනු ආනයනය කොට එය කියන උජාරුව, ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.
ඔහේගේ අර රජයේ වී මිලදීගැනීමට මොකද වුනේ? මාලිමා ආණ්ඩුවේ ඉන්න කට විතරක් තියන වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි මේ...
ජෙප්පන්ට කොහේද ලැජ්ජාව? කඩේ යන අයටවත් නෑ...
ස්වභාවික අපදාවන් තම වාසියට ගෙන ලුණු මාෆියාවක් හදා ලුණු ගෙනත් වැඩි මුදලකට පරිභෝගිකයන්ට දෙනවා. දැන් LUNU ROYISC එහෙමත් ඇවිල්ලා
මොවුන්ගේ කටේ නරිවාදන් නම් තියෙනවා. ඒවා රෙද්දපල්ලෙන් බේරෙන වග ඔවුන්වත් දන්නෙ නෑ. වැඩ වර වරා අනුන්නට බැන බැන හිටියවුන් පච මළු මළු වපුරලා රටක් රවටලා දැන් පාලනයේ ඉඳන් කටමැත දොඩවනවා
පහුගිය ඡන්දෙදී ජනතාව ඔහෙලාව බෙල්ලෙන් එල්ලුවා. ඊලඟ ඡන්දෙදී ගැටේ තදවෙයි. දැනට ඔහොම කෙඳිරි ගගා ඉන්න...
වැලක් හොයනවා... හැබැයි ඒ ඊළඟ මහ ඡන්දෙන් පස්සේ කප්පම් වසන්තයාව එල්ලන්න...!
දැන් මේ ලුණු නැති වුණේ මාස ගාණක් ඇතුලේ දෙවෙනි වරට. තුන්වෙනි වරටත් නැති වුනෝත් මොකද කරන්නේ? වෙන්නේ නෑ කියලා කොහොමද කියන්නේ? පළවෙනි පාර අත්දැකීම අනුව නැවතත් එම දෙයම නොවෙන්න වැඩ කරගන්න බැරිවුණා ඇමැතිට? විපක්ෂයට එල්ලෙන්න වැල් හදලා දෙන්නේ වැඩ පුහුණු වෙන ආණ්ඩුව. අර ලොක්කා ළඟදී කිව්වේ අපි පුහුණුවෙන ගමන් රට ගෙනියනවා කියලා. මේ ඇමැතිලා හොඳයි වැලේ වැල් නැති එවුන්ට...
රට උලාකාපු විදියට ලුණු නැතිව යන එක අහන්න දෙයක්ද? අනික මොනවා හරි නැතිනම් වෙන රටකින් ගේන්න ලැජ්ජා වෙන්න ඕනේද? ලැජ්ජා වෙන්න ඕනෑ හිටපු කජු සීයා. ජනමතය තේරුම් ගන්න බැරිව බොරුවට උඩ පනින්න ඒපා...
බු හා හා... මේ මෝඩ ඇමතියා කලින් දේශනා කරපු නිෂ්පාදන ආර්ථිකේ සරම අස්සෙන් වැක්කිරිලා යද්දිත් පුරසාරන් දොඩවනවා. අපි කන්ටේනර් 25ක් ගෙන්වනවා කියලා, අනේ මෙහෙමත් බූරුවන්...
Aravinda harakvila
ඔබතුමන්ලාත් ජනතාවට දුන්න පොරොන්දු කලට වේලාවට ඉටු කලේ නැතිනම් වැලේ වැල් නැති වෙයි.