කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශයේ 2015 විශේෂවේදී දෙවන වසර සිසුන් පිරිසකගේ නිර්මාණයකට සාරවිටෙහි ඉඩක් මෙවර වෙන්වෙනවා.
කතා කරන්න බැරි වුනත්, ඇහෙන්නෙ නැති වුනත්, ගැහැනියකගේ හැඟීම් යටපත් වෙන්නෙ නැහැ වගේම... ඒ හැඟීම් බාල්දු වෙන්නෙත් නැහැ. මෙහි පෙළ ලියූ සහ නිර්මාණය කළ සුපුනි සූරියාරච්චිගේ අදහස වන්නට ඇත්තේ එයයි.
බළාපොරොත්තුවත්, හිමිකරගැනීමේ ආශාවත්, ඒකපාර්ශවික ප්‍රේමයත්, ගරිල්ලා ප්‍රකාශනයත්, විප්‍රයෝගයත්, ආදරයත් අතර දිවෙන නාටශමය ශෛලියේ කෙටි චිත්‍රපටයක නිමග්න වන්නට ඔබට කරන ආරාධනයයි මේ..
කලාත්මක වේශයකින් එන පෙමාතුර හැඟුමක පහස නොදත් තාක්ෂණික වියවුලක සිටින අප, එය වටහා ගැනීමට යොමුකරන්නා වූ නිර්මාණයක් ලෙස The Silent Song හෙවත් නිහඩ ගීතය උත්ප්‍රේරකයක් වනු ඇත.
සියළු මිනිසුන්ගේ හැඟීම් එකහා සමාන බවත්, ඒ හැඟීම් වඩා මානුෂීය වූ ගනුදෙනුවකට විවෘත බවත් සියළු සත්ත්වයෝ තේරුම් ගත යුතුය.
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුපුනි සූරියාරච්චි
කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය - විමුක්ති සෝලංගආරච්චි
රංගනය - චමරි නිසංසලා / පූජන දංදෙණිය / සංජීව ගුණරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන චිත්‍රපටයක්. මෙහි රංගන දායකත්වය ලබාදෙන චමරි නිසංසලා මෙනවිය තමන්ගේ භූමිකාව මනාව නිරූපනය කරනවා. හැඟීම් වලට කතා කළහැකි බවත්, සමස්ත චිත්‍රපටයේ තේමාව අනුව රූපරචනය සාර්ථකව සිදු වී ඇති බවත් පැවසිය හැකිය. තිර රචනය හා අධ්‍යක්ෂණය අතින් සුපුනි සූරියආරච්චි නම් නවක ප්‍රතිභා පූර්ණ සිනමාවේදිනිය දක්ෂතා දක්වා ඇති බව මගේ අවංක හැඟීමයි. මේ සියලු දෙනාටම අවංකව සුබ පැතුම් පිරිනමමි. (නි)