(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීමට ක්‍රීඩා ප්‍රධානියෙක් එම තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්ට පෞද්ගලික මට්ටමින් කථා කර තරගාවලියට සහභාගි නොවන ලෙස දැනුම්දී ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගය කියයි.
අදාල ක්‍රීඩා ප්‍රධානියා පසුගිය සතියේ දැරූ එම උත්සහයන් පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට දැඩි කථා බහට ලක්ව ඇති අතර එයට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කාර්යාලයකට නිලධාරියෙක් ද සම්බන්ධ සම්බන්ධ කරගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.
එම ක්‍රීඩා ප්‍රධානියා එල්.පී.එල්. තරගාවලියේ සියලුම කණ්ඩායම්වල හිමිකරුවන්ට තරගාවලියට සහභාගි නොවන ලෙස දැනුම්දී ඇති බවත් ඒ පිළිබඳව දැනුවත් වූ වාහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාල හිමිකරුවන් සමඟ සම්බන්ධ වී තත්වය පාලනය කර ඇති බව ද වාර්තා වේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
එල්.පී.එල්වලට බාල්දියක්