බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන තිස් හතර දෙනකු රාගම දෙල්පේ හන්දිය කුරුකුලාවේ ලැගුම්හලකින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් සියලු දෙනාම යාපනයේ පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන තිස් හතර දෙනකු රාගම දෙල්පේ හන්දිය කුරුකුලාවේ ලැගුම්හලකින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් සියලු දෙනාම යාපනයේ පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට යන එක නම් හොඳයි තමයි.ඒත් ජාවාරම්කාරයන්ගේ මාර්ගයෙන් නම් නෙවෙයි. (ස)
එපා කියන එකම නේ කරන්නේ, යා ගත්තොත් ඉතින් ගොඩ (ස)
අපේ කට්ටියගෙ හැටියක්මනේ ඕක.... (ස)
මෙතන තියෙන්නේ එකම ප්‍රශ්නයි,අලුතින් යන්න බලාගෙන ඉන්න අයට ගිහිපු අය කියන කතා ඇහුවම යන්න හිතෙනවා,මේ මිනිසුන් පුවත් පත් කියවන අය නෙමෙයි,මෙයාල දන්නේ නැහැ ගිය අයගෙන් කීයක් ගියද කීයක් මැරුනද හිරේද කියල, (ස)
කුරුකුලාව පැත්තෙත් ලැගුම්හල් තියෙනවද අදමයි ඇහුවේ.ඒ කියන්නේ ගෙවල් වලට වැඩිය දැන් ලන්ගුම්හල් වැඩි වෙලා තියෙනවා.අද කාලෙ දියුණුව. (ස)
මමනම් අහපු විධියට එක්තරා පිරිසකගේ අනුග්‍රහය නැතිව යන බෝට්ටු විතරයිලු අත්අඩංගුවට ගන්නේ?(නදී)
මිනිසුන්ගේ ඇති දීන මානසික තත්ත්වය වෙනස් කරන්න ඕනෑ (නි)
එක අතකට ඒ මිනිස්සු හරි, මේ රටේ ඉන්නවට වැඩිය හොදයි ඒ වගේ රටකටවත් යන එක (නි)
අල්ලාගෙන ආවා වගේ නොවෙයි. මොවුන්ට කරන්ට රට ඇතුලේ රස්සා තියනවද ? (අ)
ඕස්ට්‍රේලියා යන්න එපා. ඇයි මේ අපේ අයට ලංකාවේ මොනවා හරි කරලා සන්තෝෂයෙන් ඉන්න බැරි? (නි)
අපි නම් දන්නවා මේවා කරන්නේ කව්ද කියලා. (නි)
එපා කියන එකමනේ කරන්නේ (නි)
ඇත්තටම මේ මිනිසුන්ව අමාරුවේ දමන ජාවාරම්කාරයන් මැඩලීමට දැනට තියෙන නීතියේ හැටියට හැකියාවක් නැත්නම් ,නව නීති සම්පාදනය කර හෝ මෙම ජාවාරම්කරුවන්ට සහ ඔවුන්ට වචනයකින් හෝ උදව් දෙන නරුමයන්ට විසි අවුරුදු සිර දඩුවම් සහ දේපල රාජසන්තක කිරීම් කර හෝ මොවුන් මෙල්ල කළ යුතුයි. (නි)
මේ ගමනේදී විඳින්න වෙන කරදර ගැන මේ මිනිසුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ අය මුල කරලා තමයි ගමන පටන් ගන්නේ. එපා කියද්දීත් මේ ගමන යන්න හදන්නේ මේ ජාවාරමට කවුරු හරි බලගතු අය සම්බන්ධ නිසාවත්දෝ කියල මට සැකයි. (ස)
ගිය අය කියන ඒවා ඇහුවහම යන්න හිතෙන්න ඇති (නි)
අර අරෙහේ ගැහුව ගැහිල්ල නිසා ගිය ගමන දැක්ක නම් මේ ගමන 'සිම්පල්' ඇති (නි)
එපා කියන ඒවා කරන්න අපි දක්ෂයිනේ (නි)
එපා කිවුවට හරියන්නේ නැහැ අද කාලේ අයට (නි)
මෙයට සම්බන්ධ අයත් එක්කම සෝමාලියාවට යවන්න. (ස)
එපා කිවුවට හරියන්නේ නැහැ. දැන්නම් අපිටත් කොහේ හරි යන්න හිතෙනවා (නි)
එපා කියන දේම කරන එක අපේ අයගේ පුරුද්දනේ (නි)
මේ මිනිස්සු යන්න හදන්නේ ජීවත් වෙන්න තරම් ආර්ථිකය හොද නැති හින්ද මම නම් කියන්නේ මේ මිනිස්සු යන එක හරි එත් ජාවාරම් කාරයොන්ට අහුවෙන්න එපා..(ස)
රිෂාර්ඩ්,ඔයාල වගේ අරාබිය වර්ණනා කරන මුස්ලිම් අයට අරාබියට බෝට්ටුවෙන් ගිහින් පදිංචි වෙන්න පුළුවන්නේ.මොකද එහෙට ගියා කියලා කුඩුවේ දාන්නේ නැහැනේ. (නි)
ඇයි මිනිසුනේ, කොච්චර හොදින් කිවුවත් අහන්නේ නැත්තේ? සල්ලි ගොඩක් මුහුදට දාලා ඉන්න තත්ත්වයට වැඩ කරගන්නද යන්න හදන්නේ. මෙහෙ ඇවිල්ලා මොනවා කරන්නද ?දැන් අලුත් නීතිය අනුව ඕස්ට්‍රේලියා ගොඩබිමට ගන්නෙ නැහැ. (නි)
මෙයාලා ලංකාවෙන් යන තරමට තමයි අපි නම් සතුටු (නි)
දැන්නම් අපිටත් කොහේ හරි යන්න හිතෙනවා (නි)