කොටි නායකයකු වන එමිල් කාන්තන් අද කොළඹ විශේෂ මහාධිකරණයේ පෙනී නොසිටියේ ඔහු අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් විසින් නිකුත් කැරුණු වරෙන්තුව ආපසු නොකැඳවීම නිසා යැයි ඔහුගේ නීතීඥ ලක්ෂ්මන් පෙරේරා මහතා අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කියා සිටියේය.
ඊළඟ නඩු දිනයේ ඔහු ඉදිරිපත් කරන බවට පෙරේරා මහතා පොරොන්දුවක් දුන්නේය.
මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැති ඩග්ලස් දේවානන්ද 1998 දී ඝාතනය කිරීමට තැත්කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
එමිල්කාන්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් පොලිසිය ද රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.
මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ එම නිවේදනය ද මහාධිකරණයෙන් තාවකාලිකව අත්හිටැවූ බවයටි.
එමිල්කාන්තන් උතුරු නැගෙනහිර මූල්‍ය ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ එළියට නාමල් බේබිගේ අතිජාත මිත්‍රයාගේ වැඩ කිඩ. ලන්ඩනයේදී එමිල් කාන්තන් එක්ක නාමල් බේබිල නැළවුණ වුන පින්තුර අපේ පුවත් පත්වල පලවුන බව බොහෝ දෙනෙකුට අමතක වෙලා. (අ)
මහින්දට එරෙහිව ලබා ගන්නා කොටි සාක්ෂියක්. යහපාලනයට නොතේරුනත් ජනතාවට හොඳට තේරෙනවා.(අ)
අහවලාගේ හොඳම යාලුවෙක් නේද? එක වගේ කුරුල්ලෝ එකට පියාඹනවා කියනවනේ. (නි)
හොඳයි ඔහොම යමුකෝ (නි)
අනිවාර්යෙන්ම ගෙන්වලා රටේ සමහරුන්ගේ ඇස් අරවන්න. (නි)