ශ්‍රී ලංකා පාටියේ සන්හිඳියාව ඇති කරන්න පහුගිය කාලේ දිගටම වැඩ කරපු රත්නපුරේ ජෝන්තුමා එක්ක මිනිපුරේම ඒකාබද්දෙ එක්කෙනෙක් දෙන්නෙක් දේශපාලන යුද්දෙක පැටලිලාලු...
මේක දිස්තිරික්කෙ නායකත්වයට තියන සටනක් බවයි අපට ආරංචි වෙන්නෙ... කොහොමින් කොහොම හරි පහුගියදා මිනිපුරේ තිබුණ ඒකාබද්දෙ රුස්වීමේදී කථිකයො ගණනාවක් ජෝන්තුමා විවේචනය කළේත් මේ කතන්දරේම කොටසක් හැටියටලු...
ඉතින් මේ උත්සවේ සංවිධානේ කරපු සමහරැන්ට ඕනවෙලා තිබුණලු මහින්ද උන්නැහේ ලවාත් ජෝන්තුමාට පොඩි ටොක්කක් අන්නවන්න...
ඒ නිසා මහින්ද උන්නැහේ කතාකරන්න පටන් ගත්තම රුස්වීම ඉදිරියෙන් හිටපු පිරිසක් ජෝන් ජෝන් කිය කියා උන්නැහේ ගැන මොනවහරි කියන්න කියලා සද්දයක් දැම්මා කියනවා...
ඒත් හොඳ දේශපාලන ඉවක් තියන මහින්ද උන්නැහේ ඒකට අහුවුණේ නැතිලු. උන්නැහේ ජෝන්තුමාට බණිනකම් බලන් හිටපු අයට කිව්වේ මෙහෙමලු... “බනින්න එපා බණින්න එපා ඔය කියන ඇමතිතුමත් ළඟදීම අපි එක්ක වාඩිවෙන්න එනවා. ඒ හින්ද පොඩ්ඩක් ඉවසල ඉඳිමු.."
මහින්ද උන්නැහේ එකම කිව්ව විතරයි එච්චරවෙලා ජෝන්තුමාට විරෝධය පෑ ජනතාව හුරේ දාන්න පටන් ගත්තාලු... වේදිකාවෙ හිටපු එක්කෙනෙක් දෙන්නෙක්ගේ මූණු ඇඹුල්වෙලා ගියාලු.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එයත් ළඟදීම විපක්ෂයෙලු