කතරගම බුත්තල පාරේ වල් අලියනට කෑම නොදෙන ලෙස වනජීවී නිලධරයන් කොතරම් කීවත් පාරේ යන එන අය එය නොසලකා හරිති.
කෑමට පුරුදු වු අලින්ගෙන් කොයි වේලාවක හෝ අනතුරක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
කතරගම බුත්තල පාරේ වල් අලියනට කෑම නොදෙන ලෙස වනජීවී නිලධරයන් කොතරම් කීවත් පාරේ යන එන අය එය නොසලකා හරිති.
කෑමට පුරුදු වු අලින්ගෙන් කොයි වේලාවක හෝ අනතුරක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම- බුත්තල මාර්ගය ප්‍රසිද්ධ වෙන කිසි දෙයක් නිසා නෙමේයි මේ සුන්දර සත්තු හින්ද. වල් අලි නැති කතරගම බුත්තල පාරක් මොකටද? අපි නම් ඔය පරෙයන්නේ කොයි වෙලාවක හරි වල් අලියෙක් දකින අසාවෙන්, මුන්ට කෑම දෙන එක සතුටක්. ඒ සතුට අපිට දෙන්න. අලි වැටක් ගහන්න, සංචාරක ආකර්ෂණය ඇති පාරක් කලාපයක් ලෙස සලකා (දී)
සතුනට කෑම දීම නීතියෙන් තහනම්. සතුටක් ලබනවා ඇති. ඔබ සතුනට ආදරේ නම් ආහාර දීමෙන් වළකින්න. වල් අලියකු පසුපස ගොස් කෙසෙල් ඇවරියක් දුන් හිමිනමක් මරා දැම්මා සති කීපයකට පෙර. මේ අලියා කුලප්පු වුණොත්...? මේ පුද්ගලයාට යතුරු පැදියේ වේගය වැඩි කරන්න අමතක වී යාවි. (නි)
මෙයට වසර තුන කට හතර කට පෙර උඩවලවේ වයස දහයක විතර ළමයෙක් විදුලි වැටෙන් එහා හිටිය අලියෙකුට කෑම දෙන්න ගිහින් අලියා ළමයව මැරුවා. මේ අලියත් ලගදීම කරදරයක් නොකරයි කියලා කියන්න බැහැ.(නදී)
මෙතන තියන ලොකුම ගැටළුව තමයි මේ අලි පාරට එන්නේ කොහොමද කියන එක නේද? අනිත් එක මේ අහිංසක අලින්ට ඇති වෙන්න කන්න තියෙනවා නම් මෙහෙම අපෙන් කෑම කන්නේ නැහැ.(නදී)
මිනිස්සු ඉල්ලගෙන තමයි අලින්ගෙන් පහර කන්නේ (දී)
මේවා මොලයක් නැති අයගේ වැඩ... මොකෝ හෝට න් තැන්නේ එපා කියද්දී කම දාල කපුටෝ ගෙන්නගන්නවා.ඒ එන කපුටෝ එහාට ප්‍රස්නයක්.පාරේ කෙල ගහන්ට එපා. පාරේ කුණු දාන්ට එපා.. හැමතැනින්ම පාර පනින්ට එපා.අපි උතුම් උතුම් කියල පුරාජේරු වැයුවට වැඩක් නැ ... වැඩ ඕන වැඩ..... (දී)
පාර මැද්දෙම කැමටික දැමීම ඉතාමත්ම වැරදිය , කැලය පැත්තට දමනවා නම් සතා පාරෙන් මදකට හෝ අයින් වෙනවනේ, මේකෙන් සතා පාරේ මැදම ඉන්න පුරුදු වෙනවා, මෙහෙම ගියොත් කෑම පාරේ දමන අයව අල්ලන්න පොලිසිය යොදවන්න වෙනවා, මෙය තව ඉදරියට ලොකු ප්‍රශ්නයක් වෙනවා, (දී)
සත්තුන්ට තියෙන ආදරේ නොවෙයි ඔය (දී)
ඔහොම කෑම දෙන අයම එකතුවෙලා කෙනෙක් මියගියදාට ආරක්ෂාව නැහැ කියලා උද්ඝෝෂණය කරාවි. මිනිස්සුන්ට වඩා සතුන්ට හොඳට මොළය තිබෙනවා දැන්. (නි)
කවුද ගොන් අලියා (ස)
ඔය අලියට මමත් කෙසෙල් ඇවරියක් දීලා තිබෙනවා. එයා කරදර කරන්නේ නැහැ (නි)
සුමේද, රංගන, මෙම ඡායාරූප වල පෙනෙන කැළය තුළ අලින්ට කන්න ඇතිවෙන්න කොළ නැත කියන කතාව අනුව ඔබේ නුවණ පෙනෙනවා.ඔබ වගේම රසට කන්න අලිත් කැමතියි.මිනිසුන් දෙන රස පලතුරු වලට පුරුදු වුණහම අලි ඔහොම එනවා. වල් අලි ගම්වැද ගෙවල් කඩන්නේ ලුණු සහ වී කෑමට බව ඔබ දන්නවාද? (නි)
සත්ත්ව කරුණාව දක්වන්න ඕනෑ තමන්ගේ ආරක්ෂාවත් සිහියට අරගෙන. ගිරවෙකුට පළතුරු දෙන්න ගිය මගේ අසල්වැසි දියණියකට ගිරවා මුහුණට කොටලා යන්තම් ඇස බේරිලා තිබුනේ. (නි)
