( +++ අංජුල මහික වීරරත්න)
එයාර් බස් සමාගමෙන් සිදු කෙරුණු වංචාව සැලකිල්ලට ගෙන එම සමාගමෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීම සහ බදු පදනම මත ගැනීම වහා තහනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකන් සමාගමටද විශාල අලාභයක් විඳින්නට සිදුවූ බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීම සඳහා රජය වහා කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය. මෙලෙස වූ අලාභයට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවට බවත් එයාර් බස් සමාගමට විරුද්ධව නඩු පවරා වන්දියක් ලබා ගැනීම සඳහා විශේෂ දැනුමක් ඇති විදේශ නීතිඥ සමාගම් සමග සාකච්ඡා කොට පියවර ගතයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කර ගැනීමට හැකියාව තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තම රජය පැවැති සමයේ මෙවැනි සිද්ධියක් හෙළිදරව් වූයේ නම් අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම මෙන්ම බදු පදනම මත ගැනීමද වහාම තහනම් කරන බවද ඔහු කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (08) මරදානේදී පැවැති පොත් බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්දර වගේ කොහොමද ටෝක් එක..?
මේ කතා වලට කොහෙන් හිනාවෙන්නද මන්දා...................
අපේ රටේ සියලුම ගුවන්යානා එයාර් බස් ආයතනයෙන් ලබාගත් ඒවා. අපි boing වලට මාරු වෙනවානම් කර්මිකකයාගේ සිට ගුවන් නියමුවන් දක්වා සියල්ල වෙනස් විය යුතුයි.
ඔබතුමා මේ කියන්නේ විහිලු කතාවක් නේද? හිනා වෙන්න ගිහින් ඒක නවත්ත ගන්න බැරිවුණා.
ගිවිසුම් අවලංගු කිරීමේදී පසුගිය රජය විශාල වන්දි මුදලක් ගෙවූ බව පැවසේ. අල්ලස් නීති විරෝධී බැවින් ගිවිසුම්ද නීති විරෝධීය.. එබැවින් වන්දි ගෙවීම නොකළ යුත්තකි. පාර්ලිමේන්තු බහුතරය හිමි එජාපය, වහාම ජනාධිපතිතුමා සමග එක්වී, මේ වන්දි මුදල නැවත අයකර ගත යුතුව ඇත.
අපිව හිනස්සලා මරන්නද හදන්නේ ?
මෙයාලා රට කාලා විනාශ කරලා දාලා තව බොරු කියා කියා ඒවා වචන හදනවා. අනික් ඔක්කොගෙම රෙදි ගළවගෙන ඉවරයි.
පක්ෂයේ බලය රැකගන්න පගාව ලෙස කෝටි සිය ගණනක්ම සැප වාහන ඇමතිවරුන්ට අරන් දුන්නු හැටි ඔන්න එළිවෙනවා රටම ණය වෙලා තියෙද්දි.
මෙන්න කවුද නින්දෙන් නැගිටලා කෑගහනවෝ...
එයාර් බස් ඒ 350 ගිවිසුම අවලංගු කරලා බිළියන ගානක් නැති කරගත්තු අය දැන් කියන කතා. ඔය ලොකු කම ඒ කාලෙ කොහෙද දන්නෙ නෑ තිබුනෙ. මිනිස්සු හිනස්සන්න එපා.
කරන්න පුළුවන් හොඳම දෙය අර ඉස්සර තිබුණා වගේ ශ්‍රී ලන්කන් එකේ කළමනාකරණය එමිරේට්ස් වැනි ජාත්‍යන්තර කීර්ති නාමයක් අත්කරගෙන තිබෙන පුද්ගලික ආයතනයකට නැවත බාර දෙන එකයි. එමිරේට්ස් මගින් පාලනය කරනකොට ශ්‍රී ලන්කන් ලාභ ලැබුවා. ආණ්ඩුව බාරගත්තට පස්සේ මුල් වසර කිහිපය තුළ අවුරුද්දකට රුපියල් කෝටි 1000ක් පමණ පාඩුවක් ලැබුවා. දැන් වසරකට රුපියල් කෝටි 2000ට වැඩි පාඩුවක් ලබනවා මේවා රටේ බදුගෙවන ජනතාවගේ සල්ලි, මෙම පාඩු ලැබීමට හේතුව පසුගිය කාලේ පත්වුණා. හැම ආණ්ඩුවක්ම තම හිතවතුන් වන සජින් වාස්, නිශාන්ත වික්‍රමසිංහ, කපිල චන්ද්‍රසේන වැනි පුද්ගලයින්ට තනතුරු දීම සහ ඔවුන් සහ දේශපාලකයින් ශ්‍රී ලන්කන් එකේ මුදල් අයථාලෙස පරිහරණය කිරීම... දේශපාලකයන් බොරු දේශප්‍රේමයක් ඉදිරියට දමාගෙන රජයේ ව්‍යාපාර විකුණන්නේ නැහැ කියමින් ශ්‍රී ලන්කන් එක හරහා අපේ ධනය සූරාකනවා. කරුණාකර ඕක පුද්ගලික අංශයට පවරන්න..
වෙන කොම්පැනියක් එක්කලා ඩීල් එකක් දාගන්න වගේ යන්නේ...
"තම රජය පැවැති සමයේ මෙවැනි සිද්ධියක් හෙළිදරව් වූයේ නම් අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම මෙන්ම බදු පදනම මත ගැනීමද වහාම තහනම් කරන බවද ඔහු කීය." මේ කිව්වේ අපේ සූත්තර පුංචනේ.. එතකොට "එවකට සිටි අගමැතිවරයා තමන් කැඳවා සයින් හෝ රිසයින් යනුවෙන් තර්ජනය කළ බවද " කිව්වේ ලයනල් බෝපගේ කියන හිටපු අමාත්‍යංශ ලේකම් කෙනෙක්. එතකොට මේ අපේ සත්ගුණවත් සූත්තරය කියන විදියට මේ මුදල් මහජනමුදල් නොවේ...
පිස්සු ඩබල් වෙලා... බල්ලෙක් කකුල හපාකෑවට බල්ලෝ නොහදා ඉන්නද? ඉන්න කෙනා මරන්නද? දෙකම බැහැ... ඌව හීලෑ කරගන්නවා මිසක්. ඊළඟට තියෙන්නේ බෝයිං සමාගම. ඒකත් එහෙම කරොත්. දෙකෙන්ම නොගෙන රුසියාවෙන් ගන්නවා. එහෙමද? එහෙම නැතිනම් ගුවන් සේවය වහලා දමනවා. විකාර නොකියා ඉන්න එක වඩාහොඳයි...
බොරුවට දොඩවනවා.. හොරකමට මුල්වෙලා ඉඳලා...
මෙයා කතාකරන්නේ මහා කෙරුමෙක් කියලා හිතාගෙන... මෙයාට පුලුවන්ද එයා බස් කොම්පැනිය වහලා දාන්න...
ඉස්සර නම් මෙතුමාගෙන් අපේ පැහැදීමක් තිබුණා. දැන් දැන් කියන කරන දේවල් දිහා බැලුවම අනේ මන්දා මොලේ කචල් වෙලාවත්ද?
ප්‍රංශ ආණ්ඩුව තරහ කරගන්න වැඩක්... නැත්නම් ඇමෙරිකාවට එ් ඇනවුම් බාරදෙන්න කරන මගෝඩියක්...
සුබ උදෑසනක්... කවද්ද ඇහැරුණේ..?