මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන සිදුවූ බිමේ දී මිය ගිය සාමාන්‍ය වැසියන් සුදුසු අවස්ථාවේ දී ස්මාරකයක් ඉදි කළ යුතු යැයි කියන යෝජනාවක් උතුරු පළාත් සභාවේ දී සම්මත විය.
මන්නාරමේ සමූහ මිනීවලේ ඇටකටු පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ රසායන විද්‍යා විශේෂඥයකු කැඳවන්නැයි කියන තවත් යෝජනාවක් ද සම්මත විය.
කොටි සංවිධානයේ නායකයෙකු වූ එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මන්ත්‍රිනිය යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ ‘සමූල ඝාතනය‘ ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි.
‘සමූල ඝාතනය‘ යන වචනය පාවිච්චි නොකරන ලෙස මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඇයට උපදෙස් දුන්නේය.
යෝජනා තුනම සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව කැලේ මාරු කරලා වගේ.(නදී)
මිනිස් ගාතන කවුරුකලත් උන් ම්නිමරුවෝම තමයි. කොටි සංවිධානයේ නායකයෙකු වූ එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මන්ත්‍රිනිය ඔය යෝජනාව කරන්න ඕනේ මන්නාරමට විතරක් නොවේ. ඔබතුමියගේ මහත්තයා එල්. ටි. ටි. ඉ. සංවිදානයත් සමග කරපු සමුල මිනිස් ඝාතන කොපමණද? ඒ වටත් එක්ක යෝජනා සම්මත කරගන්න. එතොකටනේ ඔබතුමියගේ සමබරතාවය පෙනෙන්නේ. (නදී)
කොටි කරපු මිනීමැරුම් ගැනත් හොයන්න කියල යෝජනා සම්මත කරනම් තමා හොද. එලිලන් කරපුවත් එක්කම. (අ)
මගේ මල්ලි මේජර් හේමසිංහ එක්ක දහසක් පමණ යුධ හමුදා නිලධාරීන් මුලතිවු කඳවුරේදී මරල වල දාපු එකත් හොයන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න එම නිලධාරීන්ගේ දෙමව්පිය බිරින්දෑවරු සහ දරුවන් සමග පෙළ ගැහෙමු. (නදී)
කරුණාකර එළිලාරින්ලා කරපුවට බිරිදට නඩු දමන්න (අ)
කෝ මේ දකුණේ පළාත් සභා නැද්ද මේවට උතර දෙන්න (අ)
ඔය කාන්තාවග ස්වාමිපුරුෂයා මිනිසුන් මරද්දි ඔය තැනැත්තිය මොනවද කළේ? මරණයට අනුබල දීමත් වැරද්දක්.එයට හරි යන්නේ පළාත් සභාව නොව වැලිකද මහා උළුගෙදරයි (අ)
දැන්නේ කොටි අවතාර නැගිටලා තියෙන්නේ. මේ අයට ප්‍රජතන්තරේට වැඩ කරන්න නිදහස දීපු අපිටයි ගහන්න ඕනේ.(නදී)
මේවට තමා ඇදගෙන නෑම කියන්නේ. (නදී)
හතරවෙනි යෝජනාව ඊළගට ගෙනෙයි වෙනම රටක් හැටියට උතුරු නැගෙනහිර පාලනය ඉල්ලලා. (නදී)
සමුල ඝාතනයකින් යුද්දය දිනුවා නම් කොහොමද ඔයාලා ඉතුරු වෙලා ඉන්නේ කොටියෝ? (නදී)
අපේ තාත්ත නැති උනේ මහා බැංකු බෝම්බෙන් , අපි අසරණ උනා. ඒවා ගැන මේ අයට කතා කරන්න බැරි මොකද? (නදී)
කෝ අර බල සේනා.(නදී)
එලීලන් ඇතුලු කොටි නායකයින් කළ ම්ලේච්ඡ සංහාරවලට නඩු දමන්න. උත්තර දෙන්න බිරිඳට එන්න වේවි. ඒකීය රටේ නීතිය කාටත් පොදු බව ඔප්පු කල යුතුයි. විග්නේශ්වරන් දමා ගත් උරචක්‍රමාලාවෙන් නැසෙන්නේ ඔහු මිස අනෙකෙකු නොවේ.(නදී)
එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මෙයා කොටි කතක් නේද(අ)
තවමත් කොටි ගොරවන හැඩයි. හැකි ඉක්මනට පිළියම් යෙදෙව්වොත් තමයි හොඳ.(නදී)
එලීලන්ගේ බිරියම යෝජනාව ගෙනාපු එක හොදයි. පූහුල් හොරා කරෙන් දැනේ වගේ නේද ? (නදී)
යුද්දේ දිනුවට ප්‍රශ්නේ විසඳිලා නැහැ වගේ. (දී)
මේ අරගලයේදී දමිල ජනයා පමණක් මියගියානම් යෝජනාව හොඳා .එදා ඩී එස් සේනානායක ඉස්කෝලේ බේස් බෝල් ටීම් එක බෝම්බයට බිලි වුනු ශෝකයට එම දෙමාපියන් තවම කඳුළු සලනවා.ඔවුන් සාමාන්‍ය සිවිල් ජනයා නොවේද? (දී)
මොනවා කරන්නද ජගත් පරීක්ෂණ කරන්නේ "ජගත් මල්ලි ඔන්න ඔය ගිහිල්ලා පරීක්ෂණයක් තියලා එන්න " (දී)
මේවා හොද ආදර්ශ නොවෙයි අපේ ජනාධිපති තුමා ඉන්නකල් අපි බය නැහැ (දී)
අපේ ගොඩක් දේශපාලකයෝ කොහොම කොහොමහරි තමන්ගේ මඩිය තරකරගන්නම වෙහෙසෙනවා මිසක් රටට විනකකරන අයගේ ක්‍රියා පිලිවෙලගන කිසිම තැකීමක් නැහැ (දී)