(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අටදෙනකුට ජනාධිපති සමාව හිමිව ඇතැයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක මහතා පවසයි.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. රැඳවියන් හතර දෙනකු සහ තවත් එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනකු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩු එම රැඳවියන් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත බවත් ඒකනායක මහතා කීය.
එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනෙක් පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එම උපදෙස් හා නියෝග අනුව ඉදිරියේ කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනාධිපතිත් අනිත් ජනාධිපතිලා වගේ සිරකරුවන් නිදහස් කරන්න එක තමයි රාජකාරිය. මේ රටේ ජනාධිපතිලාට උපරිම කළ හැක්කේ මේ වගේ සිරකරුවන් නිදහස් කිරීම, අනවශ්‍ය උපදේශකලා පත් කිරීම, ගැසට් නිවේදන නිකුත් කිරීම පමණයි. මේකත් කරන්නේ ද්‍රවිධ ඩයස්පෝරාවෙන් ඩොලර් ගන්නද කියලා සැකයක්...!
හොඳ වෙලාවට සහරාන් මැරුණේ... නැතිනම් එයාටත් ජනාධිපති සමාව දෙනවා. එහෙම රටක් මේක...!
රනිල් තමන්ගෙ සුපුරුදු බෙදුම්වාදීන් නැලවිල්ල පටන් අරන්.සෝල්හයිම් එනකොටම මේව වෙන බව හිතුනා.
ඕන් දැම්මම කිවා ඊලග චන්දෙ දී රනිල් UNP යෙන් ඉල්ලනකන් ඉන්නේ නැතිව පොහොට්ටුවේ දේශප්‍රේමී සෙට් තව ඉතුරුවෙලා ඉන්නවානම් එලියට බැහැලා වැළපෙන්න පටන් ගන්න . දැන් කර කියා ගන්න දෙයක් නැතිව තිත්ත බේත් බීපු ගොළුවෝ වගේ ඉදලා චන්දෙ කාලේ ආපුහම සලුපොට අහසට නග්ගොලා බෙරිහන් දෙන්න එන්න එපා ත්‍රස්ත වාදීන් නිදහස් කොරෝ කියලා . මේවා සිද්දවෙන්නේ තමුන්නාන්සේලාගේ දේශප්‍රේමී චන්දෙ ආනිසංස වශයෙන් තමා.
අරගල කරපු තරුණයන්ගේ බලයෙන් ඇවිල්ල දැන් උන් හිරේ දාල. වෙන උන් නිදහස් කරනවා.