
(රොමේෂ් මධුෂංක)
වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්රරදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳකට වැටීමෙන් එම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 14 සහ 15 වැනි වියෙහි පසුවූ සිසුන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
මෙම සිසුන් දෙදෙනා පම්පමඩුව ප්‍ර දේශයේ පිහිටි වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රී ඩාංගණයේ පැවති එල්ලේ තරගයක් සඳහා ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම සිසුන් දෙදෙනා දක්නට නොමැතිවීමෙන් පසුව එහි සිටි සිසුන් එක්ව මෙම සිසුන් දෙදෙනා සෙවීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳ තුල තිබී සිසුන් දෙදෙනාගේ මළසිරුරු සොයා ගැනීමට හැකිවී අැති අතර අනතුරුව ඒපිළිබඳව පූවර්සන්කුලම් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසුන් දෙදෙනාගේ මළසිරුරු ගොඩ ගෙන වව්නියාව මහරෝහල වෙතට රැගෙන ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙදෙනාට නිවන්සුව ලැබෙන බවය දක්වා මෙවන් අකල් මරණයක් නොමවේවා.... නිවන්සුව පතමු ඉක්මන් බයකදීම.!