ඩුබායි සිට ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයක් අද (10) සවස හදිසියේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
එහි ගමන් කළ ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවකට ඇතිවූ හෘද්ධයාබාධයක් නිසා ගුවන් යානය කටුනායකට ගොඩ බෑමට තීරණය කළ ඇතැයි ගුවන්තොටුපොළ නිලධාරියෙක් එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තලට බෑවනම් ඉතින් ලඟපාත ඉස්පිරිතාලයක්වත් නැහැනේ. (ර)
ශ්‍රී ලංකාවේ නවීන ක්‍රම නොතිබුනත්, චැනල් සේවයෙන් හෝ අවංක දොස්තර මහතුන්ගේ සේවය ලැබේවා! දෙවියන්ගේ පිහිටයි. (නි)
එමිරේට්ස් 380 ගුවන් යානය ලංකාවේ ගොඩබාන්න පුළුවන් වෙන්නේ හදිසි අවස්ථාවකදී විතරයි. ඒ අනුව අපේ කටුනායක ගුවන් තොටුපොළට විශේෂ අවසරයක් තියනවා මේ ගුවන් යානා අත්‍යවශ්‍ය අවස්ථාවකදී ගොඩබාන්න. නැතුව මේ ගුවන් යානා ආවට ගියාට හැම ගුවන් තොටුපොළකම බාන්න බැහැ. ඒවට අවසර දෙන්න ඕනෑ ඒ ගුවන් සමාගම් විසින්. (නි)
ඕක මත්තලට ගොඩබැස්සුවා නම්, මත්තල තිබුන එක හොඳට ගියා මහින්ද මහත්තයා කරපු නුවණක්කාර වැඩේ නිසා කියලා අම්මෝ බලන්න තිබුනා කට්ටියගේ කතා (නි)
හොඳ වෙලාවට අනිත් මගින් බිමට බැස්සේ නැත්තේ. බැස්සා නම් මෙහෙ වෙන දේවල් දැකලා එයාලටත් හෘදයාබාධ හැදෙනවා. (නි)
එමිරේට්ස්හි ඩුබායි - මෙල්බර්න් යානයනම් මෙය A380 යානයක් වෙන්න ඕනෙ. එවැනි විශාල යානයක් ගොඩ බස්සවන්න එයට අවශ්‍ය සේවාවන් සපයන්න කටුනායක පහසුකම් තියෙනවද? (ර)
අපේ රටේ හදවත් ප්‍රශ්න වලට ප්‍රතිකාර කිරීම හොඳ නැති බව දන්නේ නැතුව ඇති. සිංගප්පූරු යන්න තිබුනේ අපේ සෞඛ්‍ය ඇමති වගේ. (නි)
දෙසපාලුවන් එක්ක තියෙනෙ තරහට අපිටම බැනගන්න. මහින්ද දැන් ගියා. එයාලගෙන් දැන් වැඩක් නෑ. අපිට තියෙන දෙවෙනි ඓයාර් පොර්ට් එක ගැන සතුටු වෙන්න.(කෞ)
එම මොහොත කෙනෙකුගේ ජීවිතයත්, මරණයත් අතර සටනක්. මෙය විහිලුවට ලක්කරන්න එපා. (නි)
හැමෝම අකුරට වැඩ. (ර)
හොඳ වෙලාවට කටුනායක ගුවන්තොටුපළ තිබුනේ. නැත්නම් මත්තල සිට අධිවේගී මඟෙහි කොළඹට ඉක්මනින් එන්න තිබුනා (නි)
ලංකාවේ ගුවන් සීමාවට අාවා කියලා දැනගන්න අලුත්ම ක්‍රමය ඒක වෙන්න ඇති (නි)
අනේ කලේ වනේ වාසේ කිවලු, අපේ සෞඛය ඇමති සිංගපුරුවට යනවා. ඔස්ට්‍රේලියාවේ ගැහැණු බය නැහැ අපෙන් බෙහෙත් ගන්න.(කෞ)
අපරාදේ ඕක මත්තලට ගොඩ බැස්සුවා නම් නැගලා යන නිවුස් එකක් වෙන්න තිබුනා.(හේ)