සුවකළ නොහැකි අසනීපයකින් පසුවන ජනප්‍රිය නිවේදක එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා තලංගම පිහිටි ඔහුගේ නිවසට ගියේය.
හලාවත උපත ලද එල්මෝ ප්‍රනාන්දු වසර 47ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද තම නිර්මාණශීලී කටහඬ උපයෝගී කරගෙන මාධ්‍ය මෙහෙවරක නිරතවිය.
එල්මෝ වසර 47ක් පුරා ප‍්‍රකට නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. බී.බී.සී ලෝක ප‍්‍රවෘත්ති සේවයට සම්බන්ධ ශී‍්‍ර ලාංකිකයෙකු ලෙසට යුග මෙහෙවරක් ඉටු කර ඇති එල්මෝ ප‍්‍රනාන්දු ගේ සුවදුක් බැලීමට ගිය ජනමාධ්‍ය ඇමතිවරයා ඔහුගේ අමිල සේවය ඇගයීම ලක් කළේය.
දරු තිදෙනෙකුගේ පියෙක් වූ එල්මෝ ප‍්‍රනාන්දු මහතා බොහෝ කාලයක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. තමාගේ සුවදුක් බැලීමට තම නිවසටම පැමිණීම පිළිබඳව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට තම කෘතඥතාවය පළකර සිටි එල්මෝ ප්‍රනාන්දු ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් තමාට ලැබිය යුතු විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අවස්ථාවේදීම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තේට්ටුවගම මහතාට දුරකථනයෙන් කථා කර මෙම ඉල්ලීම පිළිබඳව හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසද දැන්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කවදාවත් මේ හඬ අමතකවෙන්නේ නැහැ. හැබැයි රුව දැක්කේ අදයි (නි)
සම්පත් පතිරණ ඔබ හරි..! එල්මෝ මහතාණනි ..! ඔබේ කටහඬ වැනි ලෝක ප්‍රවෘත්ති වලට ගැලපෙන තවත් සිංහල කටහඬක් වෙන නැහැ.ඔබ බීබීසියේ මතය නේ කියන්නේ..! .එය ඔබේ රාජකාරිය මිස ඔබේ මතය නොවන්නට පුළුවන් .සාමාන්‍යයෙන් බීබීසී කාරයෝ ගන්නේ සුළු ජන කොටස් වල පැත්ත...පුවත් වල වටිනාකම වැඩිකරගන්නත් එක්ක..! ඒ වගේම අකාලයේ ඝාතනය වුන යාපනේ බීබීසී වාර්තාකරු නිමලරාජන් වත් අමතක කරන්න බැහැ . ඔබට නිරෝගී සුව...! ලංකාදීපයට තුති ..! එල්මෝ ව පෙන්නුවාට. (බ)
අදහන්න ඔිින මිිනිහෙක් තාවමත් කටහඬ අැහෙනවා වගේ (රේ)
එල්මෝ කියන්නේ ඇති දක්ස නිවේදකයෙක්.ගයන්ත මැතිතුමාට ස්තුති.(රේ)
ඒක ඇත්ත නිමන්ත, මට මෙතුමන්ලා ගැන දකිනකොට මතක් වුනේ ' මගේ දේශය මගේ ජාතිය' නන්දා මාලනී මහත්මිය කියන ගීතයයි. (බ)
එල්මෝ මහත්තයා බී.බී.සී. සිංහල සේවය මඟින් යුද්ධය තිබෙන කාලයේ කළ මෙහෙවර අපිට තාම මතකයි. (නි)
අපිත් නිතරම මුමුණන පදයක් එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට (බ)
අගය කළයුතු කටයුත්තක්. මොවුන්ගේ සේවය ඇගයිය යුතුයි (නි)
මට හිතෙන විදියටනම් විශ්‍රාම වැටුප ප්‍රමාද වුණ කරණය හොයල විෂය බාර ලොක්කව ගෙදර යැව්වනම් තමයි හරි. ගණන් ගන්න එපා මං දකින්නේ දවල් හිනයි. (බ)
'දුක් සැප කුමන්දා - අසන මැතිදෝ වෙන කොයින්දා.' විශ්‍රාම වැටුපවත් ගෙවා නැති හැඩයි. (බ)
විශ්රාම වැටුප දෙන්න කියලා ඇමතිතුමා හරහා ඉල්ලීමක් කරන්න ඕනෑද? නිලධාරියෝ සහ සේවකයෝ හරියට වැඩ කරනවා නම් ඇමතිට කියන්න ඕනෑද....? (නි)
විශ්රාම වැටුපට සිදුව ඇති දේ ගැන නම් බොහොම කණගාටුයි (නි)
...“.......බී.බී.සී.ලෝක සේවයේ සන්දේශයට... එල්මෝ ප්‍රනාන්දු කොළඔ සිට..“. ඔහුගෙ ලස්සන ප්‍රවෘත්ති ශෛලියට මම තාමත් ආසයි... (නි)
ඇත්ත උපුල්, ඒ හඬ තවමත් ඇහෙනවා වගෙයි (නි)
මටත් ඒ අතීතය අද වගේ මතකයි. හරිම සුන්දර මතකයක් ඒක (නි)
මෙතුමව ෆොටෝ එකකිින් හරි දැක්නේ අද තමයි කොයි තතරම් සමීප කෙනෙත් උනත් (රේ)
ඔබේ කටහඬ සදා මතකයේ තියෙනවා. අද තමා රූපය දැක්කේ. කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල වැනි නිවේදකයන්ට නොදෙවෙනි වන ඔබතුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සැළසී චිර ජීවනය සැළසේවා. මෙබඳු ශූරින්ගෙ කටහඬවල් ඇතුළත් වැඩසටහන් නැවත ප්‍රචාරය කිරීම ශ්‍රාවකයන්ට මිහිරකි. අද ඉන්න නිවේදකයන්ට පාඩමකි. (නි)
උපුල් ..බී.බී.සී.ලෝක සේවයේ සන්දේශයට... එල්මෝ ප්‍රනාන්දු කොළඔ සිට..“ එ්ක අපිටත් කවදාවත් අමතක නොවන වදන් පෙළක් (බ)
මෙතුමා වැනි අය අද බොහොම විරලයි. ඔහු හැබෑම දක්ෂයෙක් (නි)
ඔබතුමාගේ සේවය ඇති විශිෂ්ටයි.මේ ලෝකයේ හිත ඇත්නං කල නොහැක්කක් නොමැත. ඉක්මන් සුවය ලබා ඔබගේ ඒ සේවය නැවත ලක් මාතාවට ලබා දෙන්න. (ම)
''බීබීසී සංදේශයට -එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට'' යනුවෙන් මට කාලෙකින් අසුනේ නැහැ. මහතාණෙනි, කුමන හාස්කමකින් හෝ ඉක්මන් සුවය ලබා, නැවතත් ලියුම්කරු වශයෙන් වැඩසටහනට එක්වන්නට සිත ධෛර්යමත් කරගන්න.ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවායි මගේ පැතුමයි! (නි)
මේක හොද දෙයක්. එතුමා දක්ෂයෙක්, නමුත් බි.බි.සි. නිවුස් හරහා කළ කී ඔක්කොම අනුමත කරන්න නම් බැහැ. (බ)
සදා මතකයේ රැඳුන හඬක් (නි)