කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වන එමිල් කාන්තන් අත්අඩංලුවට ගන්නැයි කොළඹ මහාධිකරණය අද යළිත් වරෙන්තු නිකුත් කළේය. ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා කළුතර හිර ගෙදරදී 1998 ජූනි 30 වැනිදා කොටි සාමාජිකයන් බැලීමට ගිය අවස්ථාවේ මරා දැමීමට තැත් කළැයි ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ.
දැනට එතෙර සිටින එමිල් කාන්තන් ශ්‍රී ලංකාවට එන බව මීට කලින් කියා තිබිණි. ඔහු නොපැමිණීම නිසා නඩුව මැයි 18 වැනිදාට කල් තැබිණි. අයිරාංගනී පෙරේරා විශේෂ මහාධීකරණ විනිසුරුවරිය මෙම වරෙන්තුව නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන මත පසෙකින් තබා බැලුවහොත්, මෙයින් පෙනෙන්නේ නව රජයේ විදේශ පිළිවෙතේ සාර්ථකත්වය නොවේද ..? බටහිර ලෝකය දිනාගෙන...! (නි)