IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එයාර් චයිනා මංගල යානයට ජල ආචාර

චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා ගුවන්  සමාගම නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ  චෙන්ග්ඩු  සහ කොළඹ අතර සෘජු ගුවන්ගමන් අරඹමින්   සී.ඒ 425 දරණ මංගල ගුවන් යානය ඊයේ  රාත්‍රී 10.44 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්   දිවයිනට පැමිණියේය.

ගුවන්යානය දිවයිනට පැමිනෙත්ම නව ගුවන් යානයක් පිළිගන්නා  සම්ප්‍රදායට අනුව  යානය දෙපසින් ජල දහරා විදිමින් ආචාර  පිරිනමා   එය පිළිගත්තේය.  

අනතුරුව  ගුවන් යානයේ දොරටුව වෙත ගිය වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා එම ගුවන්යානයෙන් මෙරටට පැමිණි එයාර් චයිනා ගුවන් සමාගමේ නිරිත දිග ශාඛාවේ සාමාන්‍යාධිකාරී  කපිතාන් ලීයු යොන්ග් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිස  ඉතා උනුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන්පසු අමාත්‍ය  අර්ජුණ රණතුංග මහතා, කපිතාන් ලීයු යොන්ග් මහතා සමග එක්ව  මෙරටට  ඇතුලූවන ගුවන් පාලම් දොරටුව  අභියසදී   පීත්ත පටිය කපා එයාර් චයිනා ගුවන් සේවය මෙරටට පැමිණීමේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කළහ.

එයාර් චයිනා ගුවන් සමාගම   සතියේ දින හතරක එනම්  අගහරුවාදා, බ්‍රහස්පතින්දා,  සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හි චෙන්ග්ඩු හා කොළඹ අතර ගුවන් ගමන් සිදු කරනු ඇත.   ජාතත්‍යන්තර  ගමන් මාර්ග 78ක් ඇතුළුව ප්‍රධාන නගර 187ක් සම්බන්ධ කරමින් ගුවන් සේවා ක්‍රියාත්මක වන නිරිත දිග චීනයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථනාය චෙන්ග්ඩු  සිට මෙම ගුවන් ගමන් බලපවත්වනු ඇත.

චෙන්ග්ඩු සහ කොළඹ අතර එක් සෘජු ගුවන් ගමනක් සඳහා පැය 5 කුත් මිනිත්තු 30කුත් ගතවන බව එයාර් චයිනා ගුවන් සමාගම පවසයි.  ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛ  පෙල ආගන්තුක සත්කර සන්නාමයක් වන ජෙට් වින් සමාගම එයාර් චයිනා සඳහා ශ්‍රී  ලංකා නියෝජිතයා වේ.

මෙම අවස්ථාවේදී වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවසුවේ   වෙළෙඳ හා ආර්ථික කටයුතුවලදී චීනය, ශ්‍රී ලංකාව සමග සමීපව සම්බන්ධව කටයුතු කරන බැවින්  මෙම  ගුවන් ගමන් ආරම්භ වීමත් සමගම  නිරිත දිග චීනයේ  අප රටට වඩාත් ලංවන බවයි. එමගින් ඇතිවන ආයෝජන අවස්ථා සහ   මෙරටට පැමිණෙන සංචාරක ප්‍රමාණයද වැඩි වෙනු ඇති බවයි.

මෙම අවස්ථාවට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපති  වු ජෑන්ග් හු, එයාර් චයිනා ගුවන් සමාගමේ  නිරිත දිග ශාඛාවේ සාමාන්‍යාධිකාරී කපිතාන් ලියු යොන්ග්, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විෙජ්රත්න, විධායක අධ්‍යක්ෂිකා රුවිනි  ඩයස් බණ්ඩාරනායක,  ජෙට්වින් සමාගමේ සභාපති හිරාන් කුරේ, කළමනාකාර අධ්‍යක්ෂිකා ශිරෝමාල් කුරේ,  අධ්‍යක්ෂක සුනිල් පීරිස්, සංචාරක ප්‍රවර්ධන කාර්්‍යංශයේ අධ්‍යක්ෂිකා මධුභානී පෙරේරා යන මහත්ම මහත්මීහු අතුළු එම ආයතනවල නියෝජිතයෝ රැසක්  සහභාගී වුහ.

