IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

 

( සිතුම් චතුරංග)

උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී යුද්ධයෙන් පසු උතුරු පළාතේ සංවර්ධනය පිළිබදව සහ යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ජනතාවගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් සහ පරිසර තත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණ.

එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය යාපනය මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්දතිය පිළිබඳ සොයාබැලීම සහ එහි කඩොලාන බෝකිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකද නිරත වූහ. එරික් සෝල්හයිම් මහතා විසින් නැවත පදිංචිකළ ජනතාවගේ ඉඩම් සංවර්ධනය , පරිසර සහ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සොයාබැලිමද සිදුවිය.

 

 



අදහස් (14)

එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

ranjith Thursday, 02 May 2024 02:46 PM

ඔන්න පරණ යාලුවෝ නැවත එකතු වෙලා

:       6       27

Hafeel Thursday, 02 May 2024 03:32 PM

චන්දයක් ලං වෙනකොට මේ හාදයා එන්න එක හොඳ නැහැ. එකත් ඔහු යාපනයට ගිහින් ඉන්නේ. මෙයා ලංකාවට ආවොත් මොනවා හරි විස බීජයට තමයි එන්නේ. ඔහු විසින් ලියපු පොත් එකේ මිනීමරු ප්‍රභාකරන්ව වර්නනාකරලා, ඔසවල ලියල තිබුනා. මෙයා එදා උපරිම උත්සාහ කළා රට දෙකට කඩන්න.

:       6       30

සමන්Thursday, 02 May 2024 10:27 PM

හා හා මොනවත් කියන්න එපා... මෙයා අපේ රනිල්ගෙ හොදම යාලුවෙක්... 2003 කාල වකවානුවලත් මෙයා ලංකාවට ඇවිල්ලා ගොඩක් වැඩ කලා...

:       1       3

Kazi Shajahan Thursday, 02 May 2024 03:36 PM

ඔය ගැහැණිය තමයි පොඩි චන්දය කල් දාන්න රනිල්ට උදව් කලේ.දැඩි දඬුවම් දෙන්න ඕනේ අලුත් NPP ආණ්ඩුව ආවම

:       10       19

HafeelThursday, 02 May 2024 04:04 PM

ඡන්දය කඩාකප්පල් කරපු ගැහැණිත්, රට දෙකඩ කඩන්න උත්සාහ කරපු දෙන්නම එකතු වෙලා ඉන්නේ ආයිත් මොනවා හරි ඡන්ද මගඩිකටද දන්නා නැහැ.

:       1       2

Prabha Thursday, 02 May 2024 04:07 PM

මෙයා දන්නවා රට බෙදන්න හොදම කාලේ රනිල්ගේ කාලේ කියලා...

:       1       1

ජයනාත් Thursday, 02 May 2024 05:40 PM

දේශගුණය කියාගෙන අලුත් ගේමකට සූදානම් වෙන්නෙ . කල්පනාවෙන්.

:       0       1

chandima Thursday, 02 May 2024 05:45 PM

ඡන්දෙට කලින් ගුලියක් අඹරලා දෙන්න කියලාද යැව්වේ? මේ වතාවෙත් හදන්නේ නිදාගෙන ඉන්න කොටි එකතු කරලා තවත් යුද්ධයක් අවුලලා යන්නද?

:       0       1

බද්රානි Thursday, 02 May 2024 07:06 PM

හොර කල්ලියක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කරන මේ රට බේරාදෙන්න සෝල්හයිම් මහත්තයෝ....පුළුවන් නම්, උතුරු පළාත වත් දෙමල ජනතාවට හිමිකරදී එහි පරිසරය ආරක්ෂා කරලා එම පළාත දියුණු කරන්න උදව් කරන්න... ප්‍රභාකරන් කවදාවත් පරිසර හානියක් සිදුකලේ නැහැ.... එත්, සිංහල හොර තක්කඩියන් කඩොලාන විනාශ කළා....මුස්ලිම් මන්ත්‍රී වරයෙකුගේ නම ඉස්සරහට දාලා ඔහුව විවේචනය කරමින්, සිංහල තක්කඩි තමයි කැලා කපලා හෝටල් හදාගෙන තියෙන්නේ...

:       2       2

chandima Thursday, 02 May 2024 07:11 PM

කඩොලාන වවනවා ඉස්සරහට එන ප්‍රභාකරන්ලාටත් හැංගෙන්න කඩොලාන වවනවාද?

:       0       3

Senarath Friday, 03 May 2024 09:13 AM

ජාත්‍යන්තර කාලගුණ විපර්යාස උපදේශක උතුරේ යන්නේ මොනවටද ?අපේ රටේ කාලගුණ විපර්යාස පිලිබඳ විශේෂඥයෝ ඕනේ තරම් ඉන්නවා .මොනවටද Erik Solhyme ව පත්කර ගත්තේ ?මේ හාදයා රටවල් බෙදන්න දඟලන කොට්න්ට කඩේ ගියපු හාදයෙක්.අපේ ලොක්කාවත් ජාත්‍යන්තර කියපුවාම අසූචි උනත් කමක් නැහැනේ

:       1       2

sam Friday, 03 May 2024 09:18 AM

හපෝ ආයිත් ලංකාවට රින්ගලාද.ආයිත් යාපනේ අහිංසක මිනිස්සු අවුස්සන්න ඇවිල්ලා/ප්‍රභාකරන්ට උඩ ගෙඩි දීලා ,කත් ඇද්ද මිනිහෙක් .උඩින් පේණ හොඳ මූන නෙමෙයි ඇතුලේ තියෙන්නේ .යාලුවා වගේම තමයි .හැබැයි ඉතින් දැන් ජනතාව මේගොල්ලා කරන කියන කරන ඒවා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ .කට්ටියම ගෙදර යන ගමන්

:       1       3

Bunny Preena Friday, 03 May 2024 09:28 AM

මේපාර මොකාට එන්න හදනවද මන්දා ?

:       0       4

Bamunuarachchi Sunday, 05 May 2024 02:36 AM

රනිල් බලයේ ඉන්න තුරු සෝල්හයිම් කාරයත් මේ රටේ බ්‍රමණය වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි
2024 මැයි මස 17 541 0

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.


සරණාගතයකු වූ එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට
2024 මැයි මස 17 453 1

ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය. ඉප්ස්විච් නගර සභා වාර්ෂික ර


ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි
2024 මැයි මස 17 274 0

නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍


ඩයනා අමාත්‍යංශ වාහන හතරක් ගෙදර තියාගෙන
2024 මැයි මස 17 1568 2

ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.


වැස්ස වර්ධනය වේ
2024 මැයි මස 17 374 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.


නිලාවේලි වෙරළේ යාත්‍රාවකට ගිනි තියලා
2024 මැයි මස 17 328 0

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 744 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2280 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1963 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site