ඕවා සුලු දේවල්... (නි)
මිනිස්සු තමන්ගේ අතේ මොනවා හරි මිට මොළවාගෙන යන්නේ, අලින්ට තිබෙන ආදරේට නෙවෙයි. තමන්ගේ ජීවිතේට මොකක් හරි තර්ජනයක් ඒ සතුන්ගෙන් එයි කියලා. කෑම ටික විසිකළහම සත්තු ඒකට අවධානය යොමු කරනවා, එතකොට හීන් සීරුවෙ මාරු වෙනවා. ආත්මාරක්ෂාවට කෑම දෙන එකද මේ කරන්න එපා කියලා කියන්නෙ? තව පුළුවන් තරම් කැළෑ ටික එළිකරන්න දීලා බලාගෙන ඉන්න. (නි)
මට නම් පෙන්නේ මෙයා පාරට වෙලා කප්පම් ඉල්ලන බවකුයි ..(දී)
කතරගම බුත්තල මාර්ගය දෙපස කෙසෙල් ගස් හිටවමුද? එතකොට දෙපැත්තේම ඉන්න අලි ඇවිල්ලා කෙසෙල් කාලා පාරත් මාරු නොවී නැවත යාවි. මොකද කියන්නේ? (නි)
කෑම නොදුන්නොත් යන්න දෙන්නෙ නැහැ කිවුවට එහෙම බවක් නම් පෙනෙන්න නැහැ (නි)
අලි පළතුරු කෑමට කැමතියි.දැන් කෑම කෑමට පුරුදු වී ඇති බැවින් ඔවුන් පාරට පැමිණේ.කාලයක් නොදී හිටියොත් මෙය වෙනස් කළ හැක. දැන් දැන් අලි පැටවූ අල්ලා ගැනීම වැඩියෙන් සිදුවේ.කරුණාකර අපේ ඇතිවන ආදර සිතිවිලි ඔවුන්ටත් ඇතිවන බව සිතන්න.ඔවුන්ගේ නිදහස නිදහසේ විඳින්න ඉඩදෙන්න. වනජීවී දෙපාර්තමේන්තුව වන ජීවීන්ගේ ආරක්ෂාව ගැන සිතන්න. (නි)
රොෂාන් , සුළු දේවල් යන්නෙන් ඔබ අදහස් කලේ මොකද්ද? අලියන් නිසා පැමිණෙන අලි කරදර ද ? මොකක් වුනත් අනතුරක් නම් නුලෙන් බේරුනා වුනත් සුළු කොට තකන්න නොහැකි බව තමා මම නම් දකින්නේ . (ස)
" එපා කිව්වට අහන්නේ නෑ " දැන් කියලා වැඩක් නැහැ.අලි ඒවාට පුරුදු වෙලා ඉවරයි.අලි මහා මාර්ගයට නොඑන්න වැඩ පිළිවලක් යොදන්න.(ස)
සිංහලයන් සතුන්ට ආහාර දීමට කැමතියි.(නදී)
දෙන්න දෙන්න තව දෙන්න අලියා ගැහුවහම අලියා මරන්න (දී)
සත්තුට කෑම දෙන එක පිනක් තමයි . ඒ උනට මේවාට කියන්ඩ තියන්නේ පින්කන් නෙවේ මෝඩ කම කියලා. (දී)
මොනවා වුණත් හොඳ හිතින් දෙන දෙයක්නේ (නි)
කෑම නොදී මෙයා මෙතනින් යන්න දෙන්නෙ නැහැ. පාරේ භාගයක්ම වහගෙන ඉන්නේ. (නි)
මම හිතන්නේ නැහැ මේ සතුන්ගෙන් හිරිහැරයක් වෙයි කියලා. අපි සතුන්ට ආදරය පෙන්වන්නේ කන්න දීලා. පාරට සේන්දු නොවෙන්න අලි වැටක් ගහන්න. (නි)
අලියට මොළය තිබුනට නරයට ඒක නැහැනේ (නි)
රණතුංග හරි. උන දේ උනා නේ. (දී)
වනාන්තර ආශ්‍රිතව ඇති ලොකු කුඩා සියලුම මාර්ග දෙපස නිසි පරිදි පවත්වාගෙන යන විදුලි වැට පද්ධතියක් සවිකිරීම සහ ඒවා නිසි අයුරින් නඩත්තු කිරීම තමා අලි හෝ වෙනත් වන සතුන් සහ අධි දුෂ්කරතා මැද්දේ දිවි ගැටගසාගන්නට උත්සාහ දරන දුප්පත් ගැමියන් අතර ඇති ගැටලුව විසඳීමට ඇති හොඳම සහ එකම පිළිතුර. මෙය මහා ලොකු ව්‍යාපෘතියක් නොවේ. අප්‍රිකාවේ අපට වඩා දුප්පත් රටවල මෙය ඉතා හොඳින් ක්‍රියාත්මකවෙයි. අපට අවශ්‍ය ඒ ගැන උවමනාවක් ඇතිකර ගැනීම පමණකි. විදුලි වැට සවිකල කෙනාගේ පින්තුර සහ ඒ පිලිබඳ පම්පෝරිය වැට දිගටම අලවා ගැනීමට ඉඩදී හෝ මෙය ඉක්මනින් ක්‍රියාත්මක කල යුතු දෙයකි.(නදී)
අලින් මරණ එකයි, අලි පැටවුන් හොරකම් කරන එකයි නවත්වන්ඩ ඕන. (දී)
ඔබ හරි චානි (නි)