චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා ගුවන් සමාගම නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන්ගමන් අරඹමින් සී.ඒ 425 දරණ මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 10.44 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ගුවන්යානය දිවයිනට පැමිනෙත්ම නව ගුවන් යානයක් පිළිගන්නා සම්ප්‍රදායට අනුව යානය දෙපසින් ජල දහරා විදිමින් ආචාර පිරිනමා එය පිළිගත්තේය.
අනතුරුව ගුවන් යානයේ දොරටුව වෙත ගිය වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා එම ගුවන්යානයෙන් මෙරටට පැමිණි එයාර් චයිනා ගුවන් සමාගමේ නිරිත දිග ශාඛාවේ සාමාන්‍යාධිකාරී කපිතාන් ලීයු යොන්ග් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිස ඉතා උනුසුම් අයුරින් පිළිගත්තේය.
ඉන්පසු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා, කපිතාන් ලීයු යොන්ග් මහතා සමග එක්ව මෙරටට ඇතුලූවන ගුවන් පාලම් දොරටුව අභියසදී පීත්ත පටිය කපා එයාර් චයිනා ගුවන් සේවය මෙරටට පැමිණීමේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කළහ.
එයාර් චයිනා ගුවන් සමාගම සතියේ දින හතරක එනම් අගහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හි චෙන්ග්ඩු හා කොළඹ අතර ගුවන් ගමන් සිදු කරනු ඇත. ජාතත්‍යන්තර ගමන් මාර්ග 78ක් ඇතුළුව ප්‍රධාන නගර 187ක් සම්බන්ධ කරමින් ගුවන් සේවා ක්‍රියාත්මක වන නිරිත දිග චීනයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථනාය චෙන්ග්ඩු සිට මෙම ගුවන් ගමන් බලපවත්වනු ඇත.
චෙන්ග්ඩු සහ කොළඹ අතර එක් සෘජු ගුවන් ගමනක් සඳහා පැය 5 කුත් මිනිත්තු 30කුත් ගතවන බව එයාර් චයිනා ගුවන් සමාගම පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙල ආගන්තුක සත්කර සන්නාමයක් වන ජෙට් වින් සමාගම එයාර් චයිනා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා වේ.
මෙම අවස්ථාවේදී වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවසුවේ වෙළෙඳ හා ආර්ථික කටයුතුවලදී චීනය, ශ්‍රී ලංකාව සමග සමීපව සම්බන්ධව කටයුතු කරන බැවින් මෙම ගුවන් ගමන් ආරම්භ වීමත් සමගම නිරිත දිග චීනයේ අප රටට වඩාත් ලංවන බවයි. එමගින් ඇතිවන ආයෝජන අවස්ථා සහ මෙරටට පැමිණෙන සංචාරක ප්‍රමාණයද වැඩි වෙනු ඇති බවයි.
මෙම අවස්ථාවට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපති වු ජෑන්ග් හු, එයාර් චයිනා ගුවන් සමාගමේ නිරිත දිග ශාඛාවේ සාමාන්‍යාධිකාරී කපිතාන් ලියු යොන්ග්, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විෙජ්රත්න, විධායක අධ්‍යක්ෂිකා රුවිනි ඩයස් බණ්ඩාරනායක, ජෙට්වින් සමාගමේ සභාපති හිරාන් කුරේ, කළමනාකාර අධ්‍යක්ෂිකා ශිරෝමාල් කුරේ, අධ්‍යක්ෂක සුනිල් පීරිස්, සංචාරක ප්‍රවර්ධන කාර්්‍යංශයේ අධ්‍යක්ෂිකා මධුභානී පෙරේරා යන මහත්ම මහත්මීහු අතුළු එම ආයතනවල නියෝජිතයෝ රැසක් සහභාගී වුහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගැනීම හොදයි. (ර)
චීන ගුවන් යානා පෝළිමේ සතියකට කීපයක් ආවාට කමක් නැහැ. හැබැයි ඒ අතරේ අපේම ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන්යානා කීයක් චීනයට යනවාද කියාත් සළකා බැලිය යුතුයි (නි)
කෝ දැන් චීනට සද්දේ දාපු අය ? පැවැතුන රජයේ සියලු චීන සංවර්දන කටයුතු මේ ගොල්ලෝ ඒගොල්ලන්ට වැඩිය වේගෙන් කරගෙන යනවා....බොරු සද්දේ ..(අ)
ස්තුතියි රාජපක්ෂ මහත්තමයා. එතුමා කරපු වැඩක් ඕක . අලුත් ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙමේ . (අ)
ඇත්තටම අගය කරන්න ඕනි. මොකද කිවොත් සංචාරක ව්‍යාපාරයට හයියක් වේවි. වෙළද සම්බන්දතා ඇතිවීමෙන් සමහර බඩුමිල අඩුවේවි.(දිල්)
දහසක් සුබ පැතුම් (දිල්)
අනේ මේවට මුකුත් කියන්න බයයි.අපෙත් පස්පොට්ර් කැන්සල් කරලා දැම්මොත් .(දිල්)
චීන ළමයි බොහොම හැඩයි ... ශුබ අනාගතයක් (අ)
ජල අාචාර, මමනම් දැක්කමයි.(හේ)
මේ පිළිගැනීමේ උත්සවය අපූරුයි.(හේ)
මත්තලට මුලින්ම ආපු යානෙටත් ජල ආචාර කළේ. මතක නැද්ද ? (බ)
මංගලි වෙතට.. ඔව්.. ගමයා කොළඹ ගියා වගේ නේ.. (බ)
මංගලි පොන්සේකා , ඔයා හදේ ඉදල අදද පොලවට ආවෙ...(බ)
සිංහලෙන් පොස්ටර් ඒක දාන්න බැරි තරමට අපේ රට කරන අයගේ කොඳු නාරටිය දිරලද..?(හේ)
පළාත් සභා වල කට්ටිය සහභාගී වෙලා නැති නිසා බය වෙන්න දෙයක් නැහැ.(හේ)
ජල ආචාර යනු ලෝක සම්මත ගුවන් යාන ආචාර ක්‍රමයයි. (හේ)
තරහා ගන්න එපා ඉතින් මංගලි නොදන්නා කමටනේ අහන්නේ .(හේ)
මේ කට්ටිය හරි සද්දෙ ඇති (බ)
දැන් මේ ආණ්ඩුවට චීනය හොඳයිද? එ් දවස්වල බලයට පත්වුනෙත් චීනයට වේදිකා දෙදරන්න වැඩියෙන් බැනපු නිසා නේද? මහින්දට බැන්නට මේගොල්ලෝ ඊට හපන් වගේ (බ)
ඇයි අර්ජුන මහත්තයා චින්නු එක්ක ගනුදෙනු වලට ගියේ ? (නදී)
හොදයි.(හේ)