 1 2 3 4 5 6 11 14 15 17 18 19 20 21 22 23 24 26 28

 



අදහස් (0)

එයාර් චයිනා මංගල යානයට ජල ආචාර

විකි Wednesday, 11 February 2015 03:17 PM

පිළිගැනීම හොදයි. (ර)

:       0       0

නන්දලාල් Wednesday, 11 February 2015 09:06 PM

චීන ගුවන් යානා පෝළිමේ සතියකට කීපයක් ආවාට කමක් නැහැ. හැබැයි ඒ අතරේ අපේම ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන්යානා කීයක් චීනයට යනවාද කියාත් සළකා බැලිය යුතුයි (නි)

:       0       0

ලීල් Wednesday, 11 February 2015 07:13 AM

කෝ දැන් චීනට සද්දේ දාපු අය ? පැවැතුන රජයේ සියලු චීන සංවර්දන කටයුතු මේ ගොල්ලෝ ඒගොල්ලන්ට වැඩිය වේගෙන් කරගෙන යනවා....බොරු සද්දේ ..(අ)

:       0       0

දොන් පෙරේරා Wednesday, 11 February 2015 07:18 AM

ස්තුතියි රාජපක්ෂ මහත්තමයා. එතුමා කරපු වැඩක් ඕක . අලුත් ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙමේ . (අ)

:       0       0

කොඩිතුවක්කු Wednesday, 11 February 2015 07:49 AM

ඇත්තටම අගය කරන්න ඕනි. මොකද කිවොත් සංචාරක ව්‍යාපාරයට හයියක් වේවි. වෙළද සම්බන්දතා ඇතිවීමෙන් සමහර බඩුමිල අඩුවේවි.(දිල්)

:       0       0

නිමල් Wednesday, 11 February 2015 07:59 AM

දහසක් සුබ පැතුම් (දිල්)

:       0       0

ගයාන් Wednesday, 11 February 2015 08:03 AM

අනේ මේවට මුකුත් කියන්න බයයි.අපෙත් පස්පොට්ර් කැන්සල් කරලා දැම්මොත් .(දිල්)

:       0       0

අරුණ Wednesday, 11 February 2015 08:19 AM

චීන ළමයි බොහොම හැඩයි ... ශුබ අනාගතයක් (අ)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 11 February 2015 08:48 AM

ජල අාචාර, මමනම් දැක්කමයි.(හේ)

:       0       0

දිල්ශාන් Wednesday, 11 February 2015 08:49 AM

මේ පිළිගැනීමේ උත්සවය අපූරුයි.(හේ)

:       0       0

සහන් Wednesday, 11 February 2015 09:39 AM

මත්තලට මුලින්ම ආපු යානෙටත් ජල ආචාර කළේ. මතක නැද්ද ? (බ)

:       0       0

සුමිත් Wednesday, 11 February 2015 09:47 AM

මංගලි වෙතට.. ඔව්.. ගමයා කොළඹ ගියා වගේ නේ.. (බ)

:       0       0

බණ්ඩා Wednesday, 11 February 2015 09:48 AM

මංගලි පොන්සේකා , ඔයා හදේ ඉදල අදද පොලවට ආවෙ...(බ)

:       0       0

අජිත් Wednesday, 11 February 2015 10:10 AM

සිංහලෙන් පොස්ටර් ඒක දාන්න බැරි තරමට අපේ රට කරන අයගේ කොඳු නාරටිය දිරලද..?(හේ)

:       0       0

ඇසළ Wednesday, 11 February 2015 10:17 AM

පළාත් සභා වල කට්ටිය සහභාගී වෙලා නැති නිසා බය වෙන්න දෙයක් නැහැ.(හේ)

:       0       0

එරංද Wednesday, 11 February 2015 10:30 AM

ජල ආචාර යනු ලෝක සම්මත ගුවන් යාන ආචාර ක්‍රමයයි. (හේ)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 11 February 2015 10:43 AM

තරහා ගන්න එපා ඉතින් මංගලි නොදන්නා කමටනේ අහන්නේ .(හේ)

:       0       0

නීල් Wednesday, 11 February 2015 11:30 AM

මේ කට්ටිය හරි සද්දෙ ඇති (බ)

:       0       0

ජීවා Wednesday, 11 February 2015 11:35 AM

දැන් මේ ආණ්ඩුවට චීනය හොඳයිද? එ් දවස්වල බලයට පත්වුනෙත් චීනයට වේදිකා දෙදරන්න වැඩියෙන් බැනපු නිසා නේද? මහින්දට බැන්නට මේගොල්ලෝ ඊට හපන් වගේ (බ)

:       0       0

අනුර Wednesday, 11 February 2015 12:16 PM

ඇයි අර්ජුන මහත්තයා චින්නු එක්ක ගනුදෙනු වලට ගියේ ? (නදී)

:       0       0

තිස්ස Wednesday, 11 February 2015 12:24 PM

හොදයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site